IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


’’පාසල් විවෘත කිරිමේ තිරණය ගැන යළි සලකා බලන්න’’

 

(නිමල කොඩිතුවක්කු)

පාසල් විවෘත කිරීමට  ගත් තීන්දුව යළි සලකා බලන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී අද(20) පැවසීය.

කොරෝනා ව්‍යසනය ව්‍යාප්ත වී රටම අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබියදී දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන්න එපා යැයි ආණ්ඩුවට ප්‍රකාශ කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේද කීවේය.

     "ගම්පහින් ආරම්භ වූ කොරෝනා වසංගතය දෙවන රැල්ල කොළඹට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. නියපොත්තෙන් කඩන්න තියපු එක තමයි පොරොවෙන් කපන තත්ත්වයට මේ ආණ්ඩුව ගෙනාවේ. මේ අාණ්ඩුව  නිසි වෙලාවට නිසි තීන්දු නොගැනීම මෙම ව්‍යාප්තියට හේතු වුණා.

කොළඹ නගර සභා ප්‍රදේශයේ කොරෝනා ව්‍යාප්තිය නතර කරන්න මුළු කොළඹටම ඇඳිරිනීතිය දැමිය යුතුයි. බස්නාහිරට තව දින දහයක් ඇඳිරි නීතිය දාලා තිබ්බ නම් මේ ප්‍රශ්නය අවසන් වෙන්න තිබුණා.

කොරෝනා ආසාදිතයන් මරණ සංඛ්‍යාව දැන් සීග්‍රයෙන් වැඩි වෙනවා. මේ අවුරුද්දේ මුල සිට ඔක්තෝබර් දක්වා මරණ දහතුනයි දැන් ඒක හැත්තෑවක් පැනලා තියෙනවා. දැන් එන්න එන්නම මේ වයිරසය භයානක තත්වයකට පත්වෙමින් තිබෙනවා.

 රටේ අහිංසක ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.

කොළඹ නගරය පමණක් නෙවෙයි අද මුළු රටම අනාරක්ෂිත තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ නිසා දැන්වත් නිසි තීන්දු ගන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

කොරෝනා  ව්‍යසනයේ ව්‍යාප්තියත් එක්ක තව ඇදිරිනීතිය දික් කරයි, රට වහයි  කියලා අපි හිතුවා. නමුත් දැන් 23 වැනිදා ඉඳලා පාසල් විවෘත කරන්නත් ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා.

පාසල් විවෘත කරන්න ගත්ත මේ තීන්දුව ඉතා භයානක තත්වයක්  විදියට අපි දකිනවා. ඒ පිළිබඳ නැවත වතාවක් හිතන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

පාසල් විවෘත කිරීම මේ වෙලාවේ ගත යුතු ප්‍රමුඛතම තීන්දුව ද කියලා අපි අහනවා. දැන් රට යහපත්, රට ආරක්ෂිතයි එහි පියවරක් විදියට පාසල් විවෘත කරනවා කියන ආන්ඩුවේ නාටකයේ තවත් කොටසක් විදියට  තමයි අපි මේක දකින්නේ. අපි මේ ඉල්ලීම කරන්නේ දේශපාලන කෝණයකින් බලලා නෙමෙයි.

අපේ රටේ දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ නැතුව ඒ ගැන දෙවතාවක් හිතලා රට යහපත් තත්ත්වයට පත් වුණාට පස්සේ මෙම තීරණය ගන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. 

විද්‍යාත්මක කරුණු පදනම් කරගනිමින් තීන්දු තීරණ ගන්න බවට මේ ආණ්ඩුව ප්‍රකාශ කරනවා. රට අනාරක්ෂිත වෙද්දි මරණ වැඩි වෙද්දී පාසල් විවෘත කිරීම කිරීම සුදුසු තීන්දුවක් ද කියලා අපි ආණ්ඩුවෙන් විමසනවා.

මේ ආණ්ඩුවේ අය වැයෙන් අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳ අවධානයක් යොමු කරලා නැහැ. වැඩිහිටියන්ට ලබා දෙන විශ්‍රාම වැටුප් දීමනාව මේ අය වැයෙන් ලබා දීලා නැහැ. ජනතාවට සහන නැහැ. රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් නැහැ. සෞභාග්‍යය දැක්ම තිබූ කරුණු මේ අය වැය ඉදිරිපත් නොවීම පිළිබඳ අපි කණගාටු වෙනවා.



අදහස් (0)

’’පාසල් විවෘත කිරිමේ තිරණය ගැන යළි සලකා බලන්න’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17123 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site