(***නිමල කොඩිතුවක්කු, ***දෙහිවල එච්.එම්. ධර්මපාල, ***කැස්බෑව ජී.එච්. එස්. කහටපිටිය)
කඩා වැටී ඇති එක්සත් ජාතික පක්ෂය නැවත ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමට රුවන් විජයවර්ධන මහතාට හැකියාව ඇතැයි බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පැවසූහ.
‘ශක්තිමත් පදනමක් ඇති, නිවැරදි ප්‍රතිපත්තියක් තිබෙන විරුද්ධ පක්ෂයක් රටට අවශ්‍ය බවත් ඒ කාර්ය භාරය ශක්තිමත්ව ඉටු කිරීමට රුවන් විජයවර්ධන මහතාට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවත්’’ උන්වහන්සේ අනුශාසනා කළහ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ආශිර්වාද ගැනීම සඳහා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ ධම්මරතන හිමියෝ මේ බව පැවසූහ.
රුවන් විජයවර්ධන මහතා විහාරස්ථානයට පැමිණ ආගමික කටයුතුවල නිරත වීමෙන් අනතුරුව මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ජායනය කර සෙත් ප්‍රාර්ථනා කළහ.
වැඩිදුරටත් අනුශාසනා කළ බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ මෙසේ ද කීහ.
“රුවන් විජයවර්ධන මහතාගේ පවුල් පසුබිම ගත්තත් ආගමට දහමට ලැදි පවුලකින් එතුමා පැවත ගෙන එනවා. ඒ ආභාෂය ගනිමින් රුවන් විජයවර්ධන මහතා කටයුතු කරනවා. මහා විහාරය ඉදිකරන අවස්ථාවේත් මේ පවුලෙන් අපට බොහෝ විශාල උපකාර ලැබී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය දුර්වල වෙලා කඩා වැටුනට පසු දැන් විජයවර්ධන මහතාට පක්ෂය ගොඩනැගීමේ වගකීම පැවරිලා. දැන් පක්ෂය ශක්තිමත් කර ඉදිරියට ගෙන යන්න විශාල කැප කිරීමක් කරන්න වෙනවා.
පක්ෂය වැටිලා තිබෙන වෙලාවක ගොඩගෙන ඉදිරියට ගන්න විට ඔබතුමන්ගේ සංවිධානාත්මක ශක්තියත් වැඩිවෙනවා.
දේශපාලන අදහස් කොහොම වුණත් ලංකාවේ ශක්තිමත් විරුද්ධ පක්ෂයක් තිබිය යුතුයි.
ශක්තිමත් පදනමක් තිබෙන නිවැරදි ප්‍රතිපත්තියක් තිබෙන ශක්තිමත් විරුද්ධ පක්ෂයක් රටට තිබිය යුතුයි. ඔබතුමන් වගේ දක්ෂ තරුණ නායකත්වයක් මෙතනට පත්වීම මහා සංඝ රත්නය විදියට අප අගය කරනවා.
ආගමට, සංස්කෘතියට ලැදියාවක් දක්වන, බෞද්ධ ආභාෂයෙන් පෝෂණය වූ අයෙකු පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයට පත්වීම අපි අගය කරනවා.
රුවන් විජයවර්ධන මහතාගේ පවුලේ උදවිය ආගම දහමට බොහොම ලැදියි. ඒ වගේම ශාසනික ජාතික වශයෙන් ලැදියි. මේ පරම්පරාවෙන් ලැබිච්ච පසුබිම ඔබතුමන්ට තිබෙනවා. ඒ වගකීම ඔබ හොදින් ඉෂ්ඨ සිද්ධ කරයි කියා අප විශ්වාස කරනවා යයිද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේ කීවේය.
“රටේම ජනතාව විශාල ප්‍රසිද්ධියක් දී මේ ආණ්ඩුව බලයට පත් කර ගත්තා. එකම රටක් එකම නීතියක් කියලා තමයි කිව්වේ. නමුත් දැන් ඒක පේන්න නැහැ.
