IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් දැන් හංගලා වැඩක් නෑ

(නිමල කොඩිතුවක්කු)

පාස්කු ප්‍රහාරයෙන් වැඩිම දේශපාලන හානිය සිද්ධ වුණේ  කාටද සහ වැඩිම දේශපාලන වාසිය සිද්ධ වුණේ කාටද යන්න ගැන ජනතාවට අවබෝධයක් ඇති බැවින් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් රටට සැගවීමට උවමනාව තිබෙන්නේ කාටද යන්න ජනතාවට සඟවා ඵලක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් දුන් පොරොන්දු ඉටුකරමින් පාස්කු මහමොළකරුවන් වහාම රටට හෙළි කර දඬුවම් ලබාදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද විපක්ෂනායකවරයා  සඳහන් කළේය.

 

ජාතික ආරක්ෂක කවුන්සිලයට නෛතික බලය ලබාදී පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන් ඇතුළු සියලුම දෙනාටම රටේ නීතිය හරහා මරණීය දණ්ඩනය ලබා දීමට සමගි ජන බලවේග රජයක් තුළින් කටයුතු කරන බවද හම්බන්තොට සිරිබෝපුර පැවැති සත්කාරය විපක්ෂනායක ජංගම සේවයට එක්වෙමින් විපක්ෂනායකවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

“මේ රජය විපක්ෂයේ  ඉන්නකොට කිව්වා පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයන් අල්ලනවා යි කියලා. පසුගිය ජනාධිපතිවරණයෙන් ප්‍රධාන පොරොන්දුවක් බවට පත්ව තිබුණා. දැන් ආණ්ඩුවට පාස්කු පහාරක ත්‍රස්තයන් අල්ලන්න අමතක වෙලා. කෝ පාස්කු ප්‍රහාරක ත්‍රස්තයන් අල්ලනවා යි කියපු ක්‍රියාවලිය කියලා මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි.

මේ පොරොන්දු ඉටු කරන්න ජනාධිපතිවරණයේ දී 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා. මහ මැතිවරණයේදී 68 ලක්ෂයක් ඡන්දෙ දුන්නා. පසුව  තවත් විවිධ ක්‍රම උපායන් තුළින් තුනෙන් දෙක හදා ගැන විසිවන සංශෝධනය මඟින් තමන්ගේ බලයට වැඩිය තවත් බලයක් එකතු කර ගත්තා.

ජනතාව පොරොන්දු ඉටු කරන්න ආපු ආණ්ඩුව ඒවා ඉටු කිරීම කෙසේ වෙතත් තමන්ගේ බලය වැඩි කර ගත්තා. දැන් ආණ්ඩුවට පාස්කු ත්‍රස්තයන් ඇල්ලුවත් එකයි නැතත් එකයි.

රජය පාස්කු ත්‍රස්තයන් ඇල්ලීමේ ව්‍යායාමය සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා තිබෙනවා කියලා මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළින් දැන් පැහැදිලි වෙනවා.

ජනතාවට දුන්නු පොරොන්දු ආණ්ඩුවට අද අමතකයි. ඒ වෙනුවට ආණ්ඩුව දැන් තම කච මිතුරන්ට යුතුකම් ඉටු කරමින් ඉන්නවා.

අපේ දේශපාලන ව්‍යාපාරයට එල්ල කරපු ලොකුම ප්‍රහාරය තමයි මේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධානීන් අපි ඇල්ලුවෙ නැහැ කියන එක. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අල්ලන්න ආපු මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොල කරුවන් කවුද කියන එක හොයන්නේ නැතුව ඒ කාරණාව හංගන්න හදනවා.

පාස්කු ප්‍රහාරයෙන් කාටද වැඩිම දේශපාලන හානිය සිද්ධ වුණේ ? කාටද වැඩිම දේශපාලන වාසිය සිද්ධ වුණේ? ඒ ප්‍රශ්න වලට තමුන්නාන්සේලා ම උත්තර සපය ගන්න. එහෙමනම් නම් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හංගන්න උවමනාව තිබෙන්නේ කාටද කියන එක ගැන මේ රටේ ජනතාවට උත්තර බඳින්න වෙලාව ඇවිල්ල තියෙන්නේ.

අදටත් අපේ රටේ ජාතික ආරක්ෂක කවුන්සිලයක් නිත්‍ය වශයෙන් නැහැ. ජාතික ආරක්ෂක කවුන්සිලය රටේ නීතියක් හරහා ස්ථාපනය වෙලා නෑ. ඒ නිසා තමයි හිතූ හිතූ වෙලාවට ,ආණ්ඩුවේ ප්‍රධානීන් ,රටේ  ප්‍රධානීන් ජාතික  ආරක්ෂක කවුන්සලය තමන්ට ඕන ඕන විදියට කැඳවන්නේ. නමුත් අපි විශ්වාස කරනවා ජාතික ආරක්ෂක කවුන්සිලයක්  නිත්‍යානුකූලව තිබෙන්නට ඕන. රටේ නීතිය හරහා ස්ථාපනය වෙන්නට ඕන.

