IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


‘බුද්ධාගමට මුල්තැන දී එම්සීසී ගිවිසුම ඉරා විසිකරනවා‘

(*** නිමල කොඩිතුවක්කු)  

බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරමින් බුද්ධාගමට ප්‍රමුඛත්වය දෙමින් විනයානුකූල ඉලක්කගත, සොඳුරු රාජ්‍ය පාලනයක් වෙනුවෙන් කැප වන බව සමගි ජන බලවේගය නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

සමගි ජන බලවේගය බිහි කරන රජයක් මගින් වෙහෙර විහාර ඉදි කරමින් භික්ෂූන් වහන්සේ රැකගනිමින් සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා දැවැන්ත ප්‍රායෝගික ජාතික වැඩපිළිවෙළක් කිරීමට කැප වන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

බුදු දහම අනුව කටයුතු කරමින් සහ සෙසු ආගම්වලට ගරු කරමින් නාස්තිය, දූෂණය, වංචාව පිටුදකින, සැමට ප්‍රතිලාභ හිමි වන කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ඉටු කිරීම තම අරමුණ බවද ඔහු පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති මහා සඟ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගය නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

රට තුළ බෞද්ධාගමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රමුඛස්ථානය තිබෙනවා. ඒ අනුව සම්බුද්ධ ශාසනයේ චිරත්ථිතිය උදෙසා සියලු දෙනාම ඇප කැප වී සිටිනවා.

රටේ බුද්ධ ශාසන අමාත්‍යාංශය නිර්මාණය කරන්න මගේ පියා කටයුතු කළේ එතුමාට බෞද්ධාගම පිළිබඳ තිබූ ලැදියාව, ගෞරවය නිසයි. බුද්ධ ශාසන අමාත්‍යාංශය ස්ථාපනය කිරීමත් සමග බුද්ධ ශාසන අරමුදල නිර්මාණය කළා. රටේ සියලුම විහාරස්ථානවලට එකවර මූල්‍ය පරිත්‍යාගය කර ඒ විහාරස්ථාන නගාසිටුවීමට එමගින් කටයුතු කළා.

මූල්‍ය සම්පත් නැති වීම නිසා ගරාවැටුණු සිද්ධස්ථාන රට වටේ යන ගමනේදී බහුලව දකින්න ලැබෙනවා. වයඹ පළාතේ පමණක් බෞද්ධ සිද්ධස්ථාන හාරසියයක් පමණ වැසී ගොස් ඇති බව දැන ගන්න ලැබුණා.

ඉතාම උස් හඬින් දේශ හිතෛෂී භාවය දේශමාමකත්වය ගැන කතා කරන රටේ සමහරුන්ට මේ අඩුපාඩුව පෙනී නැහැ. ඒ අඩුපාඩුව දැක ‘සිසු දහම් සෙවණ’ දහම් පාසල් ව්‍යාපාරය මා නිර්මාණය කළා. 2019 වසරේ අලුතින් දහම් පාසල් ශාලා දහසක් රට පුරා ඉදි කිරීමට කටයුතු කළා. මේ වන විට ඒ වැඩසටහන සම්පූර්ණයෙන්ම නතර කරලා.

ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කිරීමේදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන හරහා වැඩකටයුතු කළා. මොනම ආකාරයකින්වත් වෙනත් වැඩකටයුතුවලට ආගමික සංස්කෘතික නොවන වැඩවලට මේ මුදල් වලින් එක රුපියලක් වත් වැය කර නැහැ.
ප්‍රායෝගික බෞද්ධයන් විදියට ඉදිරියටත් මගේ අරමුණ සංඝාවාස ගොඩ නගමින්, වෙහෙර විහාරස්ථාන ගොඩනගමින් ආගමික පුනරුදය ඇති කිරීමයි. සමගි ජන බලවේග රජය තුළින් ඒ ආකාරයෙන්ම ඉදිරියට ක්‍රියාත්මක කරන්න මා අපේක්ෂා කරනවා.