විසිවැනි සංශෝධනය සම්මත වෙලා මුළුමනින්ම එය ක්‍රියාත්මක වන බව දැන් පෙනී යනවා. ස්වාධීන අධිකරණයක් තිබෙනවද කියා අපට ප්‍රශ්න කරන්න වෙලා. එක එක අපරාධවලට අහුවෙච්ච අය ආණ්ඩුවට අවශ්‍ය විදියට නිදොස් කරන බවක් අද පෙනී යනවා යන්න මගේ මතයයි.
මේ වැඩපිළිවෙළ ගැන අප ගොඩක් කණගාටු වෙනවා. ජාතික ආරක්ෂාව ගැන මේ ආණ්ඩුව බොහොම ඉහළින් කතා කළා. අද කරුණා, පිල්ලයාන් වැනි ත්‍රස්තවාදීන් නිදහස් කරමින් ආණ්ඩුව කටයුතු කරමින් යනවා.
හමුදාවේ දහස් ගණනක් ඝාතනය කළා කියා මහ මැතිවරණයේදී කරුණා අම්මාන් ප්‍රකාශ කළා. ඉදිරියේදී රටේ ජාතික ආරක්ෂාවට මොනවා වෙයිද කියා කල්පනා කරන්න වෙනවා.
අනෙක් පැත්තෙන් 19 මගින් ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභා ටික ඉවරයි. දැන් ස්වාධීන කොමිෂන් සභා කියා එකක් නැහැ. කොමිෂන් සභාවලට අවශ්‍ය පුද්ගලයන් රටේ නායකයින්ට අවශ්‍ය විදියට දාලා. රට පත් වෙලා තිබෙන තත්ත්වය ගැන එක්සත් ජාතික පක්ෂය විදියට අප කණගාටු වෙනවා.
ඉදිරියේදී රජයේ ආයතනවලින් මාධ්‍ය ආයතනවලට දෙන දැන්වීම් සියල්ලම තමාගේ අනුමැතිය අනුව තමයි ලබාදෙන්නේ කියලා පී.බී. ජයසුන්දර මහත්තයා රෙගුලාසියක් දාලා තියෙනවා අපි දැක්කා. මේකෙන් කරන්නෙ ඇත්තටම පෞද්ගලික මාධ්‍ය එක පැත්තකින් සිර කරන එකයි.
ඒ ආයතනවල ආදායම දැන් එක පුද්ගලයකු විසින් තීරණය කරනවා මේ ආයතනයට මේක දෙන්න ඕනෑ, මේ ආයතනයට මේක දෙන්න ඕනෑ කියලා.
අනික් පැත්තෙන් ස්වාධීන මාධ්‍යයත් දැන් හිරකරන තත්ත්වයට ඇවිල්ලා තිබෙනවා. මේ පිළිබඳව කණගාටුයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය දැන් අහිමි වීගෙන යනවා. විසිවන සංශෝධනයේ පළවිපාක තමයි අපට දැන් ගෙවන්න වෙලා තිබෙන්නේ.
සජිත් ප්‍රේමදාස මහතා සමග ඉන්න පිරිසත් පක්ෂයේ අවුරුදු ගානක් අපත් එක්ක හිටපු අයයි. සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායමේ කිහිප දෙනෙකු අපත් එක්ක දැන් සාකච්ඡා කරනවා.
මේ යන තත්ත්වය උඩ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නම් එක්සත් ජාතික පක්ෂය පමණක් නෙමෙයි සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු කණ්ඩායම් එක වේදිකාවකට එන්න වෙනවා යයිද ඔහු එහිදී පැවසීය.
මේ අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා බෙල්ලන්විල රාජමහා විහාරයට ගොස් විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
විශේෂ බෝධිපූජා පිංකමක්ද එහිදී පැවැත්විණි.
රුවන් විජයවර්ධන මහතා සමඟ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකයින් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නිවැරැදි ප්‍රතිපත්තියක් තිබෙන විපක්ෂයක් රටට දැන් ඕනෑ
kapila Friday, 27 November 2020 11:22 AM
කවුද මේ මහත්තයා..?
gaminiSaturday, 28 November 2020 03:54 PM
කලබල නැති, ඉවසීමකින් වැඩකරන සරල බවින් යුතු තරුණ නායකයෙක් වගේ පේනවා.
de silva Friday, 27 November 2020 02:23 PM
පාර්ලිමේන්තුවේ ආසනයක් දිනාගන්න බැරිව ජාතික ලැයිස්තුවෙන් ලැබුණු මන්ත්‍රීකමට මාස 03ක් ගිහින් මන්ත්‍රී කෙනෙක් පත්කරගන්න බැරිව දඟලන පක්ෂයක නියෝජ්‍ය නායකයෙක්...
