IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


“බැඳුම්කර හොරු අල්ලන්නැයි කී රන්ජන්ව අත්අඩංගුවට අරගෙන”

(චන්ද්‍රසේන ගමගේ)
 
බැඳුම්කර වංචාවට හවුල්වූවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා  අත්අඩංගුවට ගෙන ඇති නමුත්,  වත්මන් ආණ්ඩුව බැඳුම්කර හොරු ආරක්ෂා කරමින් සිටිනා බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අද(05)  පැවසීය.
 
කළමැටිය ප්‍රදේශයේ කොරියානු ආධාර යටතේ ඉදිකරන ලද නිවාසවල පදිංචිකරුවන්ට පානීය ජලය හා විදුලිය නොමැති වීම හේතුවෙන් මතු වූ ගැටළු ගැන විමසීම සඳහා කළමැටියට පැමිණි මන්ත්‍රීවරයා මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළතුරු සපයමින් එසේ පැවසීය.
 
ඒ මහතා මෙසේද කීය.
 
“මේ ආණ්ඩුව බලයට පැමිණියේ අපේ ආණ්ඩු කාලයේ බවට චෝදනා ලැබූ මහ බැංකු බැඳුම්කර වංචාවට සමබන්ධ වූවන්ට නීතිය ක්‍රියාත්මක කරනවා කියලායි. රංජන් රාමනායක මන්ත්‍රීවරයාත් නිරන්තරයෙන් කිව්වේ මහබැංකු වංචාවට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගන්න කියලාටි. නමුත් දැන් වී තිබෙන්නේ හොරු අල්ලන්න කියපු අය අත්අඩංගුවට ගැනීමයි.
 
මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්න නම් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙන්න කියලා උදය ගම්මන්පිළ, විමල් වීරවංශ පසුගිය කාලය පුරා වේදිකාවල මොර දුන්නා. මේ රටේ මහා සංඝරත්නය හොරු අල්ලන්න  ගෝඨාභයට ඡන්දය දෙන්න කියා මේ රටේ මහජනතාවගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව මේ රටේ ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කළා.
 
මම අගමැතිවරයාගෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. මහබැංකු වංචාවට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්න කියලා” යැයිද මන්ත්‍රීවරයා කීය.

 

 



අදහස් (2)

“බැඳුම්කර හොරු අල්ලන්නැයි කී රන්ජන්ව අත්අඩංගුවට අරගෙන”

rama Sunday, 05 January 2020 09:35 AM

ඉතින් දිලිප් මේ ඔහෙලගේ අගමැති රනිල් දාපු පොලිස් කොමිසම කරන දේවල්නේ. රනිල් තමා කියන්න ඇත්තේ රන්ජන් ගන්න කියලා. ඒකෙන් ආණ්ඩුවට අපකීර්තියක් එනවාඑ. රන්ජන් ජනප්‍රිය වෙනවා. මේකත් ඔහෙලගෙ වැඩක්ම තමා. අලුත් ආණ්ඩුවෙන් කියන්නේ නෑ අරයා ගන්න මෙය ගන්න කියලා. ඔහෙලගෙ ආණ්ඩුවේ පාටලී රාජිත අනුරකුමාර රනිල් වගේ කට්ටිය තම පොලිස් කොමිසමට කිව්වේ අරයා මෙයා ගන්න කියලා.

:       0       0

විභීෂණSunday, 05 January 2020 01:13 PM

ලංකාව ඉතාම දියුණු තත්වයක තිබුණේ රාවණා කාලයේ කියලා අසා තිබෙනවා. ඒ කාලයේ දඬුමොණරයෙන් රාවණා රජතුමා ගමන් ගිය බවත් කියැවෙනවා. ‍සියලු දෙයින්ම දියුණුව තිබුණු මෙම රට විනාශ කලේ රාමා කියපු කල්ලතෝනියෙක් කියලත් කියැවෙනවා.

:       0       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1469 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1316 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site