(එම් .සුසිල් ප්‍රියන්ත)
ප්‍රජාතන්ත්‍රවාදී සියලුම බලවේග ඒකරාශී කරගෙන විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය අපි පරාජය කරනවා. පාර්ලිමේන්තුවේ සිටින ප්‍රබල විපක්ෂය හැටියට අපිට ඒක කරන්න පුලුවන්.ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලුම දෙනා අපිත් සමඟ එකතු වේවි යැයි සමගි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (20) අම්බලන්ගොඩ පැවති ජන හමුවකදීය.
එහිදී තවදුරටත් කතා කළ ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.
‘මේ ආණ්ඩුවට ඕනෑ ජනතාවට සේවය කරන්න නෙමෙයි.ජනතාවගේ ප්‍රශ්න විසදන්නත් නෙමෙයි. විසි වැනි ව්‍යවස්ථා සංශෝදනයක් ගෙනැල්ලා ඒ අයගේ බලය තරකර ගන්නයි. විසි වැනි සංශෝධනයට අපි විරුද්ධයි. ඒකේ කතා දෙකක් නැහැ. අපි මේ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එනවට කොහෙත්ම කැමති නැහැ.මේ ව්‍යවස්ථා සංශෝධනය ජනතාවට මෙන්ම රටට මර උගුලක්. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට එය මරු පහරක් වෙනවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කප්පාදු වෙනවා.’
‘මේ ව්‍යවස්ථා සංශෝධනයට නව සංශෝධන එකතු කරලත් සම්මත කර ගන්න හොඳ එකක් නෙමෙයි. අපි පැහැදිලිවම ඒක තේරුම් අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් ජනතාවත් දැනුම්වත් කරලා මේ රටේ ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී පිරිස් ඒක රාශී කර ගෙන රටට, ජනතාවට විනයක් වූ මේ 20 වැනි සංශෝධනය පරාජය කිරීමට අපි කටයුතු කරනවා. රටේ විපක්ෂට හැටියට එය අපේ කාර්‍යභාරයක්. මේ රටට වින කරන කොඩි වින කරන ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් පරාජය කරන්න අපි පෙරමුණ ගන්නවා.’
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමඟ 20 පරාජය කරනවා’
Bamunuarachchi Sunday, 20 September 2020 02:07 PM
කටේ නරිවාදම නම් ගිහිල්ලා නැහැ.. අලුත් බලවේග හැදිලා නැහැ. ඔය තාමත් ඡන්දෙදී සහයෝගය දීපු බලවේගම තමයිපොහොට්ටුවට 2018 සිට ඡන්දෙ දීපු බලවේග පොහොට්ටුව සමගයි.
kamal Monday, 21 September 2020 05:23 AM
තනියම කරන්න බැරි නිසා නේද සියලුම බලවේග ඕන කරන්නේ.?