NIHALFriday, 27 November 2020 05:53 PM
සිල්වා අර ඔයාගේම කරගන්න හදපු සුවසැරියට කවුද මොනවද කරලා..
Vinivida Saturday, 28 November 2020 03:49 PM
මොනරාගලදී පැවති එක්සත් ජාතික පක්ෂ රැස්වීමක් අතරවාරයේදී සිදුව ඇති සුළු සිදුවීමක් මාධ්‍ය මගින් පලවිය. මෙවැනි සිදුවීම් ඉදිරියේදීත් සිදුවීමට තිබෙන්නාවූ ඉඩකඩ වැඩිය. පාක්ෂිකයා සිටින්නේ වේදනාවකිනි. ඔවුන්ගේ වේදනාව සහ පීඩනය මුදාහැරීමට කෙසේ හෝ ඔවුන්ද අවස්ථාවක් එනතුරු සිටි. දැවැන්ත පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය පිළිබඳව ඔවුන්ට සත්‍ය වශයෙන්ම වේදනාවක් ඇත. බොහෝ පාක්ෂිකයින් දුර නොබලා ඔවුන්ගේ පීඩනය පිටකිරීම සාධාරණයි. එම නිසා ඔවුන් තුළ තිබෙන්නා වූ පීඩනයට සවන් දිය යුතුම වේ. ඔවුන් කුමක් කීවද ඔවුන්ගේ සියලු පිට කිරීම් සාවදානව අසා සිටීම ඉතාම වැදගත් වේ. පාලිත තෙවරප්පෙරුම සහභාගි කරවමින් තනිවම යූ ටියුබ් මගින් පසුගිය දිනවල කරනලද ප්‍රකාශ වලදී ඔහුට සමගි ජනබලවේගයේ නායකයාව විවේචනය කිරීමේ හැකියාව පවතී. ඒ සඳහා ඔහුට අවශ්‍ය හරවත් කරුණු ලබාදීමද සිදුවිය යුතුය. රැස්වීම වලදී සජිත් පිළිබඳව මතයක් අැතිවුවහොත් ඔහු මේ වනවිට වෙනත් පක්ෂයක නායකයකු බව ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් වේ. නමුත් පාලිත තෙවරප්පෙරුම දේශපාලන නායකයන් සමග රට වටා යන අවස්ථාවලදී සජිත්ව විවේචනය කිරීම නවතා දැමිය යුතුවේ.
vinivida Saturday, 28 November 2020 03:50 PM
මේ වනවිට සජිත්ට කැමති පාක්ෂිකයන පවා අසරණව තිබේ. පාක්ෂිකයන් සියල්ලෝම එක්සත් ජාතික පාක්ෂිකයෝය. පාලිත තෙවරප්පෙරුමට සාමාන්‍ය ජනතාවට කතාකිරීමේ ක්‍රමවේදය නිවැරදි වුවත් ඔහු සමහර අවස්ථාවලදී ඉවසීමක් නොමැතිව ක්‍රියා කරනු පෙනේ. එමනිසා රැස්වීම් වලදී ඔහුට එක්සත් ජාතික පාක්ෂිකයෝ කුමක් කිව්වද එයට සංවේදීව අසා සිටීමට අවශ්‍ය උපදෙස් ලබාදිය යුතුව ඇත.
Rohana Sunday, 29 November 2020 09:19 AM
පක්ෂයක් හරියාකාරව මෙහෙයවන්න වුවමනාවක් නැති අය ප්‍රතිපත්ති රකින්නේ කොහොමද? රනිල් මෙතරම් කලක් බලා හිටියේ පක්ෂය හා ප්‍රතිපත්ති පසෙකට දමා සජිත්ට කැපිල්ල දමා රනිල්ගේම පන්තියේ නෑදෑකම් තිබෙන අය ඉදිරියට ගන්න නේද?