චන්ද්‍රසේන ගමගේ
මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ එජාප ඇමැතිවරුන් මැතිවරණයට පෙර හෝ පසු අත්අඩංගුවට ගැනීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ අඟුණකොළපැලැස්සේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගී වෙමිනි.
‘මහබැංකු හොරකම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අර්ජුන ඇලෝසියස් ගෙන් හා කසුන් පලිසේනගෙන් පමණක් මේ අත් අඩංගුවට ගැනීම නවතින්නේ නෑ. මේ හොරකමට සම්බන්ධ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුත් මැතිවරණයට පෙර හෝ පසුව අත් අඩංගුවට ගත්තා කියලා මේ රටේ ජනතාවට ඉදිරියේදී දැනගන්න ලැබෙනවා.
අපේ දේශපාලන විරුද්ධවාදීන් මේ අත් අඩංගුවට ගැනීම දේශපාලන වාසි ගන්න කරපු එකක් බවට හදුන්වන්න උත්සාහ ගන්නවා. මේ රටේ හිටපු අසාර්ථකම විදේශ ඇමති ජී.එල් පීරිස් කියනවා හෙටට නියමිත් බැදුම් කර විවාදය නවත්වන්න සූදානමක් තියෙනවා කියලා . එම විවාදය නවත්වන්න එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කරන්නේ ජී.එල්. පීරිස්ලා. හෙට අපි දෙපැත්තෙම හොරු රොත්තම කවුද කියලා මේ රටට හදුන්වා දෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ කියන්න බැහැ... මේ උන්දැත් ඉඳලා හිටලා විහිළු සපයනවා.
ඉස්සෙල්ල ඔබතුමන්ලා රජ කරපු සමයේ වෙච්ච වංචා දුෂණ වලට සම්බන්ද මැති ඇමතිවරුන් අත් අඩංගුවට ගන්න. අඩු ගානේ රාජසන්තක කරපු භාණ්ඩ වලටවත් වෙච්ච දෙයක් නැහැ . ඊට පස්සේ බැදුම්කරේ ගැනත් බලන්න ඡන්ද ගුණ්ඩු නොදමා. ඕවා අවුරුදු ගානක් තිස්සේ වයසට යනකල් කරපු දේශපාලනේ . මහජනයා රැවටීම මිස රටට කරපු සෙතක් නැහැ.
ආණ්ඩුවේ ඔබ දරන ස්ථානය අනුව නම් සාමාන්‍ය රතිඥ්ඥා පත්තු කරලා අලි එලවන්න බැහැ. අලි වෙඩි ගහලත් අලියා යන්නේ නැත්නම් බෝම්බයක් අත හැරලා හරි ජනතාවව මේ සොරුන්ගෙන් බේර ගන්න යුහුසුළු වෙන්න.
බැඳුම්කර විවාදයට නොසිට හොරුන්ට සහයෝගය දක්වපු ශ්‍රී ලංකා කාරයෝ කොහේද එජාප ඇමැතිවරුන් අත්අඩංගුවට ගන්නේ?
කමක් නෑ, මේ විහිළු ඔක්කොම අද (07) රෑ 12.00 වෙනතුරු විතරනේ.
ඕව කරල පෙන්වන්න කලින් පුළුවන් නම් අධිකරණ වරෙන්තු නිකුත් කරල තිබෙන අර්ජුන මහේන්ද්‍රන්ව අධිකරණයට ඉදිරිපත් කරල පෙන්වන්න. හැමදාම විහිළු සපයන්නෙ නැතුව.