(විනීතා එම් ගමගේ)
ආණ්ඩුව හදන්නේ බැඳුම්කර වාර්තාව පිළිබඳ කතාබහ පෙබරවාරි 10තෙක් ඇදගෙන ගොස් ඡන්දයෙන් පසු එය හමස් පෙට්ටියට දමා වසා දැමීමට යැයි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහමඩ් මුසම්මිල් මහතා ප‍්‍රකාශ කළේය.
බැඳුම්කර වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක‍්‍රියාවට නැංවීම පසෙක ලා එය පදනම් කරමින් ‘බොරු රණ්ඩුවක්’ හදාගෙන ඇති ආණ්ඩුවේ නිල් - කොළ හා රතු පළු පෙබරවාරි 10වැනිදා තම තමන්ගේ ඡන්ද මලූ පුරවා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බව ද ඔහු පැවැසීය.
එම සියලු ගැටුම් පෙබරවාරි 10 වැනිදායින් අවසන් වන බවත් ඉන්පසු බැඳුම්කර වාර්තාව හමස් පෙට්ටියට දමා යතුරු දැමීම මේ අයගේ අපේක්ෂාව බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මොහොමඞ් මුසම්මිල් මහතා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
‘‘බැදුම්කර කොමිෂන් සභා වාර්තාවේ ඉංග‍්‍රීසි පිටපත් පමණයි පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ලබා දී තිබෙන්නේ. ස්ථාවර නියෝග අනුව සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි යන ත්‍රෛභාෂා පිටපත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්න්ට ලබා දිය යුතුව තිබෙනවා. ත්‍රෛභාෂා පිටපත් ලබා නොදුන්නොත් ජනවාරි 23 වැනිදා ද මේ බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයක් පැවැත්වීමට ඉඩ ලැබෙන්නේ නැහැ. එජාප නායකයින්ගේ සම්බන්ධය’ ජනාධිපතිවරයා නොපැවසුවාට අපට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වී තිබෙනවා. මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ තැන් කිහිපයකම එජාප නායක රනිල් වික‍්‍රමසිංහ, උප නායක රවී කරුණානායක, සභාපති මලික් සමරවික‍්‍රම හා මහලේකම් කබීර් හෂීම් යන අයගේ නම් සදහන් ව ඇති බව. මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක මෙරට දේශපාලන පක්ෂයක නම කියැවෙන්නේ ප‍්‍රථම වතාවට‘‘ යැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඬසාලේ ආසනයේ ගෝනවල ග්‍රාමයේ ඉතා දුපත් පවුලක ඉපිද ස්ව උත්සාහයෙන් දියුණු වී ඉතා සැපවත් දිවියක් ගෙවන මුසම්මිල් මැතිඳුනි ඔබ ගැන ඉතා ආඩම්ඹරයි. හැමෝම ගිලෙන නැවෙන් පැන යද්දී තමාට තාන්න මාන්න ලබා දුන් නායකයා රැක ගැනීමට පෙනී සිටින ඔබ කළගුණ හඳුනන උතුමෙකි.
මේ පක්‍ෂයේ දැන් ඉතුරු වෙලා ඉන්නේ මෙයයි මෙයාගෙ නායකයයි විතරයි. තනතුරු තණ්හාවට ජ.වි.පෙ. බිඳ දමා දුර්වල කිරීමේ විපාක තමා අද මේ රටට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ජ.වි.පෙ. ශක්තිමත්ව සිටියානම් මේ ආණ්ඬු දෙකටම මේ විදිහට ජාතික ධනය කොල්ල කන්න ඉඩ ලැබෙන්නේ නෑ.
ඔබලා රජ කරද්දී කරපු හෙන ගහන වංචා දුෂණ දැන් හමස් පෙට්ටියේ නෙමේද ?
මුසම්මිල්, විල්පත්තු වන විනාශය ගැන තමුන්ගේ මතය මොකක්ද?
මුසම්මිල් මහත්තයෝ, ඔබ ඇතුළු සෙට් එකම කියන දේ පිළිගන්න අතලොස්සක් ඉන්නවා තමයි. ඔබගේ පක්ෂයේ ඔබද ඇතුළුව ලොකු ලොකු අය කර ඇති දේවලුත්, ඒවා වසා ගන්න කියපු දේවලුත් මහජනතාවගේ බහුතරයක් හොඳාකාරවම දනිති. කළු සුදුවලින් ඇති යමක් පිළිබඳව, ඉතා විශ්වාස කටයුතු මාර්ගයෙන් දැනගන්න ලැබුණාය කියමින්, තමුන් නුරුස්සන කණ්ඩායමේ අයගේ නම් කියකියා, ඇඟිලි දික් කරමින් බුද්ධිමත් ජනතාවගේ ඔළුගෙඩි කුරුවල් කිරීමේ සූදුවේ යෙදෙන ඔබට, ඒ ඉතා විශ්වාස කටයුතු මාර්ගයෙන් ඔච්චරමද දැනගන්න ලැබුනේ? අනුන්ට මඩ හරි, අසුචි හරි ගහනකොට ඒවා තමුන්ගේ අත්වලත් තැවරිලා තිබෙන බව තමුන්ට දැනෙන්නේ තමුන්ගේම නහය පිස දමන වෙලාවක තමයි. එතෙක් ඔබම දන්නේ නැත.
අනිත්පැත්තෙන් මෙයාගේ ලොක්කගේ වංචාවල් වලට හොර පාස් පෝට් වලට දඬුවම් දීම ඊළඟ ආණ්ඩුව වෙනකම් නැද්ද?
ඥාතෘන්ට රජයේ ගෙවල් සංග්‍රහයේ වාර්තාවත් හංගන්න එපා කියන්න හොඳේ...
මෙයාලගෙ පක්‍ෂයේ දැන් ඉතුරු වෙලා ඉන්නේ මෙයයි මෙයාගෙ නායකයයි විතරයි. ජ.වි.පෙ. කඩා බිඳ දමා දුර්වල කිරීමේ විපාක තමයි අද මේ රටම විඳින්නේ. ජ.වි.පෙ. ශක්තිමත්ව තිබුණානම් දෙපැත්තෙම හොරුන්ට මේ විදිහට මහජන දේපළ හොරා කන්න ලැබෙන්නේ නෑ.
පරණ ආණ්ඩුව වගේ සුදු වෑන් වලට දාන්නේ නැනේ!
මෝඩ කතාවක් නේද කිව්වේ ඔයා? දැන් ආණ්ඩුව කරන්නේ කව්ද චන්ද්‍ර ?