IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


’පොහොට්ටුවට එක නීතියක් විපක්ෂයේ පක්ෂවලට තව නීතියක්’

(නිමල කොඩිතුවක්කු)

බොහොම තදින් මැතිවරණ නීති ක්‍රියාත්මක කරන බවට පැවසූ මැතිවරණ කොමසාරිස්වරයා යටතේ පොහොට්ටුවට එක නීතියකුත්  විපක්ෂයේ පක්ෂවලට තවත් නීතියකුත් ක්‍රියාත්මක වෙමින් පවතින බව කලුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කොළඹදී අද(22)පැවසීය.

කයිවාරුවලින් රටේ  ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොවන බැවින් සැමට සාධාරණව මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

එක රටක් එක නීතියක් යටතේ රට පාලනය කරන බව පවසා බලයට පත්වූ වත්මන් ආණ්ඩුවේ පිරිස්ම රටේ නීති කඩා බිඳදැමීම ගැන කනගාටු වන බවද සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් පී පෙරේරා මහතා හා මෙසේද පැවසීය.

'බොහොම තදින් මැතිවරණ නීති ක්‍රියාත්මක කරනවා කියලා මැතිවරණ කොමිසම කිව්වා. එහෙත් මැතිවරණ ව්‍යාපාරයේදී පොහොට්ටුවට එක නීතියකුත් විපක්ෂයේ පක්ෂවලට තවත් නීතියකුත් ක්‍රියාත්මක වෙනවා. මේ පිළිබඳ ලිඛිතව සහ වාචිකව පැමිණලි කරත් පොහොට්ටුවේ අපේක්ෂකයන්ගේ කටවුට් පෝස්ටර් කාර්යාල ඉවත් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන නැහැ.

මම නියෝජනය කරන බණ්ඩාරගම සහ කළුතර ප්‍රදේශවලත් තත්වය එසේමයි. මැතිවරණ කොමිසම කයිවාරු දාහක් ගැහුවත් ප්‍රායෝගිකව මේ නීති ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔබට, ඔබේ නියෝජිතයන්ට පොහොට්ටුව ප්‍රේක්ෂකයන්ගෙ  කාර්යාල කටවුට් බැනර් පේන්නේ නැද්ද කියලා අපි මැතිවරණ  කොමිසමේ සභාපතිගෙන් අහනවා. ඔබලාට පේන්නෙ නැත්නම් පොලිසිය එක්ක එන්න අපි ඒ නීති විරෝධී කාර්යාල පෙන්වලා දෙන්නම් කියලා මේ අවස්ථාවේදී කියනවා.
කයිවාරුවලින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නේ නැහැ. කරුණාකරලා සැමට සමානව මැතිවරණ  නීති ක්‍රියාත්මක කරන්න කියලා අපි මැතිවරණ  කොමිසමේ සභාපතිවරයාගේ ඉල්ලා සිටිනවා.ප්‍රතිපත්තියක් විදිහට පොහොට්ටුවෙ  පිරිස් හිතේ හැටියට මැතිවරණ නීති  රීති කඩ කරනවා. මැතිවරණය ආසන්න වෙනකම්මනීති විරෝධී කටවුට්, බැනර්, කාර්යාල ප්‍රදර්ශනය වෙන්න ඔවුන්ට අවස්ථාව ලබා දී තිබෙනවා. මේක විපක්ෂයේ පක්ෂ වලට කරන බරපතළ අසාධාරණයක්.

කලින් තිබුණු සාධාරණ  ක්‍රමය ඉවත් කරලා ධනවත් බලවත් අයට කෝටි ගණන් මුදල් දීලා මාධ්‍ය ආයතන වල දැන්වීම් දාන්න මැතිවර්ණ කොමිසම අවස්ථාව ලබා දීලා තියෙනවා. අනෙකුත් ප්‍රේක්ෂකයන්ට තම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්න මේ යටතේ අවස්ථාවක් නැහැ.

තවත් කල් නොයවා ඉදිරි පැය 24 තුළ මැතිවරණ නීතිය සාධාරණව ක්‍රියාත්මක කරන්න කියලා අපි පොලිස්පතිවරයාගෙන් සහ මැතිවරණ කොමිසමෙන් සිටිනවා.

කුරුණෑගල නගරාධිපති විනාශ කළ රාජ සභා මණ්ඩපය හමුදාව යොදවලා යළි ඉදි කරන බවට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියනවා. හමුදාව යොදවා ඉදිකළාම ඒ වරද නිවැරදි වෙනවද කියලා අපි අහනවා.

පුරාවිද්‍යා පනත යටතේ පන්සලක ළිඳක් කැපුවත් නීතිය ක්‍රියාත්මක කරන යුගයක පුරාවස්තු විනාශ කිරීමේ වරදට නගරාධිපති අත්අඩංගුවට ගන්නෙ නැත්තෙ ඇයි කියල අපි මේ ආණ්ඩුවෙන් අහනවා. තමන් දිස්ත්‍රික් නායකයා විදියට ඉන්නකං කුරුණෑගල නගරාධිපති වරයාගේ මයිල් ගහකටවත් හානියක් වෙන්න දෙන්නෙ නෑ කියලා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවා. ඔහුට කොහෙන්ද මෙච්චර හයියක්. ජෝන්ස්ටන්ට මේ හයිය මහින්ද රාජපක්ෂගෙන්ද කියලත් අපි අහනවා.එක රටක් එක නීතියක් කියලා බලයට අාපු මේ ආණ්ඩුව තමන්ගේ හිතවතුන්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ මේ ආකාරයටයි. මේ ආණ්ඩුව යටතේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැන් ආතතිය ඇති වෙලා තියෙනවා'' යැයිද ඒ මහතා පැවසීය.



අදහස් (1)

’පොහොට්ටුවට එක නීතියක් විපක්ෂයේ පක්ෂවලට තව නීතියක්’

kiri batta Thursday, 23 July 2020 04:42 AM

පොහොට්ටුවට නෙවෙයි ආණ්ඩුව කියන්න. හේතුව, හැමදාම ඔය වැඩේ වුන නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 655 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 541 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 444 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site