IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


’’පොරොන්දු ඉටුකරන්න බැරිව විපක්ෂ මන්ත්‍රීන් දඩයම් කරනවා’’

( +++ අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු ඉටුකිරීමට අසමත් වී ඇති හෙයින් ආණ්ඩුව අද විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවේදී ඊයේ (5) පැවැසීය.

ජනාධිපතිවරණයේදී පොරොන්දු දී ජනතා විශ්වාසය ගොඩනගාගත් නමුත් දැන් දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි බව ආණ්ඩුව තේරුම් ගෙන ඇතැයි කී මන්ත්‍රීවරයා, ශීඝ්‍රයෙන් ඉහළ යන බඩු මිල ඇතුළු ජනතා ප්‍රශ්න අමතක කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගනිමින් සිටින්නේ යයිද සඳහන් කළේය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු කුමක් හෝ වරදක් සෙවීමෙන්ම මෙහි විහිළු ස්වරූපය මැනවින් පෙනෙන්න පටන්ගෙන තිබෙන බව මුජිබුර් රහුමාන් මහතා, ඉදිරියේදී ආණ්ඩුවට විරුද්ධව එල්ලවිය හැකි දරුණු විවේචන කල්තියා මැඩපැවැත්වීමේ ක්‍රමයක් ලෙස අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවද පැවසීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුව පැවැත්විණි.

 

 



අදහස් (8)

’’පොරොන්දු ඉටුකරන්න බැරිව විපක්ෂ මන්ත්‍රීන් දඩයම් කරනවා’’

Senarath Monday, 06 January 2020 09:52 AM

රන්ජන්ගේ සහ ශානිගේ හඬ පට ටික ඇහුණේ නැතිද තවම? එ්ක ඇහුවම පෙනෙනවා පසුගිය යහපාලන රජය කරපු යහපාලනයේ තරම. 1948න් පසුව කිසිම රජයක් මේ වගේ පහත් වැඩ කරේ නැහැ. මහා බැංකුව හොරා කාපු හොරු දාම් බෝර්ඩ් බෙදපු, සිල් රෙදි බෙදපු උදවිය හිරේ දැම්මා FCID කියලා නාඩගමක් අටවාගෙන. එන මැතිවරණයේදී ලැජ්ජාවක් තියෙන කිසිම UNP කාරයෙක් ඡන්දෙ දෙන්නේ නැහැ මොවුන්ට...

:       2       370

HELARATAWASIYATuesday, 07 January 2020 01:23 PM

දාම් බෝර්ඩ් හොරු, සිල්රෙදි හොරු... කොච්චර කල් හිරේ හිටියද දන්නේ නැති නිසා අහන්නේ...

:       0       7

Bamunuarachchi Monday, 06 January 2020 10:36 AM

ඈ නුඹලා අවුරුදු 5ක් මොන බම්බුවක්ද රටට කරුවේ අඩුගණනේ හොරු ආල්ලන්න වත් බැරිවුණා. මොකද හොරු අල්ලන්න ගියොත් නුඹලාට හොර වැඩ කරන්න බැරිවෙන නිසා. මෙන්න ආණ්ඩුව, හොරු වංචනිකයින් මඩ ගසන්නන් අල්ලන කට්ටිය ඒ වැඩ ටික කරනවා. අධ්‍යාපනය හදන්න බාරගත් උදවිය ඒ වැඩ ටික සූදානම් කරනවා. අනිකුත් වැඩ බාරගත් අය ඒ වැඩ කොටස් කරනවා. ඔහෙලාට අවුරුදු 5ක් කරන්න බැරිවුණු දේවල් මේ ගොල්ලන්නට එක රැයෙන් කරන්න බැරිබව රටේ ජනතාව දන්නවා. අවරුදු 5 ගියාම කියනවා මේ ගොල්ලොත් වැඩ කලේ නැහැ කියලා. ඔය කියන ඒවාට ජනතාව අසුවුණා නම් 2019 නොවැම්බර් ප්‍රතිඵල වෙනස් හලෝ. මේ මාර්තුවේදී තමයි දුවන්න හම්බවෙන්නේ..

:       32       244

Bamunuarachchi Monday, 06 January 2020 11:23 AM

පාකිස්තානයේ දේශපාලකයෙකුට මරණීය දණ්ඩනය දුන්නාම අපි මෙහෙ ඉදන් අන්න ක්‍රමය අපේ රටේ තමයි ඔහොම නීති නැත්තේ කියමින් ඒ රටට ආවඩනවා. මෙහෙත් ඒ වැඩේ පටන් ගත්තාම ඒවා දේශපාලන පලිගැනීම කියනවා. ඔහෙලා කට වහගෙන උසාවියේදී නීතිඥයෝ ඉදිරිපත් කොරනවා මෙතන පල්හෑලි කියවන්නේ නැතිව.

:       12       91

සෙනෙවි Tuesday, 07 January 2020 12:58 PM

මොහු දඩයම් මන්දකට අසුවන දිනය වැඩි ඈතක නෙවෙයි

:       0       102

HELARATAWASIYA Tuesday, 07 January 2020 01:18 PM

අනේ බමුණු මහත්තයෝ, මෝඩකම පෙන්නන්නේ නැතුව ඉන්න. මහ දවල් ජනතාව රවට්ටන ෂෝ මේවා. ඔයා වගේ අයට හොඳයි මේවා...............

:       133       150

Bandara Wednesday, 08 January 2020 10:24 AM

දඩයම ගැන දැනගෙන ලීක් වුණු හඬපට අහගන්න.

:       0       85

Kiran Thursday, 09 January 2020 03:49 AM

හෙළ රටවැසියාගේ කිසිම හෙළ ගතියක් නැහැ. ඔහු පිටරටවසියෙකි පිටරටවැසියෙකි.

:       0       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 629 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site