IMG-LOGO

‘‘නිෂ්පාදකයන්ගේ සහාන කපා ජනතාවට බදු පිට බදු ගහලා‘‘

(ලලිත් නවරත්න)

අපේ රටේ ගොවි ජනතාවට, ධීවරයන්ට, ව්‍යාපාරකයන්ට විවිධ ව්‍යවසායකයන්ට, නිෂ්පාදකයන්ට දියයුතු සහනාධාරය කොල්ල කාලා සාමාන්‍ය ජනතාවට බදුපිට බදු ගහලා ඒ මුදල් කොල්ල කාලා පවුල් පරම්පරා පිටින් සුරසැප විදිමින් රට අන්තිම විනාශ මුඛයට ඇදල දමපු ලෝකයේ පාලකයෝ සිටින රටක් වේනම් ඒ රට ශ්‍රී ලංකාව බව ජාතික ජන බල වේගයේ නායක සහ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අපේ රටට 1948 නිදහස ලැබෙද්දි ආහාර මුදල් අතිරික්තයක් තිබුනේ මහා බ්‍රිතාන්‍යයත් අපිත් ඒක්ක ගනුදෙනු කරලා තිබුනා. ඒදා මෙදා තුර ‌අපේ රට මාරුවෙන් මාරුවට අවුරුදු 76 පාලනය කළ මේ දෙපක්ෂය අපට අද වෙනකොට උරුම කරලා දීලා තියෙන්නේ ආරථික, සාමාජික, දේශපාලනික වශයෙන් අන්තිම අගාධයට ඇදලදාලා විනාශ කරපු රටක්.

දරුවකුට නියම අධ්‍යාපනයක් නෑ. ව්‍යාපාරියකුට ආයෝජකයකුට ආයෝජනය කරන්න රට තුල වැඩපිළිවළක් නෑ. තරුණ තරුණියන්ට අනාගතය පිළිබඳව කිසිදු විශ්වාසයක් නෑ. ගොවීන් තමන්ගේ වගාවන් කරගන්න බැරුව පිරි වැය දරාගන්න බැරුව යම් අවස්ථාවක වහ බොනවා. උගතුන්ට රැකියා නෑ රැකියා ඉල්ලා පාරට බැහැපුවාම බැටන් පොලු පහරින් කදුලු ගෑස් වලින් සලකනවා .

මේ පිරිස අපිනම් කිසිම වරදක් කරලා නෑ. කියලා පිල්මාරු කරමින් ළිංමැඩියෝ වගේ ඒහාට මෙහාට පනිමින් ජනතාවට තමන්ගේ හෙලුව වහන්න උත්සාහ කරනවා. ඒ් ඉස්සර මෙවර ජනතාව රවටන්න බෑ. මෙච්චර විනාශයකට රට ඇදලා දමාපු පිරිස් අලුත් මුහුණු වරකින් නැවත රට පාලනය බලය ඉල්ලනවා. මේ අය රෙදි ඇදන්ද මේ බලය නැවත වරක් ඉල්ලන්නේ.

ඔය දෙපිරිසේ බොහෝ අය අවස්ථා ගනනාවකදී අපේ පැත්තට ඒන්න සිග්නල් දැම්මා. රට විනාශයට පත් කරන්න දායක වුණ කිසිම පුද්ගලයෙක් අපේ කඳවුරට ගන්නේ නෑ. අපිත් ඒක්ක ඒකතුවිය යුත්තේ හොරා නොකන කොමිස් නොගසන රටට ජනතාවට ආදරය කරන පුද්ගලයින්ට පමණයි.

ලබන සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ජනතාව දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවේ හලාවත නගර මධ්‍යයේ  රැස්වීමේදී ජනතාව අමතමින් අනුර කුමාර දිසානායක මහතා ඒසේ පැවසුවේය.

 



අදහස් (2)

‘‘නිෂ්පාදකයන්ගේ සහාන කපා ජනතාවට බදු පිට බදු ගහලා‘‘

විජිත් Monday, 29 July 2024 06:25 PM

මාලිමාව ,ජනතාවගේ එකම අනාගත ප්‍රාර්ථනාව.ජාතිකජනබලවේගයට ජයවේවා !!!

:       27       58

Nimal Tuesday, 30 July 2024 11:22 AM

ජය වේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 79 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 634 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site