(නිමල කොඩිතුවක්කු , ඡායාරූප - චතුර එස් කොඩිකාර)
ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික වශයෙන් පරාධීන ජාතියක් බවට පත්ව ඇති රට මුදා ගැනීම සඳහා සියලූ ජනතාව පෙරට ආ යුතු බව ජාතික භික්ෂු පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ශාස්ත‍්‍රපති වකමුල්ලේ උදිත හිමියෝ කොළඹදී පැවසූහ.
රටකන පාලකයන්ගෙන් සහ ජාත්‍යන්තර සතුරන්ගෙන් රට නිදහස් කරගැනීම රටේ සියලූ දෙනාගේම වගකීම වී ඇති බවද උන්වහන්සේ අවධාරණය කළහ.
කොළඹ තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
ලබන 26 වැනි දාට යෙදී ඇති ජාතික භික්ෂු දිනයට සමගාමීව ලබන 28 වැනි දා සවස 3.00ට ‘‘පරාධීනත්වයට එරෙහිව දේශයට මඟ කියන කුඩාපොළ හිමි’’ ආදර්ශ සම්මන්ත‍්‍රණය ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේදි සිදුකරන බවද ඒ හිමියෝ සඳහන් කළහ.
මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමි එහිදී මුලසුන දෙසුම සිදුකිරීමට නියමිත අතර ආරාධිත දේශන ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද රුහුණුහේවා යන මහත්වරුන් විසින් සිදුකිරීමට නියමිතය.
මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභිකයන් වන මහනෙලූබෑවේ අනුරුද්ධ හිමියන් සහ තංගල්ලේ සාරද හිමියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවනේ පරාධීන වෙන්න කැමති 62 ලක්ෂයක් ලංකාවේ ඉන්නවා. පෙනෙන්නේ නැද්ද මෙතනම පරාධීන වෙන්න කැමති අය කොපමණ ලියනවාද. මිනිස්සු හිතනවා ඥානෙස්සර හිමි හිරේ ගියාම කව්රුත් කථා කොරන්න නැහැ අපිට පුළුවන් පරාධීන වෙන්න කියලා. එහෙම වෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ පුපුරා යාමට තරම් පීඩනය වැඩි උනාම වෙන්න ඕනේ දේ වේවි. ඒ දාට මිනිස්සු මහා පාරේ.
රට මුදා ගැනීමට පස්සේ රට බාර දෙන්නේ කාටද කියන එක නේ ප්‍රශ්නේ.
JVP අයට පුළුවන් රට කරන්න . අවස්ථාව දෙමු
1948 දී අපි නිදහස් ජාතියක් බවට පත්වුණා. නමුත් 1956 යේ සිට අපේ හාමුදුරුවරු දේශපාලකයින්ට කඩේ යන්නට පටන් අරන් නැවතත් ජාතිය පරාදීන කරන්නට උත්සහ කරනවා. සිංහල පමණයි, ඉංග්‍රීසි එපා පුංචි පවුල රත්තරන් කියා වැරදි ආකල්ප ජනතාව තුළට දාන්න අපේ හාමුදුරුවරු සහාභාගි වුණා නේද? අන්තිමට මේ දෙකෙන් හාමුදුරුවරුන්ටත් වදිනකොට තමයි වැඩේ වැරදි බව තේරුනේ... පුංචි පවුල රත්තරන් වී මහණ කරන්නවත්, දරුවෙක් නැතිවෙනකොට වැඩේ වැරදි බව තේරුණා. ඉංග්‍රීසි එපා කියපු එකත් එහෙමයි. ඉංග්‍රීසි උගත් හාමුදුරුවරු පිටරට ගොස් බණ කියා හොඳ පිරිකර අරන් එනකොට තේරුණා. එ්කෙනුත් තමන්ටම වැරදුණා කියා. එ් නිසා අපේ හාමුදුරුවනේ ජනතාවට කැමති රජයක් පත්කරගන්න ඉඩදෙන්න.
ඔබට එකක් කිවයුතුයි. මම පළමුව ලීවේ 1956න් පසුව සිංහල අපේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ මටටමට පැමිණීම ගැනයි. නමුත් කොල්ලන් හැටියට මැලේ, බර්ගර් ළමයි සමග ඒ ගෙවූ ළමා කාලය හරිම සුන්දරයි. ඒ කාලයේ කොළඹ තිබුණු සමාජ ක්‍රමය තාමත් ප්‍රියකරනවා. ඒ ගැන කිවයුතුදේ බොහොමයි. එ්ත් කියලා වැඩක් නැහැ. දැන් ළමයින්ට සවසට අහල පහල ළමයි සමග එකතුවී සෙල්ලම් කිරීමේ අවස්ථාව නැතිකරලා. ඉතින් කවදා හෝ ආපසු හැරී කථා කරන්න ළමා කාලයක් අපේ ළමයින්ට තිබෙනවාද? තිබෙන්නේ ළමා කාලය ළමයි හැටියට ගෙවා ඔවුන්ගේ සීයලා ගත් විභාග ප්‍රතිඵලයම තමයි. ඕ ලෙවල් සම්මාන, විශිෂ්ට සම්මාන මෙපමණයි කියා කියන්න පුළුවන් ඒ කාලේ ළමයිනුත් ඔයටික කීවා.
ඉස්සෙල්ල කතිරය ගහන අය සමාජ සේවයක් කරන්න පුළුවන් කෙනෙක් පත් කරගන්න දැනගන්න ඕනෑ. මහජන මුදල් හූරා කන අයට, කාපු අයට තමයි වැඩි මනාප ගහලා ඉහළ තැන දෙන්නේ. ඇයි මේ රටේ ජනතාව එහෙම පුරුදු වුනේ? කොහොමද එහෙම පුරුදු වුනේ? ශිෂ්ට සම්පන්න රටක් මේ කතිරය ගහන අයට ඕනේ නැද්ද? මේ දේ දැන් පුරුදු පුහුණු කරන්න පුළුවන්ද? සල්ලි තමයි ලොකු. එ්කයි මේ රටට මෙහෙම වුනේ. අන්තිමට හරක් කියල බැන්නට වැඩක් නැහැ. අඩු ගානේ හරකුන්ගෙන් රටට වැඩක් වෙනවා. ගොම ටික පෝර, කිරි ටික කොච්චර අත්‍යාවශ්‍ය දෙයක්ද? නමුත් මේ පත් කරලා ඉන්න කට්ටියගෙන් මොකක්ද රටට තියෙන ප්‍රයෝජනය? රට සුරා කෑම පමණයි..