(මුදිතා දයානන්ද)
බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව කියන්නේ ජවිපෙත් එජාපයත් එක්ව නටන නාඩගමක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (28) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදි ඔහු මෙසේද පැවසීය.
මහින්ද රාජපක්ෂත් බැඳුම්කර හොරකම් කළාය, ඒ වංචාව අපේ කාලයේ වුණ වංචාවට වඩා වැඩිය, කිය කියා එක්සත් ජාතික පක්ෂයේ අය දැන් අලූත් නාඩගමක් පටන් අරන්. ජනතා විමුක්ති පෙරමුණත් ඒක අනුමත කරමින් වෝහාරික විගණන වාර්තාවක් ගැනම කිය කියා ඉන්නවා.
මේ වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වෙනවා ඉතාමත් රහසිගතයි කියලා. මේ හැම පිටුවකම පාර්ලිමේන්තු කොපි කියලා සටහන් කරලා තියෙන්නේම එයින් පිටවීඹ වළක්වා ගන්නයි. දැන් එය උපටා ගනිමින් කියලා ජවිපෙ හා එජාපයේ අය මාධ්‍ය සාකච්ඡාවල විවිධ දේවල් කියමින් ඉන්නවා. මහින්ද රාජපක්ෂ කාලයේත් බැඳුම්කර හොරකම් සිදුවුණා. එයින් 2015 සිදුවුණ වංචාවට වඩා වැඩි පාඩුවක් සිදුවුණා කියලත් කියනවා.
මේ වාර්තාව හදලා තියෙන්නේ ඉන්දියානු සමාගමක්. ඒකට වැඬේ භාරදෙන්න තීන්දු කරන්නේ මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය. ඔවුන් මේ වැඬේ බාරදුන්නේ තමන්ගේ හිතවතෙකුට. ඒ නිසා මේක හොරාගේ අම්මාගෙන් නෙවෙයි හොරාගෙන්ම පේන අහනවා වගේ වැඩක්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පසුගිය මැතිවරණ කාලයේ වේදිකාවල් ගානේ කිව්වානේද බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනවා කියලා. දැන් මේ මොනවද කියන්නේ? විපක්ෂයේ ඉන්නකොට එක මතයකත්, ආණ්ඩුවේ ඉන්නකොට තවත් මතයකත් ඉන්න මේවගේ දෙපිටකාට්ටුවෝද මේ රට පාලනය කරන්නේ? බොරු කතා කියන්නේ නැතිව පැත්තකට වෙලා හිටියොත් හොඳයි. බන්දුලත් බැඳුම්කර වංචාව නිකම්ම අමතකකරලා වගෙයි. මේ ගැන වචනයක් වත් කියන්නේ නැහැ. එතකොට මේ ගැන පහුගිය ආණ්ඩු කාලයේ ඔහු බැඳුම්කර මන්තරයමයි හැමතැනම කියාගෙන ගියේ...
වෝහාරික වාර්තාව එනතුරු ප්‍රතිමල්ලවයාට තලන්න බලා සිටි මොහුට සිදුවුයේ බලවත් ඇබැද්දියකි. ඒ ඔහු නියෝජිත දේශපාලන ප්‍රවාහයද ප්‍රතිමල්ලවයාට නොදෙවනි ලෙස මුදල් අවභාවිතයට ගෙන ඇති බව නිරාවරණය වීම නිසාය.
මේක හදලා තියෙන්නේ එංගලන්ත සමාගමක්. ලෝකයේ තිබෙන විශිෂ්ටම සමාගමක්. මෙයා කියන්නේ මොනවාද කියලා බුද්ධිමත්ව අසන්න. දැන් මතකයිනේ එම්.සී.සී ගැන කියපුවයි දැන් කියන ඒවයි. මේ අලි හොරෙක්. ඕස්ට්‍රේලියන් ජාතිකයෙකුට වංචා කරලා මෙහෙට පැනලා ඉන්නේ.
හොඳා. අපි එක නාඩගමක් දැක්කා කියමු. එහෙම හිතමු. දැන් ඔයගොල්ලන්ගේ බැඳුම්කර නාඩගම අරගෙන වේදිකාවට එන්නකෝ. ඔයාල නටන හැටිත් එතකොට අපිට බලාගන්න පිළිවනි නේ. ඔයා ඒ නාඩගමේ පොතේ ගුරාට නියමෙට ගැලපෙනවා.
එතකොට දැන් කවුරුවත් වැරදි නැහැ කියලද කියන්නේ. දඬුවම් කෙසේ වෙතත් ප්‍රශ්නය යට ගහන්න ගන්න උත්සාහයක තරම අපට පෙනෙනවා.
මුලින් කිව්වේ ඇමරිකන් විගණන සමාගමක් කළා කියලා. බැලුවම ඉන්දියන් එකක්නේ. අපරාදේ කෝටි 90. විගණකාධිපති කළානම් ලක්ෂ 50 ක් යාවි.