වසර තුනක් තුළ චෛත්‍ය 1125 ක් ඉදිකිරීමේ දැවැන්ත සැලසුම අපට තිබුණා. අවාසනාවකට නොවැම්බර් 16 වැනිදායින් පසුව අපට ඒ අවස්ථාව අහිමි වුණා. විහාරස්ථාන ආශ්‍රිතව වසරක් තුළ මා ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙළ මේ වන විට සම්පූර්ණයෙන්ම නතර වෙලා.
බුදුපුත් මාපිය කැපකරු ක්‍රමය මා ආරම්භ කළා. කුල දරුවන් සසුනට දායාද කරන පවුල්වලට නිවාස සංවර්ධන වැඩසටහන මා ක්‍රියාත්මක කළා. විශාල වැඩ කොටස මා සැලසුම් කර තිබුණා. නමුත් නොවැම්බර් 16 න් පසුව රාජ්‍ය බලය අහිමි වීමෙන් අප සැලසුම් කළ වැඩසටහන් ක්‍රියාත්මක වුණේ නැහැ.

එවක විපක්ෂය පහුගිය ජනාධිපතිවරණයේදී සහ ඊට පෙර එම්.සී.සී. ගිවිසුම ගැන පැහැදිලි ප්‍රකාශ කරනවා අප දැක්කා. එම්.සී.සී. ගිවිසුමෙන් රට ඇමෙරිකානු කොලනිය වෙනවා. රට දෙකට බෙදෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නත් ඇමෙරිකාවෙන් අවසර ගත යුතුයි වගේ ප්‍රකාශ එවක විපක්ෂය කළා.

මේ ගිවිසුමෙන් රට බේරා ගන්න භික්ෂූන් වහන්සේ නිදහස් චතුරඝ්‍ර ඉදිරිපිට මාරාන්තික උපවාසය කළා. ජනතා මතයට ගරු කරමින් එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකරන බවට මා ප්‍රකාශ කර තිබෙනවා. අප බලයට පත් වූ විගසම එම්.සි.සී. ගිවිසුම ඉරා දමනවා කියා මා ප්‍රතිඥා දෙනවා.

එදා ජනාධිපතිවරණයේදී එම්.සී.සී. ගිවිසුම සම්පූර්ණයෙන්ම බැහැර කරනවයි කියපු කණ්ඩායම බලයට පැමිණි වහාම එම්.සී.සී. ගිවිසුම හැත්තෑවයි, තිහයි සූත්‍රයට ලඝු කළා. මේ සූත්‍රය අප පිළිගන්නේ නැහැ. එම්.සී.සී. ගිවිසුම අහෝසි කරන්න රජය පැකිළෙන්නේ ඇයි?
උතුම් බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරමින් බෞද්ධ ආගමට ප්‍රමුඛත්වය දී විනයානුකූල ඉලක්ක ගත සොඳුරු රාජ්‍ය පාලනය වෙනුවෙන් සමගි ජන බලවේගය කැප වෙනවා. සමගි ජන බලවේග රජය තුළ ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට මා කැප වෙනවා යැයි ද ඔහු එහිදී පැවසීය.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, ජාතික හෙළ උරුමය මහ ලේකම් පාඨලී චම්පික රණවක, සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරුන් ඇතුළු පිරිස එක්ව සිටියහ.



අදහස් (9)

‘බුද්ධාගමට මුල්තැන දී එම්සීසී ගිවිසුම ඉරා විසිකරනවා‘

Raveendra Friday, 24 July 2020 10:34 AM

අකුරු කියවීමට හෝ ලිවීමට තරම්වත් මලපොතේ දැනුමක් නොමැති අප උගත් බුද්ධිමත් සජි මලයාගෙන් මෙසේ විමසීමට කැමැත්තෙමු.. අපද එම ක්‍රමය පුරුදු පුහුණු වී පුළුවන් තරම් අප උපන් රටට වැඩදායි කතාම කිරීම මගින් ඔබ මෙන්ම අපද සමාජයේ උගත් වැදගත් බුද්ධිමතුන් ලෙස හැසිරීමට පුළුවන් බැවිනි.

