චමිල් රුපසිංහ
රැඳවියන් බන්ධනාගාරය තුළ සිට කුඩු ජාවාරමේ නිරත වන්නේනම් බන්ධනාගාර කොමසාරිස්වරයා ඉල්ලා අස්විය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය.
ලාල් කාන්ත මහතා මේ බව පැවැසුවේ අද (16) යටිනුවර කුරුදුවත්තේදී පැවැති ජන හමුවකදීය.
එහිදි ලාල් කාන්ත මහතා මෙසේද පැවැසීය.
‘‘වත්මන් ආණ්ඩුවට කිසිවක් කරන්නටවත් අයහපත් දේ නවත්තන්නටවත් පුලුවන් වෙලා නෑ.තමන්ගෙ බැරිකම් වලට නොහැකියාවට ජනතාවගෙන් චෝදනා එල්ල වෙනකොට ජනාධිපතිවරයා කියනවා මම කට්ටියක් එල්ලල මරන්න අත්සන් කරන්න කැමැතියි කියල.
අපේ රටේ දේශපාලනඥයන්ට කුඩු විකුනන්න නිදහස දීල තියෙනවා. දේශපාලඥයො කුඩු බෙදා හරිනවා. හිටපු අගමැතිවරයෙක් කුඩු කන්ටේනරයක් නිදහස් කරන්න අත්සන් කලා . හිටපු ජනාධිපතිවරයෙක් මන්ත්‍රීවරයෙකුගේ කුඩු එස් ටී එෆ් එකෙන් ගිහින් අල්ල ගත්තයින් පස්සෙ හෙලිකොප්ටර් එකෙන් ගිහින් ඒ මිනිහව බදාගෙන ඉඹලා ආරක්ෂා කළා.
ලංකාවෙ කිසි ජාවාරමක් දේශපාලන රැකවරණ නැතුව කරන්නට බැහැ.
දැන් වෙලා තියෙන්නෙ දේශපාලන රැකවරන ඒ අයට ලැබෙද්දි පොලිසිය අක්‍රිය වෙලා . යම් යම් පොලිස් නිලධාරින්ට මුදල් වාසි ලැබෙද්දි ඒ අයත් මේ දිහා නොබලා අහක බලන් ඉන්නවා . දැන් කියනවා බන්ධනාගාරෙ ඇතුලෙ ඉදන් කුඩු ජාවාරම් කරනවලු. හරිනම් බන්ධනාගාර කොමසාරිස්වරයා ඉල්ලා අස්වෙන් ඕනෑ.
මම හිතන විදිහට ඔය එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවනම් සමහර විට බන්ධනාගාර කොමසාරිස්ව එල්ලල මරන්න සිද්ද වෙයිද කියන්නත් දන්නෙ නෑ.බන්ධනාගාර ඇතුලෙ ඉදන් දුරකථන භාවිතා කරමින් කුඩු ජාවාරම් කරනවා නම් බන්ධනාගාර කොමසාරිස් එහි නිලධාරින් රාජ්‍ය සේවය ආරක්ෂක අංශ ඔවුන් මොකටද ?
බන්ධානාගාර ඇතුලෙ ඉදන් මේ ජාවාරම් කරනවන්ම් කොයි බන්ධානාගාර කොමසාරිස්ගෙන්ද ප්‍රශ්න කළේ? කොයි නිලධාරියටද දඩුවම් දුන්නේ? ‘‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත
විෂ ඝෝර සර්පයා වලිගයෙන් ගෙන ජනතාවට ප්‍රදර්ශනය කරන ආණ්ඩුව විෂ ශරීරගතව සිහිමුර්ජා වී ඈත. හදිසියේ සිහිනයකින් පිබිදියාක් මෙන් නැගිට ' එල්ල මරා දමනවා ' යයි දොඩවයි. ජනතාවගේ ජීවිතවලට අර්ථවත් බලපෑමක් කල හැකි යහපත් මිනිසුන් වෙනුවට සුදු ඇඳුමෙන් සැරසුන මත්ද්‍රව්‍ය වෙළෙන්දන් බලයට ගෙන මුළු රටම අපායක් කල පාපයෙන් අපි ඔත්පලව සිටිමු. නව යොවුන් විය, යොවුන් විය දරුවන්ගේ ජීවිතවලට සොඳුරු ම, මිහිරි ම අත්දැකීම් එකතු වන බව අමතක කල අමනයෝ මුදල් වෙනුවෙන් මතු පරපුරම අගාධයට තල්ලු කරති. මෙම ව්‍යසනය නතර කල හැක්කේ හාල්මැස්සන් එල්ලා මැරීමෙන් නොව දේශපාලන තෝරුන් එල්ලා මැරීමෙන් පමණි. බන්ධනාගාරය තුල මත් වෙළෙඳපොළක් නිර්මාණය වීම සුළුවෙන් බැහැර කල හැකි දෙයක් නොවේ. එය පාලනය කල නොහැකි නම් බන්ධනාගාර කොමසාරිස් වරයා ඉල්ලා අස්විය යුතුය.
හරිනම් ආණ්ඩුව හිත හිත ඉන්නේ නැතුව රාජකාරි හරි හැටි නොකරන බන්ධනාගාර කොමසාරිස් වරායව සේවයෙන් පහකර , ඔහු මේ ජාවාරම් වලට ඍජුවම සම්බන්ධ වී ඇතිද කියල සොයල බලලා තත්ත්වය එසේනම් ඔහුට විරුධව නීති මගින් කටයුතු කල යුතුය ,