(*** අංජුල මහික වීරරත්න)
නිරෝධායන පනත ශක්තිමත් කළ යුතු බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ප්‍රසිද්ධියේ පවසා ඇතැයිද එලෙස නිරෝධායන පනත ශක්තිමත් කළ හැක්කේ පාර්ලිමේන්තුව නැවත කැඳවීමෙන් යැයිද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය.
මේ අනුව සෞඛ්‍ය අංශ මැතිවරණය සඳහා කොළ එළියක් ලබා දී නැතැයිද කිරිඇල්ල මහතා කීය.
කොළඹදී පෙරේදා (27) පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවැසීය.
මේ වන විට පාර්ලිමේන්තුව මාස 03ක් වසා දමලා. මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරලා තිබුණා මැතිවරණය පැවැත්වීමට නම් වෛද්‍යවරුන් සහතික කිරීමෙන් පසුව දින 75ක් අවශ්‍යයි කියා. ඒ අනුව මැතිවරණය පැවැත්වෙන්නේ අගෝස්තු මාසයේ. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය වශයෙන් අපේ රටේ පාලන ක්‍රමයේ කුලුනු තුනක් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටකට මේ අයුරින් මාස 06ක් පාර්ලිමේන්තුව වසා තබන්න හැකිද යන්න ගැටලුවක්. ඒ නිසා තමයි අද අධිකරණයේ මතය විමසන්නේ.
ව්‍යවස්ථාවට වගකියන ජනාධිපතිවරයා ජුනි 02ට පෙර පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්නම් අධිකරණයට පාර්ලිමේන්තුව කැඳවිය හැකියි. එම නිසා තමයි අද අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරලා තිබෙන්නේ. අපේ රටේ ව්‍යවස්ථාවේ 4/C වගන්තිය අනුව ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණ වලට පවරලා තිබෙනවා. අද පුවත්පත් වල උසස් නීතිඥ මහත්වරු ප්‍රකාශ කරලා තිබුණා පාර්ලිමේන්තුව මැරිලා කියා. එතකොට පාර්ලිමේන්තුව මැරිලා නම් පාර්ලිමේන්තුව කොහොමද අධිකරණ වලට උසාවි බලය දෙන්නේ? මොකද පාර්ලිමේන්තුව තමයි ජනතාවගේ අධිකරණ බලය උසාවි වලට පවරන්නේ. පාර්ලිමේන්තුව මැරිලා නැහැ. එය ජනාධිපතිවරයාට හෝ අධිකරණයට නැවත අවදිකළ හැකියි. මාස 06ක් පාර්ලිමේන්තුව නැහැ කියන්නේ ඒකාධිපති පාලනයකට අවතීර්ණ වෙනවා කියන එකයි.
ඒ වගේම අද රජය කියනවා කොරෝනා ඉවරයි කියලා. ජනවාරි මාසයේ එක රෝගියෙක් සිටියේ නැහැ අප රටේ. නමුත් අද දහස ඉක්මවලා ගිහින්. රජය මොන පදනමකින්ද මේ තත්ත්වය ඉවරයි කියන්නේ. අපි පෙබරවාරි මාසයේ යෝජනා කළා ගුවන්තොටුපළ වසා දමා රටම නිරෝධායනය කරන්න. එසේ කළානම් අද එක රෝගියෙක්වත් අප රටේ නැහැ.
ඒ වගේම වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අධිකරණයට දුන් ලිපිය පැහැදිලි කළා. ඔහු ප්‍රකාශ කළේ මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කිරීම ගැන පමණයි. ඒ කියන්නේ ඡන්දපොළ නියෝජිතයන්, මැතිවරණ නිලධාරින් පත්කිරීම, ඡන්දපොළවල් වැඩිකිරීමට අවශ්‍ය කටයුතු, රජයේ නිලධාරින් බඳවාගැනීම් යනාදි කටයුතු පමණයි. ඔහු පැහැදිලිව ප්‍රකාශ කරනවා කොරෝනා දෙවන රැල්ලක් ආවොත් කිසි දෙයක් කරන්න වෙන්නේ නැහැ කියා. ඔහු මැතිවරණයට කොළ එළියක් දීලා නැහැ. මැතිවරණය පැවැත්වීම පිළිබඳව පැහැදිලි නිගමනයක් තවම දීලා නැහැ.
වෛද්‍ය ජාසිංහ මහතාගේ එම වැඩසටහන මම නැරඹුවා. ඔහු එතනදී ප්‍රකාශ කරනවා නිරෝධායන පනත ශක්තිමත් කළ යුතුයි කියා. එයින් අදහස් කරන්නේ නව නීතිරීති අවශ්‍යයි කියා. නීති සම්පාදනයට වගේම නිරෝධායන පනත ශක්තිමත් කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි. ඔහු නොකියා කියනවා පාර්ලිමේන්තුවේ අවශ්‍යතාව. සමගි ජන බලවේගය මැතිවරණයකට සුදානම්. නමුත් අසම්පූර්ණ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරලා රට මැතිවරණයකට ඇදගෙන ගිහින් මහා ව්‍යසනයක් ඇති වුවහොත් රජය එයට වගකියන්න ඕන.
මෙහිදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න සහ කිරිඇල්ල මහතා ඊට දුන් පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය - පාර්ලිමේන්තුව කැඳවන්න ඉල්ලීම් කරන්නේ මැතිවරණකට ඇති බිය නිසාද?
පිළිතුර - අපේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව මාස තුනකට වඩා වසා තබන්න බැහැ. නීත්‍යානුකූලව ජනාධිපතිතුමාට කරන්න තියෙන්නේ ජුනි 2ට පෙර පාර්ලිමේන්තුව නැවත වරක් කැඳවලා නිවේදනයක් මගින් නැවත විසුරුවා හැරලා මැතිවරණයකට දිනයක් නියම කරන්න. ඇත්තටම එයයි කළ යුත්තේ. එතුමාට ඕන විදිහට පාර්ලිමේන්තුව ඇදගෙන යන්න බැහැ. මොන රටේද මාස 06ක් පාර්ලිමේන්තුව වසා තබන්නේ. අපිට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටයි.
ප්‍රශ්නය - පාර්ලිමේන්තුව කැඳවීම හරහා රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ උත්සාහයන් පිළිබඳ ආණ්ඩුවට ඇති සැකය නිසා මෙලෙස කටයුතු කරනවාද?
පිළිතුර - අපේ පක්ෂ නායකයන් ලිඛිතව දුන්නා පාර්ලිමේන්තුවට විස්වාසභංග යෝජනා ඉදිරිපත් කරන්නේ නැහැ කියා. කොරෝනා මර්දනය කිරීමට ආණ්ඩුවට අවශ්‍ය සියලු මුදල් සම්මත කරලා දෙන්න ලිඛිතව පොරොන්දු වුණා.
ප්‍රශ්නය - ජනජීවිතය යථා තත්ත්වයට පත්කර තිබෙන නිසා මැතිවරණය පැවැත්වීමට බාධාවක් නැහැ නේද?
පිළිතුර - මැතිවරණ කොමසාරිස් පැවසූ පරිදි සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගෙන මැතිවරණය පැවැත්වුවහොත් ඡන්ද පෝලිම කිලෝමීටර් එකකට වඩා දිගු වෙන්න පුළුවන්. ජනතාව පැය දෙකක් තුනක් පෝලිමේ ඉඳලා ඡන්දය භාවිතා කරයිද. තව නිලධාරින් දෙගුණයක් යොදවන්න ඕන, වියදම දෙගුණ වෙනවා. මේ කරුණු නොසලකා ඡන්දය තියන්න පුළුවන්ද. මේ ව්‍යවසනය සම්පූර්ණයෙන්ම නතරවීමෙන් පසු මැතිවරණය පැවැත්වූවානම් රටට හොඳයි. ඒකයි අපි කියන්නේ.
ප්‍රශ්නය - පාර්ලිමේන්තුව කැඳවුවහොත් නාමයෝජනා නැවත අහෝසි වෙනවද?
පිළිතුර – නාම යෝජනා එහෙම අහෝසි වෙන්නේ නැහැ. ඒක ආණ්ඩුව ඉදිරිපත් කරන තර්කයක් පමණයි.
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නිරෝධායන පනත ශක්තිමත් කළ හැක්කේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් පමණයි
Ratna P Saturday, 30 May 2020 03:13 AM
යහපාලනය කාලේ පොඩි දෙයක් වත් හරියට කරගන්න බැරිවුන ඔයගොල්ලෝ කොහොමද නිරෝධායන පනතක් ශක්තිමත් කරන්නේ? වැඩබැරි අය පැත්තකට වෙලා ඉන්න.
ඇලොසියුස් Sunday, 31 May 2020 01:45 AM
ඕනේ ගොනෙකුට ඕක කියන්න පුළුවන්. මේ යන ක්‍රමේ හොදයි හරක් ගාල ආයිත් එක්කාසු කරන්නේ නැතුව.
Deepal Nirosh Sunday, 31 May 2020 09:36 AM
ඉතින් පාර්ලිමේන්තුව නැවත කැඳවන්න හැකි ඉක්මණින් මැතිවරණය පවත්වන්න අවශ්‍යයි කියන කාරණය ඕන කෙනෙකුට තේරුම් යද්දි ඇයි මෙයාට විතරක් ඒක නොතේරෙන්නේ?
Bamunuarachchi Monday, 01 June 2020 01:24 AM
මේ තිබෙන ශක්තිමත්කම හොඳටම ඇති. ඔහේ පව් නොදී ඉන්න...