IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් සහ ක්‍රමවත් ආර්ථික සැලැස්මක් පාලකයින් සතුව නෑ’


 
ජුඩ් සමන්ත
 
වර්තමානයේ අප රට පත්වී ඇති තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් සහ ක්‍රමවත් ආර්ථික සැලැස්මක් පාලකයින් සතුව නොමැතිකම නිසා යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.


මාදම්පේ සමුපාකාර රංග ශාලාවේ පැවති “එළිය” විද්වත් කථිකාවත 7 වැනි වැඩසටහනට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.


වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙසේද කියා සිටියේය.


මම පැවත එන්නේ දේශපාලන පවුලකින්.මගේ පියා දේශපාලනය ආරම්භ කරන්නේ මම උපදින්නටත් කලින්.රාජපක්ෂවරුන් හම්බන්තොට ප්‍රදේශයට සේවය කරන්න පටන් ගන්නේ 1935 වසරේදී. ඒ මගේ ලොකු තාත්තාගෙන්.මගේ පියා වසර 20 ක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සහ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඊට පස්සේ මගේ සහෝදරවරුන් වන හිටපු ජනාධිපතිතුමා, හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන අයත්, ඥාතීන් වන ලක්ෂමන් රාජපක්ෂ සහ ජෝර්ජ් රාජපක්ෂ, නිරුපමා රාජපක්ෂ, නාමල් රාජපක්ෂ  ආදී වශයෙන් පරම්පරා තුනක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපානය කරපු අය.ඒ ආකාරයට රාජපක්ෂවරුන්ව පරම්පරා තුනක් පාර්ලිමේන්තුවට තෝරා ගන්නේ ජනතාව තුළ යම් කිසි විශ්වාසයක් ඇති නිසයි.අපේ පියා හරි හම්බ කරපු දේ තමයි ජනතාව.


මම හිතන්නේ දේශපාලනය ඉගෙන ගත යුත්තේ පාර්ලිමේන්තුවට ඇවිත් පමණක් නොවෙයි කියලයි. අපි දන්නවා දේශපානය ගැන විශාල අවබෝධයක් තියන අය මේ සභාවෙත් ඉන්නවා. ඒවගේම විවිධ තනතුරු ලබා ගන්න දේශපානය නිසා ඇතැම් අයට අවස්ථාව ලැබෙනවා. සමහර අයට එම අවස්ථාව ලැබෙන්නේ නෑ.


දේශපාලන පවුලකින් පැවත ආවත් මම යුද හමුදාවට බැදුණ නිසා දේශපානය කරන්න ඉදිරිපත් වුනේ නෑ.නමුත් මට මතකයි පාසල් ශිෂ්‍යයෙක් වශයෙන් සිටින කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයා මුල් වරට ලාබාලතම දේශපාලකයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන විට එතුමා ජයග්‍රහණය කරන්න මමත් එදා ගෙයක් ගෙයක් ගානේ ගිය හැටි.


2005 වර්ෂයේ ජනාධිපතිවරණය පැවැත්වෙන කොට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් වයඹ පළාත බාර අරගෙන වැඩ කටයුතු කළේ මම.මට එය හොදට මතකයි.දේශපාලනය ගැන කථා කරන්න,දේශපාලනය කරන්න රට වැසියෙකු වශයෙන් ඕනෑම පුද්ගලයෙකුට අයිතිවාසිකමක් තියනවා.



අදහස් (0)

‘නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් සහ ක්‍රමවත් ආර්ථික සැලැස්මක් පාලකයින් සතුව නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 794 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site