:       10       29

gura Friday, 24 July 2020 11:04 AM

ඔටුන්න ගන්න ඕනෑ දෙයක් කියනවා. ගියපාර වෙස්සන්තර වෙනවා කිව්වා. මේ පාර තව එකක්. පැරදුණාම දිවියෝ රකිනවා කිව්වා. හිටිය එකම කලු දිවියාත් මැරිලා ගියා... කට තමයි කට...

:       30       50

lanka Friday, 24 July 2020 01:03 PM

ලංකාවේ දේශපාලකයින් මුලින්ම නතර කළ යුත්තේ මැතිවරණ සමයේ මහජනයාට බොරු කියා මුලා කිරීම නැවැත්වීමයි. හඳෙන් හාල් ගෙනඒම, හාල් සේරු දෙකක් සැමට නොමිලේ දීම, ඇට වර්ග අටක් ලබා දීම, ජනාධිපති තනතුර අහෝසි කිරීම, රැකියා දශ ලක්ෂයක් බිහි කිරීම, මනංකල්පිත වොක්ස්වැගන් කර්මාන්ත ශාලා පිහිටුවීම, එම්සීසී ගිවිසුම ඉරා දැමීම මීට උදාහරණයි. එබැවින්, දේශපාලකයින් මුලින්ම කළයුත්තේ අනුන්ගේ වැරදි කියන්න පෙර තමුන් පාරිශුද්ධ වී සිටීමයි.

:       0       123

RaveendraFriday, 24 July 2020 02:39 PM

ඔබගේ අදහස් 200%ක් නිවැරදිය.. අවාසනාවකට ඕනෑම කෙනෙකුට ඕනෑම බොරු බෙගල්, අතේ පත්තුවෙන පච ඈදබෑමට අප සමාජයේ ඉඩදී " ඡන්ද දායකයන් මෝඩයින් "ලෙස උඩ පැන පැන අත්පොළසන්දීම කණගාටුවකි.. අවංකව හොඳින් අප නිරීක්ෂණය කරමු" මෙම පොරයට පැමිණ සිටින සියලුම තරගකාරයින්" මොනතරම් බොරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවාද යන්න..

:       0       102

de silva Friday, 24 July 2020 10:05 PM

ඔබතුමා එහෙම කිව්වට ගෝඨාභය මහතා නම් එහෙම කියන්නේ නැහැ.

:       0       0

THILAK Saturday, 25 July 2020 07:14 AM

දැන් බුද්ධාගම තියෙන්නේ කොයි හරියේද?

:       0       0

shantha Saturday, 25 July 2020 10:31 AM

සජිත් ඔබේ ජයග්‍රහණයට සුබ පැතුම්..!!! ජයග්‍රහණයෙන් පසු ඔබ කී ලෙසම mcc පමණක් නොව පසුගිය රජයන් සියල්ලම චීනය, ඉන්දියාව සහ ඇමෙරිකාව සමග අත්සන් කළ රටට අහිතකර ගිවිසුම් සියල්ල අවලංගු කරන්න. රටවැසියන් ඔබ සමගයි...

:       1       3

chandana Sunday, 26 July 2020 07:56 PM

ප්‍රේමදාසත් එක්ක ඉන්න බෙදුම්වාදීන්, ජාතිවාදීන්, ආගම්වාදීන්, ත්‍රස්තහිතෛෂීන් එක්ක බුද්ධාගම ආරක්ෂා කරන්න. තව තැනක කිව්වා නේද 13 ආරක්ෂා කරනවා කියලා. ඒ කියන්නේ පළාත්සභාවලට බලය ලබා දෙන බවයි. එතකොට උතුරු නැගෙනහිර පළාත්වලත් බුදු දහම ආරක්ෂා කරන්න අර ගොල්ලො ඉඩ දෙන්නම් කිව්වද. ඒ ගොල්ලො ඒ පළාත්වල විතරක් නෙවෙයි මුළු රටෙන්ම බුදු දහම අතුගා දමන්නයි ප්ලෑන් කරන්නේ. මතකනේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙත් බුදු දහම හැලිලා තිබුනා.

:       0       0

thilak Monday, 27 July 2020 09:00 AM

කටින් බතල කොල සිටුවීම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 400 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1585 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 954 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1205 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7428 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 504 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site