(රොමේෂ් මධුෂංඛ)
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියළුම අපේක්‍ෂකයන්ට බාරදීම සඳහා දෙමළ ජාතික සන්ධානය හා සී.වී.විග්නේශ්වරන්ගේ පක්ෂය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්‍ෂ 5 ක් සරසවි සිසුන් විසින් පිළියෙළ කරන ලද යෝජනාවලි සංදේශයකට එම දේශපාලන පක්‍ෂවල නායකයින් විසින් අත්සන් කර ඇත.
උතුරු හා නැගෙනහිර සරසවි සිසු සංගම් විසින් එසේ පිළියෙළ කරන ලද සංදේශය මගින් දක්වා ඇත්තේ උතුරු නැගෙනහිර පළාත්වල ජීවත්වන දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු හා ඒ වෙනුවෙන් දිය හැකි විසඳුම් පිළිබඳවයි.
ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කරනු ලබන ඕනෑම අපේක්‍ෂකයකුගෙන් අදාළ ගැටලු වෙනුවෙන් විසඳුම් ඉටු කර ගැනීමට අපේක්‍ෂිත කරුණු එහි දක්වා තිබෙන අතර මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කරනු ලබන අපේක්ෂකයා දෙමළ ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටුකරනු ඇතැයි ද බලාපොරොත්තු වන බවත් එම සන්දේශයේ අන්තර් ගතව ඇත.
දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂය, ප්ලොට්, ටෙලෝ හා දෙමළ ජාතික ජනතා පෙරමුණ හා සී.වී.විග්නේශ්වරන් මහතාගේ දෙමළ ජනතා සන්ධානය ඊට අත්සන් තබා ඇති පක්‍ෂ වේ.
කෙසේ වෙතත් ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලන් මහතාගේ පක්ෂය වන දෙමළ ජාතික ජනතා පෙරමුණ පක්ෂය විසින් අදාළ යෝජනාවලිය ඇතුළත් සංදේශයට අත්සන් තබා නොමැති අතරම දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව තනිවම පක්ෂයක් ආරම්භ කළ සී.වී.විග්නේශ්වරන් ද මෙම සංදේශය වෙනුවෙන් එක්ව අතසන් තැබීම විශේෂත්වයක් වේ.
මෙම සංදේශය ඉදිරියේ දී ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන් වෙත බාරදීමට නියමිත බවට එම දෙමළ දේශපාලන පක්ෂ නායකයින් වැඩිදුරටත් පැවසූහ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා අන්ත පරාජයක් ලබනවා’
Bamunuarachchi Sunday, 27 October 2019 10:11 AM
නොවැම්බර් 16 වැනිදායින් පස්සේ බාරදෙන්න. මේ වෙලාවේ ඕවා කියව කියවා ඉන්න වෙලා නැහැ...