IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘‘පළාත් සභාවක් නැතිව සංවර්ධන කටයුතු කරගෙන යන්න බෑ‘‘

(නිශාන්ත කුමාර  සහ  ඩී.කේ රත්න)

පළාත් සභාවක් නොමැතිව ප්‍රදේශයේ  සංවර්ධන කටයුතු කරගෙන යෑම දුෂ්කර කටයුත්තක් බවත් පළාත් සභා මැතිවරණය පවත්වා පළාත් සභා පිහිටුවිය යුතු බවත් ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා  අද  (05) බදුල්ලේ දී පැවසීය.

එසේම 2020 වසරේදී ඌව පළාතේ වී නිෂ්පාදනය  මෙට්‍රික් ටොන්  63000 ක් දක්වා වැඩිකිරීමට සැලසුම් කර ඇතැයිද ආණ්ඩුකාරවරයා පැවැසීය.

ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කළේ ඌව පළාතේ    මාධ්‍යවේදීන් සමඟ බදුල්ල  ප්‍රදේශයේ පැවැති හමුවකට එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙසේ ද කීය

      ‘‘13 වන  ව්‍යවස්ථා සංශෝධනය අනුව ආණ්ඩුකාරවරයාට යම් බලතල තිබෙනවා.

ආණ්ඩුකාරවරයා  යනු මධ්‍යම ආණ්ඩුවේ ජනාධිපතිවරයා ගේ නියෝජිතයායි.  ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ නිර්දේශ අනුව ක්‍රියා කිරීමට  බැඳී සිටිනවා. නමුත් සංවර්ධන කටයුතු වගේම අන පනත් සම්මත කර ගන්නට  පළාත් සභාවක් අවශ්‍යයි.

ඒ වගේම  මේ වන විට  ‍මෙට්‍රික් ටොන්   60800 ක් වන වන ඌව පළාතේ වී නිෂ්පාදනය 2020 වසරේදී මෙට්‍රික් ටොන්     63 000 ක් දක්වා වැඩි කිරීමට අප කටයුතු කරනවා.

මේ වනවිට රටේ අර්තාපල් නිෂ්පාදනයෙන් සියයට 40 ක් වගා කරන්නේ ඌව පළාත තුළයි. නමුත් තවමත් රටේ අල අවශ්‍යතාව පිරවීමට එය ප්‍රමාණවත් නැහැ. ඉදිරියේදී ගොවි ජනතාවට සහන ලබා දීම තුළින් අල අස්වැන්න වැඩි කරන්නටත් අපි කටයුතු කරනවා.‘‘ යැයි ආණ්ඩුකාරවරයා පැවසීය.



අදහස් (1)

‘‘පළාත් සභාවක් නැතිව සංවර්ධන කටයුතු කරගෙන යන්න බෑ‘‘

Bamunuarachchi Thursday, 16 January 2020 02:26 PM

මොකද බැරි? 13 වැනි සංශෝධනය ගෙනෙන්න කලින් රටේ වැඩ කෙරුනේ නැද්ද හලෝ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 794 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site