IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


’ පටු දේශපාලන අරමුණු වළකමු ’ - බෙල්ලන්විල විමලරතන හිමි

(මුදිතා දයානන්ද)
 

බහුරතයක් සාමාන්‍ය ජනතාව අපි අතර සංස්කෘතික වෙනස්කම් වලට ගරු කරමින් සහයෝගයෙන් ජීවත් වීමට සුදානම් වුවත් ඇතැම් දේශපාලඥයින් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ වෙනස්කම් බේද බවට පත් කරනවා. ඒ කෲර වෑයම වළක්වාගැනීමේ වගකීම අපි සියලූ දෙනාටම තිබෙනවා යැයි බෙල්ලන්විල රජමහා විහාරස්ථානාධිපති බෙල්ලන්විල විමලරතන හිමියෝ අද (10) පැපිලියානේදී පැවසුහ.

ලංකාව කියන්නේ ඉතාම කුඩා රටක්. අපි කවදාවත් ඒ බව අමතක නොකළ යුතුයි. මේක දියුණු කරන්න නම් අපි අතර සමගියක් පැවතිය යුතුයි. අපි පුද්ගලයන් හැටියට හෝ භූමිය හැටියට හෝ කොටස් වලට බෙදුනොත් මේ රට දියුණු කරන්න බැහැ. 

අපේ රටටත් වඩා කුඩා, අපිට තිබෙන සම්පත්වලින් සීයෙන් එකක්වත් නැති සිංගප්පුරුව දියුණු වුණේ ඒ රටේ නායකයින්ට සෑම දෙනා අතරම ජාතික සමගිය පවත්වාගෙන යන්න හැකිවීම නිසයි. එහෙත් අපේ රටේ අවාසනාවට අපේ ඇතැම් දේශපාලඥයින් පටු දේශපාන අරමුණු වෙනුවෙන් අපි අතර තිබෙන සංස්කෘතික හා ආගමික වෙනස්කම් බේදයන් බවට පත් කරනවා. ඔවුන්ගේ ඒ කෲර වෑයම වළක්වාගැනීම අපි කාගෙත් වගකීමක් බව විමලරතන හිමියෝ සඳහන් කළහ.



අදහස් (7)

’ පටු දේශපාලන අරමුණු වළකමු ’ - බෙල්ලන්විල විමලරතන හිමි

saman padukkavidana Wednesday, 11 October 2017 02:51 AM

අතීතයේ මෙන් පක්ෂක්ග්රාහි නොවන ඔබවහන්සේලා වැනි හිමිවරු මේ සදහා නායකත්වය ගන්න අපි උපරිම සහය දෙන්නම්

:       12       584

ruminda Wednesday, 11 October 2017 11:17 AM

ඔබේ අදහස වටිනවා අගය කරනවා. ඔබ වහන්සේ මෑතක දී බණකට වැඩියද? .......... පොඩ්ඩක් නමෝ විත්තියෙන් මෙනෙහි කරන්න. ඔබ වහන්සේගේ පන්සලේ තුළද ඔබේ පවුලේ කට්ටියට විශේෂ වරප්‍රසාද ,ඔබ සලසා දෙනවනේද? ඔබ වනසේ ධර්මයට කැපකර ඇති ඔය ජිවෙතේ, කුමකටද ?.ඔබ වහන්සේ සුපිරි ජිවිතක් ගතකරන ගමන් ,මේමොන විහිලු කතාද? ................

:       272       71

SachithThursday, 12 October 2017 03:04 AM

බෙල්ලන්විල හාමුදුරුවෝ කරපු ශාසනික සේවාව බෞද්ධ මිනිස්සු නම් හොඳට දන්නව. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති විදියටත් සෑහෙන සේවයක් කරපු උන්වහන්සේගේ සේවය දරා ගන්න බැරි, බලු වැඩ කරන උන්ට බනිනකොට රිදෙන උන් බුදු හාමුදුරුවොන්ගේ කාලෙත් හිටියා. දෙව්රම් වෙහෙරට අල්ලපු වැටේ හිටපු චුන්ද සූකරිකට බණ අහන්න පින් තිබුනේ නෑ නේ.

:       1       16

JayasekaraThursday, 12 October 2017 03:08 AM

ඔයාගේ ආගමේ අය ගැන පොඩ්ඩක් ඉස්සෙල්ල හොයල බලන්නකෝ.

:       0       0

Sathyayaa Sunday, 29 October 2017 11:57 PM

රුමින්ද! ඔබේ කටේ මසුරන් දාන්න වටිනවා. ඇත්ත කියන්නත් පැදුරේ නිදියගන්නත් කිසිම කෙනෙක් බිය විය යුතු නැහැ.

:       0       1

Kamal Thursday, 12 October 2017 03:13 AM

පරිස්සමෙන් අපේ හාමුදුරුවනේ. සෝම හාමුදුරුවො, මාදුලුවාවේ සොභිත හාමුදුරුවො අපවත් කරවූ අය අද රට පාලනය කරන්නේ. වෙන ආගම් වල නායකයන්ගෙන් උපදෙස් අරන් ඒව සාධාරණීකරනය කරන්න මහ නායක හාමුදුරුවො හම්බෙන්න යනව විතරයි. පරිස්සමෙන්.

:       0       1

sathyayaa Wednesday, 25 October 2017 01:16 AM

බුද්ධ භාෂණයේ එක වැදගත් ප්‍රකාශනයක් තමයි "පූජාත පූජනීයානං". එහෙත් අසරණ කමට හෝ නොදන්නා කමට අදත් මිනිස්සු ගස් ගල් වැනි මිනිස්සුන්ට වඳිනවා. මෙතෙන කොමෙන්ට්ස් දාල තියෙන ඇතෙමෙකුට මේ වෙනස තවම වටහා ගන්න ට බැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site