
(එම් .සුසිල් ප්‍රියන්ත)
පාස්කු ඉරිදා කොමිසන් සභාව පිළිබඳව සොයා බැලීමට තවත් කමිටුවක් පත් නොකල යුත්තක් බවත් ඒ පිළිබඳව තමා කණගාටුවට පත් වෙන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (20) කරන්දෙණියේදී පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අබේවර්ධන මහතා මෙසේද කීවේය.
‘‘කොමිෂන් සභාවක් මගින් සොයා ගන්නා කරුණු කාරණා පිළිබඳව අධිකරණය කරන කටයුත්තක් සඳහා ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සමාජ මතය තිබුනේ එය සමාජ විරෝධී ක්‍රියාවක් කියලයි.
පාර්ලිමේන්තු බලයත්, අධිකරණ බලයත් රටක සමබරව ක්‍රියාත්මක විය යුතුයි. පත් කළ කොමිෂන් සභාවක් ගැන සොයන්න තවත් කමිටුවක් පත් කිරීම ඉතාම විහිලුවක් විදිහටයි මා දකින්නේ... පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයන්න පත් කළ කොමිෂන් සභාව පිළිබඳව සොයා බැලීමට තවත් කමිටුවක් පත් කිරීම නොකළ යුත්තක්. මෙය ඉතා විහිලුවක්. මේ පිළිබඳව මගේ කණගාටුව ප්‍රකාශ කරනවා.‘‘ යැයි ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලාට දැන් තමයි මේවා විහිළු බවට වැටහෙන්නේ... මෙවන් සියලු වැරදි වැටහෙන්නේ දේශපාලුවන් විපක්ෂය නැමැති පට්ටියට ගියවිට පමණි. මේ ඔක්කොම එවැනි රඟපෑමක නිරතවෙන බව තේරෙන්නේ අපට පමණද?
එදා ඔයාලා කමිටු දාලා ප්‍රධානම චූදිතයන්ගෙන් අහප ප්‍රශ්න සහ ඔවුන් දුන් පිළිතුරු දැක්කාම මොනවද හිතුණේ.. කියලත් කිව්වා නම් තමයි හොඳ...
ඔයාලා සිරිසේන එක්ක නටලා රට නැත්තටම නැතිකළා.. දැන් එනවා තව විහිළු කියන්න..
මොකක්ද හලෝ එ්කේ තිබෙන විහිළුව...? කොමිසම යම්යම් පුද්ගලයින්ට නීතිමගින් ක්‍රීයා කරන්න කීවාම ඒ සම්බන්ධව නීතිමය කටයුතු කරන්න නීතිපතිට පැවරීම හරි. බොදුබල සේනාව, සිංහල රාවය, මහසෝන් බලකාය වැනි සංවිධාන තහනම් කිරීමට කොමිසම කළ යෝජනා සොයාබැලීම නීතිපතිට කළහැකි දෙයක් නොවෙයි. එව්වා දේශපාලන කටයුතු ඒ වැනිදේ සොයන්න තමයි දේශපාලන කමිටුවක් පත්කළේ. බොදුබල සේනාව තහනම් කරන්න කියන එක සොයා බලන්න දෙමළ, මුස්ලිම් හා ජෙප්පන් දාගන්න පුලුවන්ද?
මහා මොලකරු කව්රුත් නොවෙයි, දෙවියන් විශ්වාස නොකරන්නා කෆීර් කෙනෙක් යයි කී, ඒ කාෆිර්ට ජිහාඩ් ක්‍රීයාත්මක කල යුතුයි කී දේශකයා. ඒ දේශනාව තමයි මේ විවිධ රටවල විවිධ පුද්ගලයින් ක්‍රියාත්මක කරන්නේ. මහා මොලකරු එක්කෙනයි.. ක්‍රියාත්මක කරන්නන් ලෝකේ පුරාම. මේකයි පරම සත්‍යය..