ඩයනා උදයංගනී
පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමය වෙනස් නොකර විධායක ජනාධිපති ක‍්‍රමය පමණක් වෙනස් කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහය දෙන්නේ නැතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
විධායක ජනාධිපතික‍්‍රමය වෙනස් වන්නේ නම් පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමයද වෙනස් විය යුතු බව කී අබේවර්ධන මහතා එසේ නොමැතිව ජනාධිපති ක‍්‍රමය පමණක් වෙනස් කිරීමට සහය දිය නොහැකි බව ද සඳහන් කළේය.
එසේම ජනාධිපති ක‍්‍රමයත් සමඟ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නොහැකි වුවහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයා ලෙස අනිවාර්යයෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
එමෙන්ම පාර්ලිමේන්තු ක‍්‍රමයත් සම`ග ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් එයට ශ්‍රී.ල.නි.පය සහය ලබාදෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (17) පැවති මාධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි බලවත් ප්‍රාදේශීය සභා, මධ්‍යම පාලනයෙන් තොර ඒවා නැතිව ඕනේ එකක්... තියෙන ව්‍යවස්ථාව ප්‍රමාණවත් කොට්ටාස වලට මන්ත්‍රීවරු තරග කරතොත්... එතකොට දූෂිතයෝ එනවා අඩුයි...
දෙකම එක සැරේ කරන්න හිටියොත් දෙකෙන් එකක්වත් කර ගන්න බැරි වෙනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න නම් අනිවාර්යයෙන් ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මුලින්ම ඡන්ද ක්‍රමය වෙනස් කරන එක වඩා ප්‍රායෝගිකයි. පළාත් පාලන හා පළාත් සභා ඡන්ද ක්‍රම වෙනස් කළ අවස්ථාවේ සියළුම පක්‍ෂ එකඟ වූ බැවින් ඒ ක්‍රමයම පාර්ලිමේන්තු මැතිවරණ සඳහාත් යොදා ගැනීම වඩා සුදුසුයි.
ක්‍රමය නෙමේ, මුදල් හොයන්න සහ තමන්ගේ බලය පෙන්වා දුෂණ ක්‍රියා කරන එක වෙනස් විය යුතුයි . පාර්ලිමේන්තුවට යන්නේ රටට සේවය කරන්නයි. තාර දාල හම්බකරනයි , පාරට ලයිට් දාල හම්බකරනයි, ඒ විතරක් නෙවේ දේව රූප එල්ලනවා වගේ රූපය එල්ලනවා පාර අය්නේ. ඊළගට පොලීසියට කතා කරලා මැරයෝ ටික එලියට දාන්න කියනවා ඡන්ද වැඩ කරන නිසා . මේකද දේශපාලන කියන්නේ ? මේවා ඉස්සෙල්ල වෙනස් කරන්න . වයසට යනකල් පාර්ලිමේන්තුවට ගිහින් යහපත් සමාජයකට පාර කපල නැහැ. දැනුත් වෙන්නේ පක්ෂය දිනවන්න ගුණ්ඩු දාන එක. රටට වෙලා තියෙන නස්පත්තියෙන් රට බේරා ගන්න එක නෙමේ . පක්ෂ පාට නොබලා සේවය කරන්න බලන්න. නැතිනම් රටටම සොරිම තමයි.
ව්‍යවස්ටා සංසෝදනයක් කරනවානම් පාර්ලිමේන්තුවටත් කොට්ඨශ ක්‍රමය ගෙනෙන්න. තියෙන මන්ත්‍රී ගණන වැඩි නොවිය යුතුයි.
බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම ඒ සඳහා ජනතා වරම ලබාගන්නේ කිසියම් වෙනසක් සඳහා දෙන පොරොන්දු ඔස්සේයි. ව්‍යවස්ථා වෙනසක් ගැන කතා කලත් ඒ වෙනස බොහෝ විට සිදු කර ඇත්තේ ජනතාවට හෝ රටට යහපතක් වන අන්දමට නොව බලය ලබා ගත් පිරිස ආරක්ෂා වන අන්දමටයි. මැතිවරණයකට නාම යෝජනා භාරදීමේදී අපේක්ෂකයිනේ සුදුසුකම් සොයා නොබැලීමේ විපාක ජනතාව අදත් භුක්ති විඳිමින් ඉන්නවා. මුළු රටම දන්නා මිනීමරුවන්, ස්ත්‍රී දුෂකයින්, කුඩු ගෙන්වන්නන් හා පාතාල නායකයින් ජන්ද අපේක්ෂකයින් වීම වළක්වාලන ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගේන්න මෙතෙක් බලයට පත් වූ හැම රජයක්ම අපොහොසත් වී සිටිනවා. අනෙක් හැම සංශෝධනයක්ම ඉහතකී සංශෝධනයට වඩා ද්වීතීයයි.