
(නිමල කොඩිතුවක්කු)
අනුරාධපුර යුගයේදී සිරිසඟබෝ රජතුමා ගෝඨාභය මල්ලිගේ අවශ්‍යතාවයට තමන්ගේ හිස දන්දුන්නා මෙන් නූතන රාජපක්ෂ යුගයේත් මහින්ද රාජපක්ෂ තමන්ගේ මල්ලි වන ගෝඨාභය රාජපක්ෂ මහතාට රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ පාර් ලිමේන්තුවේ ගෙල සිඳ දන් දීමට කටයුතු කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කොළඹදී අද(22) පැවසීය.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් විසිවන සංශෝධනයට එරෙහිව රටේ ජනතාවත් සමග වීදියේ සටනක් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.
කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග රට අවදානම් තත්ත්වයක් පත්ව තියෙද්දිත් ජනතාවගේ සෞඛ්‍ය තත්වය පිළීබඳ නොසිතා බලයට ඇති කෑදරකමට පාර් ලිමේන්තුව රැස්කරගෙන ආණ්ඩුව සිදුකරන වැඩපිළිවලට විරෝධය පල කරන බවද පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය.
අපේ රටේ ඉතිහාසය අනුව අනුරාධපුර යුගයේදී සිරිසඟබෝ රජතුමා ගෝඨාභය මල්ලිට තමන්ගේ හිස දන්දුන්නා. නූතන රාජපක්ෂ යුගයේත් මහින්ද රාජපක්ෂ තමන්ගේ මල්ලි වන ගෝඨාභය රාජපක්ෂ මහතාටත් දන් දෙන්න සිද්ධ වෙලා තියෙනවා.
එතනදි දන් දෙන්නේ තමන්ගේ හිස නෙමෙයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙල සිඳලා බලය මුලුමන්න්ම ඒකාධිපති ජනාධිපතිවරයකුගේ අතට දන් දෙන්න තමයි දැන් ලෑස්ති වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය විදියට අපි මේ පිළිබඳව කණගාටුවෙනවා.
එක්සත් ජාතික පක්ෂය විසිවන සංශෝධනයට විරුද්ධව එදා ඉදන්ම කතා කලා. අදත් අපි ඒ මතයේ සිටිනවා. කුමණ්ත්‍රණකාරීව හෝ මේ සංශෝධනය සම්මත කරගැනීමට අද රජය කටයුතු කරමින් සිටිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නූතන සිරිසගබෝට කඩුව දුන්නේ රනිල් වික්‍රමසිංහ සහ සජිත්. දැන් තව අවුරුදු 20ක් කඩුව කොපුවෙ දානවා බොරු. ගැම්මටම බිම්මට්ටම අවසානයේ තම්මැට්ටම ගහ ගහ ඉන්න එකයි ඇත්තේ.
මේ වන විට ලංකා දෙසපලනයේ ඇතිවෙමින් සහ ඇතිවීමට තිබෙන්නාවූ සිදුවීම් පිලිබදව විශ්ලේෂණයක යෙදුනහොත් රජයට ඉදිරියේදී බොහෝ ගැටළු වලට මුහුණ දීමට සිදුවනවා නියතවේ. ආර්ථික වසයෙන් රජයට සහ ජනතවට මෙන්ම ජාත්‍යන්තර වසයෙන් විශේෂයෙන්ම රජයට බොහෝ බලපෑම් සහ ගැටළු නිර්මාණය වන බවක් පෙනෙන්නට තිබේ. ලංකාවට සිදුව තිබෙන්නේ ඇමෙරිකාව සහ චීන අර්බුදයකට මැදිව සුදුස්සා තොර ගැනීමට වේ. මද්‍යම ප්‍රතිපදාව අනුව රටවල් දෙකම සමග සමීප සම්බන්දත්වය පවත්වා ගැනීම සුදුසුවේ. එක පසකින් ලංකාව චීන කොලොනියක් වීම සහ අනෙක් පසින් ඇමෙරිකානු හමුදා අනු කණ්ඩයක් සදහා වන අරගලයකි.
වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්ව සිටියදී ලංකාවේ සිටි ඇමෙරිකානු තානාපතිවරයා සමග ගිවිසුමකට අත්සන් කොට ඇත. ඒ අනුව ඇමෙරිකානු හමුදාවන් හට ලංකාවේ භූමියට පැමිණීමට අවසර ඇත. ගුවන සහ වරායවල් අයත්වේ. නමුත් එදා රටේ ජනතව මේ කිසිවක් දැන සිටියෙ නැත. මෙය මතුවුයේ යහපාලන රජය තිබු ගිවිසුමේ කාලවකවානුව අවසානයේ අලුත් කල අවස්ථාවේදීයි.
සිරිසඟබෝ හිස දන්දෙන්න ගියා. ගෝඨාභය රජ වුනා සිරිසඟබෝ කවටයා වුනා.
ද්විත්ව පුරවැසියන් හට ලංකාවේ පාර්ලිමේන්තුවට සහ රජයේ ඉහල තනතුරු දැරීමට කිසිසේත්ම නොහැකි බවත් ඔවුන් වෙනත් රටවලට පක්‍ෂපාතිත්වය දක්වා දිවුරා පොරොන්දු වී ඇතිබව කියා සිටි. එවන් පුද්ගලයන් ලංකාවේ පාර්ලිමේන්තුවට පැමිණිය හොත් ඔවුන් එම රටවල ඔත්තුකරුවන් සේ ලංකාවට විරුද්ධව ක්‍රියා කරනු ඇති බව ප්‍රකාශ කළා පමණක් නොව චීනුන්, ඉන්දියන් ජාතිකයන් ලංකාවේ පාර්ලිමෙන්තුව නියෝජනය කල හැකිබව බොහෝ දෙනාගේ තර්කය විය. ලෝකයේ රටවල දුවිත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට පැමිණීමට අවහිර කොට ඇත. නමුත් රජයේ අවශ්‍ය තත්වයන් මත විදේශීය පුරවැසියන් උපදේශකයන් හෝ විශ්ලේෂකයන් වශයෙන් බදවා ගනු ලැබේ. විශේෂයෙන් ආර්ථික අර්බුද හමුවේ ලෝකයේ දක්ෂයන් සහ යමක් කළහැකි විසදුම් සෙවිය හැකි පුද්ගලයන් ගෙන්වා ගනු ලැබේ.
කෙසේ වෙතත් සමහර දියුණු රටවල දුවිත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට පැමිණීමට අවහිර කිරීමට ප්‍රබල හේතු තිබේ. එම රටවල් න්‍යෂ්ටික අවි භාවිතය, යුද ටැංකි නිපදවීම, සබ්මැරීන නිපදවීම, අවි ආයුධ නිෂ්පාදනය, ගුවන් යානා නිපදවීම, චන්ද්‍රිකා ගුවන් ගත කිරීම් වැනි ප්‍රබල හේතු සාධක පාදක කොට දුවිත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට පැමිණීම අවහිර කර තිබේ. විශේෂයෙන් චීන ජාතිකයන් මෙවැනි සමාගම් වල සේවයට බදවා ගැනීමක් පවා නොකර සිටි. අන් සියලු දෙනාහට වසරකට වරක් security clearance කිරීමකට යොමුකරනු ලැබේ. දුවිත්ව පුරවැසියන්හට පාර්ලිමේන්තුව තහනම් නොකර එය මෙසේ වෙනස් විය යුතු බව මගේ මතය වේ. එනම් ලංකාවේ ඉපදුනු විදෙස් පුරවැසිකම් හිමි ඕනෑම කෙනෙකුට ලංකාවේ පාර්ලිමේන්තුවට යාමට හැකිවන පරිදි නව ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතුවේ. විදෙස් පුරවැසිකම් හිමි නමුත් ලංකාවේ ඉපදුනු ඕනෑම කෙනෙකුට යන අදහස ඇතුලත් කිරීම කිසිවකු අකැමැතිවීමට හේතුවක් නොමැත. විදෙස් පුරවැසිකම ඉවත් කරොත් ඡන්දබලය හැර සියලු වරප්‍රසාද ලැබේ. green card / permanent residence තිබේනම් ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක යලිත් පුරවැසිබාවය ලබාගැනීමට හැකියාව පවතී.