ජාතික ආරක්ෂක කවුන්සිලය පාර්ලිමේන්තුවේ නීති කෙටුම් පත් සම්පාදන ක්‍රියාවලිය තුළින් නීතියක් බවට පත් කර ජාතික ආරක්ෂක කවුන්සිලයට නෛතික හයිය ලබාදීලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනා,මහ මොළකරුවන් ,උපදෙස් දුන්නු අය ,මෙහෙයවන්නට නායකත්වය දුන්නු අය, තවමත් මේ ආණ්ඩුවට හොයාගන්නට බැරි පාස්කු ත්‍රස්තයින් හොයාගෙන ඒ සියලු දෙනාටම රටේ නීතිය හරහා මරණීය දණ්ඩනය ලබා දෙන්නට කටයුතු කරනවා කියලා සමගි ජන බලවේගයේ අපි මේ රටේ ජනතාවට පොරොන්දු වෙනවා. ඒකෙ ආයෙ වෙන කතාවක් නැහැ. ඒක අපි කරන්නට ඕන. ඒක කළොත් පමණයි මේ රට තුළ අන්තවාදයට ත්‍රස්තවාදයට සම්පූර්ණයෙන්ම ඒ අවස්ථාව අහිමි වෙන්නේ.

විශේෂයෙන්ම ආණ්ඩුව කියපු බොහොමයක් දේවල් අද ක්‍රියාත්මක වෙන්නේ නෑ. බොහෝ දෙනෙක් හිතුව  චීන්නුන්ට අක්කර 15,000 දෙන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. බැලින්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයත් දෙනවා මේ ආණ්ඩුවත් දෙනවා. ඒකෙන්ම තේරෙනවා දෙගොල්ලන්ටම තියෙන්නෙ එකම ආකල්පයක් කියලා.

ඉඩම් උපයෝගී කරගෙන සංවර්ධනයක් සිදු වෙන එක හොඳ දෙයක්,හැබැයි කරන හොඳ සංවර්ධනය බලහත්කාරයෙන් කරන්න හොඳ නෑ ජනතාව දැනුවත් කරලා ,ජනතාව  පදිංචි නොවන ,ජනතාව ගොවිතැන්  නොකරන,ජනතාව පාවිච්චියට නොගන්න ඕනතරම් මුඩු ඉඩම් තිබෙනවා ,ඒ මුඩු ඉඩම් උපයෝගී කරගෙන ජනතාව දැනුමත් කරලා රටේ සංවර්ධනයක් ක්‍රියාත්මක කිරීම තමයි පැහැදිලි මහජන සේවාව සහ මහජන යුතුකම වෙන්නේ” යයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

 



අදහස් (5)

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් දැන් හංගලා වැඩක් නෑ

Raveendra Sunday, 28 February 2021 09:30 AM

දියවන්නාව පට්ටියේ විපක්ෂ පට්ටියේ ලොක්කා සියල්ල දත් උන්දෑ නිසා මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සිද්දවුණු වකවානුවේ දියවන්නාව පට්ටියේ ලොකු තනතුරක් දැරූ බව අමතක වෙලා වගේ... ඒ වකවානුවේ වසුරුවලින් නිර්මාණය කල සුප් බීලා වගේ...

:       4       93

Senarath Monday, 01 March 2021 05:29 AM

මහමොලකරු කවුද කියලා ඒ දවස්වල රටම දැනගෙන හිටියා ... එදා රජය ඒ ගැන බොහොම නිහඬ පිළිවෙතක් අනුගමනය කළ නිසා ඝාතනය වුණු අහිංසක ජනතාව සමච්චලයට ලක්කර දමපු කෝචොක් හිනාවට... ඒ නිසා තමයි ජනතාව ඡන්දෙදි අමතක නොවන පාඩමක් ඉගැන්නුවේ...

:       1       87

BamunuarachchiTuesday, 02 March 2021 03:47 AM

හලෝ මහ මොලකරුටත් ඕක කරන්න මොලේ දීපු තැනැත්තා සොයන්න එයාටත් මොලේ දීපු තැනැත්තා සොයන්න ඔහොම ගිහිල්ලා නවතින තැන දන්නවා නේද? අන්න එයා තමයි මහම මහා මොළකරුවා. ඒ ඉතිහාසය අවුරුදු 1400 කින් එහාට යනවා. තේරුණාද? නිකන් අඳුරේ අතපත ගාන්න එපා. මහමොලකරුවා දැනගෙන කියාගන්න බැරුව කව්රු කව්රුත් කසාය බීපු ගොළුවෝ වගේ ඉන්නවා. මම මහා මොලකරු කව්ද කියලා අවශ්‍ය තැන්වල ලිව්වා.

:       1       2

Bamunuarachchi Tuesday, 02 March 2021 03:40 AM

හලෝ දැන් ඔහෙට මහා මොළකරුවා හොයන්න බැහැ.. කරන්න ඕනදේ එයා අන්තිම කැමති පොතේ ලියලා ස්වර්ගස්ථ වෙලා දැන් අවුරුදු 1400ක් වැඩීයි. අනුගාමිකයෝ වැඩේ කරගෙන යනවා.

:       1       2

Kamal Wednesday, 03 March 2021 09:19 AM

බුදියගෙනද හිටියේ...?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1289 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site