IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘ප්‍රතිවාදියාට එරෙහිව සජිත් අධිකරණවල රස්තියාදුවෙනවා’

(මුදිතා දයානන්ද)
 
“අපි අපේ ප‍්‍රතිවාදියාව ජනතාව නමැති සටන් බිමේදි පරදවන්න සුදානම් වෙද්දි ඊට ආත්ම ශක්තියක් නැති සජිත් පේ‍්‍රමදාස මහතා තමන්ගේ ප‍්‍රතිවාදියාට එරෙහිව අධිකරණවල රස්තියාදු වෙනවා” යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් විරවංශ මහතා අද (30) පැවසීය.
           
ඔහු මෙසේ පැවසුයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේදි පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය.
 
එහිදි ඔහු මෙසේද පැවසීය.
           
“දැන් එක්සත් ජාතික පක්ෂය ගෝඨාභය මහතාගේ හැඳුනුම්පත් දෙකක් ගැන කතා කරනවා. මම අලුතෙන් ගත් හැඳුනුම්පත මේ තියෙන්නේ (ඔහුගේ හැඳුනුම්පත මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින්). මේකේ අංකය දක්වා තියෙන්නේ 1970 ලෙසිනුයි. ඒත් මගේ පරණ හැඳුනුම්පතේ දැක්වෙන්නේ 70න් පටන් අරගත් අංකයක්. මේ දෙකේ අංක වෙනස් වන්නේ නව හැඳුනුම්පත් නිකුත් කරන ආකාරය අනුවයි. ගෝඨාභය මහත්තයා තමන්ගේ නව හැඳුනුම්පතේ අංකය දක්වා වරහන් ඇතුළේ පරණ අංකය දැක්වුවාම, හැඳුනුම්පත් දෙකක් - අංක දෙකක් කියලා රාජිත සේනාරත්න මහතා කියනවා. මේ දැන දැනම ජනතාව නොමග යවන්න දරන උත්සාහයක්. ඔවුන්ට ආත්ම ශක්තියක් නැහැ තමන්ගේ ප‍්‍රතිවාදියාට මුහුණ දෙන්න. ඒ නිසා ඔවුන් උත්සාහ කරන්නේ ප‍්‍රතිවාදියා තරගයෙන් ඉවත් කර දිනුම ගන්නයි.
           
රාජිත මහත්තයා කියනවා ගෝඨාභය මහතා නඩුවෙන් පරදිනවා, ඔහුට ඡන්දේ ඉල්ලන්න වෙන්නේ නැහැ කියලා. ඔහු කොහොමද එහෙම කියන්නේ.  මේක නඩුවට කරන බලපෑමක්. මේ විදිහට බොරු ප‍්‍රචාර කරමින් ඔවුන් උත්සාහ කරන්නේ ගෝඨාභය මහතාට ඡන්දේ දෙන්න බලාගෙන ඉන්න පාවෙන ඡන්දවලට බලපෑම් කරන්නයි. ඔවුන් මන්දෝත්සාහී කරන්නයි. පුරවැසිකම පිළිබඳ සියලු ලේඛන දැන් අපි ඉදිරිපත් කළා. ඒ නිසා මේ නඩුවෙන් ගෝඨාභය මහතාගේ අපේක්ෂකත්වයට කිසිම බලපෑමක් වන්නේ නැහැ” යැයි ද ඒ මහතා කීය.



අදහස් (6)

‘ප්‍රතිවාදියාට එරෙහිව සජිත් අධිකරණවල රස්තියාදුවෙනවා’

Chathuri Monday, 30 September 2019 01:20 PM

ඔය නඩේට පුදුම අමාරුවක් තියෙන්නේ පාස්පෝට් දෙකයි හැඳුනුම්පත් දෙකයි හදාගන්න. මොනවා කෙරුවත් මූණ බැලුවම කියන්න පුළුවන්... 60 පැනපු අයට හොඳට හොරාකන්න පුළුවන් කියලා... මෛත්‍රී, ජනාධිපති වෙන්න කලින් ඔය කටින් කියපු සක්කිලි... කතා අමතකද? එහෙම බැනපු එකා මහින්ද හොර රහසේ. විහිලුවට මෛත්‍රී අගමැති කෙරුවා තමනුත් ගියා නේද? පරණ ඇමතිකම ගන්න... ලැජ්ජයි සතියක්වත් ඉන්න බැරිවුණා. මෛත්‍රීට අපහසු කරපු සේරම කම්බහොරු... මෛත්‍රීගේ කකුල් දෙක ළඟට අරගෙන සැලියුට් ගහගත්තා. ඒක තවමත් තේරුම් ගත්තේ නැහැ නේද? ඔය ටිකම තමයි සජිත් කරන්නේ..., පාස්පෝට් දෙක දෙක හදාගෙන ඉන්න.. ජම්පරේ ඇඳන් ඇතුළට යන්න.

:       318       266

අමල්Tuesday, 01 October 2019 01:15 AM

මෙයා නේද දෙක දෙකෙන් බෙදුනම බින්දුවයි කිව්වේ?

:       1       1

Chanak los angeles Tuesday, 01 October 2019 05:21 AM

මෙන්න හොර පාස්පෝට් කල්ලියේ තවත් සාමාජිකයෙක් කුණු හෝදන්න ඇවිල්ලා. හොඳට හෝදන්න. ඊට පසුව රෙඩි වෙලා ඉන්න රොත්තම ජම්පර් ටික අඳින්න.

:       1       17

Rata Perata Tuesday, 01 October 2019 06:38 AM

නූගත් උනාම තියෙන ලෙඩ පේනවනේ ? ඔහේ එක එක්කෙනාගේ කුණු හෝද හෝදා ඉන්නවා.

:       219       314

Chanak los angeles Wednesday, 02 October 2019 03:16 AM

මේ චෝදනා වලට නඩු පවරලා තිබෙන්නේ. උසාවියේ එහෙනම් එම චෝදනා බොරු කර තමන්ගේ නිර්දෝෂී බව ඔප්පු කර පෙන්විය යුත්තේ උසවියේම හැර මාධ්‍ය සමුළු වලින් නොවෙයි. මාධ්‍ය සමුළුයි උසාවියයි කියන්නේ දෙකක්. හොරුන් හිතනවා ඇති මාධ්‍යයෙන් ඔවුන්ට ඕන දේ කිව්වාම හොරු ටික ලබා තිබෙන චෝදනාවෙන් නිදහස් කියා. එහෙම වෙන්නේ නැහැ.

:       1       2

chandana Friday, 04 October 2019 05:24 AM

මෙයාගේ හෝකන්දර ගෙදර කිට්ටුව මමත් ඉන්නේ. මෙය මාලිගාව හැදුවේ මහින්ද ගාවට යනකොට මොනවා තිබිලද. ලොකු දේශනා දෙන්නේ තමන්ගේ වත්කම් උපාය ගත හැටි ප්‍රසිද්ධ මාධ්‍යට ඇවිත් කියන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site