IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


‘පාස්කු ප්‍රෝඩාව ගැන හොයන්නත් වෙනම කොමිසමක් ඕනෑ’

(දිනේෂ් උපේන්ද්‍ර)                                                                                              
 
පාස්කු ප්‍රහාරය පිළිබඳව සෙවීමට කොමිසමක් පත් කළා සේ පාස්කු ප්‍රෝඩාව ගැන සේවීමටත් වෙනම කොමිසමක් පත්කළයුතුයැයි විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(04) පැවසීය.
         
කුලියාපිටිය ඇස්වැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථානයේ ආගමික වතාවත් වල නිරතවීමෙන් අනතුරුව ඒ මහතා මෙසේ පැවසීය.
 
සෙනසුරාදා ඉරිදා යන දෙදින තුළ සමගි ජනබලය වටා ඒකරාශී වී ඉකුත් මැතිවරණයේදී උපකාර කළ සියලු දෙනා සමග පිළිසඳරෙහි යෙදීම සඳහා යන අතරවාරයේ ඒ මහතා කුලියාපිටිය ශාසනාලංකාර මහා විහාරයට පැමිණ පල්ලේකාගම රතනභාරතී හිමිපාණන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට එහිදී පිළිතුරු දුන් විපක්‍ෂ නායකවරයා මෙසේද පැවසීය.
         
“විවිධ මාතෘකා යටතේ සොයාබැලීම් කරන්න විශේෂ කොමිසම් පත්කරලා තියනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ බොරුකියපු ප්‍රෝඩා කරපු අය ගැන හොයා බලන්න නව කොමිසමක් පත්කළයුතුව තිබෙනවා. ඒ මිය ගිය අහිංසක ජනතාවගේ මළ කඳන් උඩින් තමයි දේශපාලනය කරන්න මේ මහා ප්‍රෝඩාව කළේ. රිෂාඩ් බදියුදීන් මහතා ඇතුලුව ඒ මහතාගේ පවුලේ පිරිස, මැතිවරණයට පෙර ත්‍රස්තවාදීන්ට උදවුකළ අය. නමුත් අද වෙනකොට තත්වය වෙනස් වෙලා. ඒ කාලෙ සතොසෙන් හොරකම් කළා කියලත් කිව්වානෙ. අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන්ම කියනවා සාක්‍ෂි නැහැ කියලා.
         
කාර්යාලයක් විවෘත කරනකොට නම් එතුමා ආණ්ඩුවෙ උත්සවයක් නියෝජනය කළා කිව්වට මේ විවෘත කරන හැම එකක්ම අපේ කාලයේ හදපුවා. ඒ නිසා බදියුදීන් මහත්තයට අරාධනාවක් ලැබෙන්න ඇති. ඒත් මම හැමදාම කියන්නෙ අපේ සියලුදෙනා හොඳ දෙමාපියන්ගෙ දරුවො. ඒ අය පක්‍ෂයට පිටින් ගිහින් 20 සම්මත කරන්න උදව් දෙන්නෙ නැහැ.අපි හොඳ ස්ථාවරයක සිටින ශක්තිමත් විනයානුකූල විපක්‍ෂයක් විදිහට මෙතන හැම පක්‍ෂයකම කකුල් තියාගෙන ඉන්න පිරිසක් නැහැ. ඒ සියලුදෙනා කකුල් තියාගෙන ඉන්නෙ රටේ ජනතාවගෙ ජාතික ආරක්‍ෂාව පැත්තෙ.
          
දැන් හැමෝම කථාවෙන්නෙ 20 ගැනයි. ඊට තුනෙන් දෙක හොයන එක ගැනයි. ඇත්තටම තුනෙන් දෙකට ආසන්න ජනවරමක් මේ ආණ්ඩුවට ලැබිලා තියනවව වුනත් ඒක ලැබුණෙ අර කියලු පාස්කු ප්‍රෝඩාව මත. ඒ නිසා ඒක ජනතාවට බොරු කියලා ගත්ත ව්‍යාජ වරමක්. කහ ප්‍රශ්නයට විසඳුම් හොයන්න පොල් මිල පාලනය කරන්න තුනෙන් දෙක අවශ්‍ය නැහැ. ජනතාව ගැන සිතන්නට අවශ්‍යයි. කොහොම වුණත් අපි ජනවරමින් ජන ශක්තියෙන් මේ සදාචාරසම්පන්න නොවන 20 පරදවනවාමයි” යැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
         
