IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


බැඳුම්කරේ වෝහාරික විගණන වාර්තාව කියන්නේ ජවිපෙ-එජාප නාඩගමක්

(මුදිතා දයානන්ද)

බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව කියන්නේ ජවිපෙත් එජාපයත් එක්ව නටන නාඩගමක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (28) පැවසීය.

ඔහු මේ බව පැවසුයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදි ඔහු මෙසේද පැවසීය.

මහින්ද රාජපක්ෂත් බැඳුම්කර හොරකම් කළාය, ඒ වංචාව අපේ කාලයේ වුණ වංචාවට වඩා වැඩිය, කිය කියා එක්සත් ජාතික පක්ෂයේ අය දැන් අලූත් නාඩගමක් පටන් අරන්. ජනතා විමුක්ති පෙරමුණත් ඒක අනුමත කරමින් වෝහාරික විගණන වාර්තාවක් ගැනම කිය කියා ඉන්නවා.

මේ වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වෙනවා ඉතාමත් රහසිගතයි කියලා. මේ හැම පිටුවකම පාර්ලිමේන්තු කොපි කියලා සටහන් කරලා තියෙන්නේම එයින් පිටවීඹ වළක්වා ගන්නයි. දැන් එය උපටා ගනිමින් කියලා ජවිපෙ හා එජාපයේ අය මාධ්‍ය සාකච්ඡාවල විවිධ දේවල් කියමින් ඉන්නවා. මහින්ද රාජපක්ෂ කාලයේත් බැඳුම්කර හොරකම් සිදුවුණා. එයින් 2015 සිදුවුණ වංචාවට වඩා වැඩි පාඩුවක් සිදුවුණා කියලත් කියනවා.

මේ වාර්තාව හදලා තියෙන්නේ ඉන්දියානු සමාගමක්. ඒකට වැඬේ භාරදෙන්න තීන්දු කරන්නේ මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය. ඔවුන් මේ වැඬේ බාරදුන්නේ තමන්ගේ හිතවතෙකුට. ඒ නිසා මේක හොරාගේ අම්මාගෙන් නෙවෙයි හොරාගෙන්ම පේන අහනවා වගේ වැඩක්.

             



අදහස් (6)

බැඳුම්කරේ වෝහාරික විගණන වාර්තාව කියන්නේ ජවිපෙ-එජාප නාඩගමක්

Rohana Tuesday, 28 January 2020 12:45 PM

එතකොට පසුගිය මැතිවරණ කාලයේ වේදිකාවල් ගානේ කිව්වානේද බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනවා කියලා. දැන් මේ මොනවද කියන්නේ? විපක්ෂයේ ඉන්නකොට එක මතයකත්, ආණ්ඩුවේ ඉන්නකොට තවත් මතයකත් ඉන්න මේවගේ දෙපිටකාට්ටුවෝද මේ රට පාලනය කරන්නේ? බොරු කතා කියන්නේ නැතිව පැත්තකට වෙලා හිටියොත් හොඳයි. බන්දුලත් බැඳුම්කර වංචාව නිකම්ම අමතකකරලා වගෙයි. මේ ගැන වචනයක් වත් කියන්නේ නැහැ. එතකොට මේ ගැන පහුගිය ආණ්ඩු කාලයේ ඔහු බැඳුම්කර මන්තරයමයි හැමතැනම කියාගෙන ගියේ...

:       7       29

සමන් Tuesday, 28 January 2020 04:00 PM

වෝහාරික වාර්තාව එනතුරු ප්‍රතිමල්ලවයාට තලන්න බලා සිටි මොහුට සිදුවුයේ බලවත් ඇබැද්දියකි. ඒ ඔහු නියෝජිත දේශපාලන ප්‍රවාහයද ප්‍රතිමල්ලවයාට නොදෙවනි ලෙස මුදල් අවභාවිතයට ගෙන ඇති බව නිරාවරණය වීම නිසාය.

:       4       22

sudesh Tuesday, 28 January 2020 07:15 PM

මේක හදලා තියෙන්නේ එංගලන්ත සමාගමක්. ලෝකයේ තිබෙන විශිෂ්ටම සමාගමක්. මෙයා කියන්නේ මොනවාද කියලා බුද්ධිමත්ව අසන්න. දැන් මතකයිනේ එම්.සී.සී ගැන කියපුවයි දැන් කියන ඒවයි. මේ අලි හොරෙක්. ඕස්ට්‍රේලියන් ජාතිකයෙකුට වංචා කරලා මෙහෙට පැනලා ඉන්නේ.

:       12       77

Nimal Wednesday, 29 January 2020 06:29 AM

හොඳා. අපි එක නාඩගමක් දැක්කා කියමු. එහෙම හිතමු. දැන් ඔයගොල්ලන්ගේ බැඳුම්කර නාඩගම අරගෙන වේදිකාවට එන්නකෝ. ඔයාල නටන හැටිත් එතකොට අපිට බලාගන්න පිළිවනි නේ. ඔයා ඒ නාඩගමේ පොතේ ගුරාට නියමෙට ගැලපෙනවා.

:       8       22

Rohana Wednesday, 29 January 2020 07:20 AM

එතකොට දැන් කවුරුවත් වැරදි නැහැ කියලද කියන්නේ. දඬුවම් කෙසේ වෙතත් ප්‍රශ්නය යට ගහන්න ගන්න උත්සාහයක තරම අපට පෙනෙනවා.

:       4       37

aruna Wednesday, 29 January 2020 07:31 AM

මුලින් කිව්වේ ඇමරිකන් විගණන සමාගමක් කළා කියලා. බැලුවම ඉන්දියන් එකක්නේ. අපරාදේ කෝටි 90. විගණකාධිපති කළානම් ලක්ෂ 50 ක් යාවි.

:       19       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site