IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පාතාලය නිසා යුද සමයටත් වඩා මිනිසුන් බයෙන්

(නාලක සංජීව දහනායක)
 
පාතාල ක‍්‍රියාකාරකම් නිසා යුද සමයටටත් වඩා මිනිසුන්ගේ ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (28) පැවසීය. 
 
පාතාලය මර්දනය කර සියලූම මිනිසුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට ආණ්ඩුව වහාම ක‍්‍රියාත්මක වියයුතු යැයිද මන්ත‍්‍රීවරයා කීය.   
 
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
 
‘පාතාලයේ නැගිටීමත් සමඟම රටේ සියලූම මිනිසුන්ගේ ජීවිත බරපතළ අනතුරකට ලක්වෙලා. පක්‍ෂ භේදයෙන් තොරව සියලූම මිනිසුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සෑම ආණ්ඩුවකම වගකීමක්. නමුත් අද වනවිට එල්.ටී.ටී.ඊ පාලන කාලයටත් වඩා සාමාන්‍ය ජනතාවගේ ජීවිත අනාරක්‍ෂිත වෙලා. නිවරදිව නීතිය ක‍්‍රියාත්මක කරනන් පොලීසියට අවස්ථාව දෙන්න  ඕනෑ. නමුත්  දේශපාලන බලපෑම් නිසා මේ තත්ත්වය පාලනය කරන්න පොලීසියට නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා.
 
 පසුගිය 19 වැනිදා සිට 26 වැනිදා දක්වා වූ සතියක කාලයකදී මනුෂ්‍ය ඝාතන 15ක් පමණ සිදුවී තිබෙනවා. මේ තත්ත්වය නතර කිරීම රජයේ වගකීමක්. උතුරු ප‍්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ ක‍්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් ආයුධ සමඟ අත්අඩංගුවට පත්වෙනවා. දකුණු පළාතේ පාතාලය හිස ඔසවනවා. බලය ලැබුණු ගමන්ම බුද්ධි අංශ නිළධාරීන් සිරගත කළා. ඒ නිසා විවිධ අපරාධකරුවන්ට, මංකොල්ලකරුවන්ට නිදහසේ හිස ඔසවන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. දිනපතාම සිදුවන මන්ෂ්‍ය ඝාතන හා මංකොල්ල කෑම් නිසා අපේ රට ජාත්‍යන්තරයේ පිරිහීමට ලක්වෙනවා. ආයෝජකයන් නොඑන නිසා ආර්ථිකය කඩා වැටෙනවා.‘
 
ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (28) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (0)

පාතාලය නිසා යුද සමයටත් වඩා මිනිසුන් බයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site