එහිදී සුජීව සේනසිංහ මහතා ස්වාධීනව සිටීමට ගෙන ඇති තීරණය පිළිබඳව ද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශනයට පිළිතුරු දෙමින් ප්‍රේමදාස මහතා කියා සිටියේ මැතිවරණ පරාජය සමගින් ඕනෑම අයෙකුට ආවේගශීලී සිතුවිලි පැමිණුනත්, සියල්ල කාලයාගේ ඇවෑමෙන් විසඳෙන බවයි. තවද කෝවිඩ්-19 සම්බන්ධව ප්‍රදේශ කීපයක ඇඳිරිනීතිය පනවා ඇති බවද පවසන ඒ මහතා කොවිඞ් පාලනය කර තිබුණත් මේ වනතෙක් එන්නතක් හෝ සොයා නොගත් පසුබිමක ආරක්‍ෂාකාරීව දිවිගෙවීම සුදුසු බවද පැවසීය.



අදහස් (8)

‘පාස්කු ප්‍රෝඩාව ගැන හොයන්නත් වෙනම කොමිසමක් ඕනෑ’

Kumari Monday, 05 October 2020 01:52 AM

ඔන්න නින්දෙන් ඇහැරිලා දොඩවනවා.

:       3       56

RaveendraTuesday, 06 October 2020 06:06 AM

හානේ... මේ අපේ අලුත්ම අලුත් "සජී මලයා" නේද? කමෝන්.. කමෝන්.. දෙන්න මල්ලි හතර හන්දි කැඩෙන්නම...

:       1       2

Senarath Monday, 05 October 2020 03:26 AM

පාස්කු ප්‍රහාරය වෙනකන් බලාගෙන හිටපු, පාස්කු ප්‍රහාරය වෙන බව දැන දැනම හිටපු මැති ඇමතිවරු සියලුම දෙනාට ජනතා කොමිසම හොඳ උත්තරයක් දුන්න එක මදිද.?

:       3       66

Athula k Monday, 05 October 2020 02:57 PM

කර කරපු කාරක සභා ප්‍රෝඩාව?

:       0       22

Raveedra Monday, 05 October 2020 03:26 PM

මම බලයට ආවිගස නැගෙනහිර පළාතේ නිරායුධව පුල්ලියන්ට බාරවෙන්න කියා අණදුන්නේ කවුද යන්න සෙවීමට කොමිසම පත් කරන අතර කොට නම් කම්කරු උස නම් සිකුරිටි යන ප්‍රතිපත්තිය නීතිගත කිරීම පමා කළ ගොන් තඩියන්ව සොයා බැලීමට තවත් කොමිසමක් දානවා.

:       2       28

babaa Tuesday, 06 October 2020 12:41 AM

එතකොට 78 79 කාලේ මරපු මිනිසු.?

:       1       1

nirmal mendis Wednesday, 07 October 2020 03:12 PM

'පාස්කු ප්‍රෝඩාව' යන යෙදුම මගින් කිතු බැතිමතුන්ගේ උත්තරීතර ආගමික උත්සවයක් අපහාසයට ලක්කෙරෙන බව ගරු විපක්ෂ නායකතුමාට කාරුණිකව මතක් කරමි. 'වෙසක් ප්‍රෝඩාව' ,'රාමදාන් ප්‍රෝඩාව' යනාදී යෙදුම් බෞද්ධ හා ඉස්ලාම් බැතිමතුන් තුළ කිනම් හැඟීම් දනවනු ඇත්දැයි මොහොතකට සිතා බලන්න.

:       1       2

Bamunuarachchi Saturday, 17 October 2020 06:28 AM

යහපාලන කාලේ ඕගොල්ලෝ දම්මානේද පාර්ලිමේන්තු කාරක සභාවක්. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සොයන්න නේද? ඉතින් ඒ කාරක සභාවෙන් මොනවද සෙව්වේ...? අසාද් සාලිත් සාක්කි දුන්නා නේද? එ්කේ හිටියේ ත්‍රස්තවාදයේ තාත්තලා. එ් ගොල්ලන්ගෙන් පේන ඇහුවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 400 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1585 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 954 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1205 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7428 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 504 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site