ඩයනා උදයංගනී
පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විශාල ජයග‍්‍රහණයක් ලැබෙනු ඇති බවත්, එබැවින් මැතිවරණයෙන් පසු වෙනත් පක්‍ෂයක් සමඟ ඒකාබද්ධ වීමේ වුවමනාවක් නැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ, ජී.එල්. පීරිස් මහත්තයාගේ පක්‍ෂය හෝ ඕනෑම පක්‍ෂයක අයට අවශ්‍ය නම් ශ්‍රී.ල.නි.පය සමඟ එක්විය හැකි බවද මහලේකම්වරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අය මහින්ද රාජපක්‍ෂ මහතා එහි සාමාජිකත්වය ලබාගන්නා තුරු බලා සිටියත් එතුමා එම පක්‍ෂයට නොයන්නේ එය පරාජය වන බව දන්නා නිසා යැයි කී අමාත්‍යවරයා ඒ හේතුවෙන් ජී.එල් පීරිස් මහතා බැසිල් රාජපක්‍ෂ මහතා ද කරේ තබාගෙන තනිවී සිටින බවද කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවල් හීන! මේ ගොල්ලෝ බොරුවට එජාපය සමග රණ්ඩු වෙන බව ඡන්දෙට පෙර පෙන්නලා පෙබරවාරි 10න් පස්සේ ආයිත් එකතුවෙනවා. බලන්න ශ්‍රීලනිපය දියවෙන හැටි.
මෙවර පුංචි ඡන්දෙන් 1 එජාපය 2ශ්‍රිලනිපය 3 ජවිපෙ 4 පොහොට්ටුව. යථාර්තය එයයි.
ආ ....එහෙමද ..ආස ?