IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කොටන තැනට ගේන්න එපා

 (මුදිතා දයානන්ද)
         

නියපොත්තෙන් කඩන්න තිබෙන දේ පොරොවෙන් කපන්න සිදුවන තෙක් බලා නොසිට විජයකලා මහේස්වරන් අමාත්‍යවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න යැයි පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා ඊයේ (05) පැවසීය.


          දිසානායක මහතා මෙසේ පැවසූයේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුම කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
තවදුරටත් අදහස් දැක්වු දිසානායක මහතා මෙසේද පැවසීය.


          අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමතිතුමන් කියනවා විජයකලා මහේෂ්වරන් මැතිණියට ආතතියක් ඇතිවු නිසා මේ ප්‍රකාශය කළා කියලා. එතුමන්ට අපි කියනවා මුලු රටටම ආතිය දනවන මේ ප්‍රකාශය පොල්කට්ටෙන් වහන්න ලෑස්තිවෙන්න එපා කියලා.කොටි  පාසල් යන දෙමළ දරුවන් පැහැර ගෙන ගොස් බෙල්ලේ සයිනයිඩ් එල්ලන කොට විජයකලා මහත්මියට ආතතිය හැදුනේ නැද්ද?  කොටින්ට එරෙහි වුණා කියලා දරුවන් හත් දෙනෙකුගේ අම්මායි තාත්තායි මරා දාලා දරුවන් අනාථ කළාම ආතතිය හැදුනේ නැද්ද?  ගෝමරංකඩවල අහිංසක පාසල් දරුවන් කපා කොටා මරා දාන කොට ආතතිය හැදුනේ නැද්ද?         

මීට ටික කලකට පෙර විජයකලා වහා අත්අඩංගුවට ගනු කියලා යාපනය පුරා පෝස්ටර් ඇලවුයේ විද්‍යා ඝාතනයෙන් දැඩි ලෙස කම්පනයට පත් යාපනයේ ජනතාවයි. ඒ විද්‍යා  ඝාතන නඩුවේ ප්‍රධාන වගඋත්තරකරු වන ස්විස් කුමාර් හෙවත් මහාලිංගම් සෂීකුමාර් “ මාව බේරාගත්තේ විජයකලා මැඩම් යැයි අධිකරණයේදි ප්‍රකාශ කිරිම නිසයි. ඒ අපරාධකරුවන්ට රැකවරණය දෙනකොට ආතතියට හැදුනේ නැද්ද?

          එල්ටීටී ත්‍රස්තවාදීන් යළි උපද්දන්න  ඕනෑය කියලා ඇමති විජයකලාලාත්, එල්ටීටී උප්පත්තියට බලෙන් පිය පදවිය දුන්නු ඇමති රාජිතත් ඊට වින්නඹුකම් කරන මේ ආණ්ඩුවේ ඇතැම් අයගේ ක්‍රියාකාරකම් හමුවේත්, ලාදුරු රෝගියෙක් මෙන් නොසිටින ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන තුරු නොසිටින ලෙස අපි ආණ්ඩුවට අනතුරු අගවනවා.  ආණ්ඩුවේ ඉන්න එල්ටීටීඊ කාරයන්ගෙන් කැබිනෙට්ටුව බේරා නොගත්තොත් එල්ටීටිඊය රට අල්ලා ගන්න පෙර කැබිනට්ටුව අල්ලා ගනීවි.  
 



අදහස් (1)

‘නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කොටන තැනට ගේන්න එපා

Bamunuarachchi Friday, 06 July 2018 05:06 PM

විජයකලා කීව දෙය නොව නියපොත්තෙන් කැඩිය යුත්තේ ඒ කියමනට හේතු පාදක වූ හේතුවයි. ඒ හේතුව යාපනයට පමණක් නොව මුළු රටටම හේතු පාදක වී ඇත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site