IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


’නීති පද්ධතිය සවිමත් කර එන අවුරුදු දෙකේදී මත් උවදුර පාලනය කරනවා’

(අංජුල මහික වීරරත්න,ඡායාරූප - ශාන්ත රත්නායක)

‘‘අන්තරායකර මත්ද්‍රව්‍ය මැඩලීමේ නීති පද්ධතිය ශක්තිමත් කර ඉදිරි වසර දෙක ඇතුළත මත් උවදුර පාලනය කරන බව’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.

‘‘සයිටම්, වැඩ වර්ජනය ගැන මාධ්‍යයේ සහ ජනතාවගේ අවධානය යොමුවී ඇති අතරේ මත් උවදුරේ බැරැරුම්කම ජන මනසින් ගිලිහීගොස් ඇති බව කී අග‍්‍රාමාත්‍යවරයා මත උවදුර අතුගා දැමීම සඳහා ආගමික නායකයන් ඇතුළු සමාජයේ සහයෝගය අවශ්‍ය බවද  අවධානය කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දින උත්සවයේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිණි.

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සංවිධාන කළ උත්සවය ‘‘මතින් තොර නිදහස් රටක් - අභිමානවත් හෙටක්’’ යන තේමාවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද මෙසේ ද කීවේය.

‘‘ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය නිමිත්තෙන් උත්සවය සංවිධාන කර තිබෙනවා. 1984 වසරේදී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ගේ යෝජනාව අනුව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ස්ථාපිත කිරීමේ නීතිය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත්තා. ඒ කාලයේ පටන් මේ යුගය දක්වා ඒ මණ්ඩලය විසින් කර ඇති වැඩ කටයුතු ගැන අමුතුවෙන් කිවයුතු නැහැ.

මේ මණ්ඩලයත්, ජනාධිපති කාර්ය සාධක බළකායත්, මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතුවලදී සාර්ථකව කි‍්‍රයා කර තිබෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ අධ්‍යයන ක්‍ෂේත‍්‍රය පුළුල් කිරීමට, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා දෙන වෛද්‍ය පහසුකම් ආදිය පිළිබඳව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අවධානය යොමුවී තිබෙනවා. සියලූ කටයුතු සම්බන්ධයෙන් මා ඔවුන්ට ප‍්‍රශංසා කරනවා.

ඔවුන්ගේ කාර්ය භාරය තවත් හොඳින් ඉටුකිරීම සඳහා මණ්ඩලයට තිබෙන සම්පත් ප‍්‍රමාණය තවත් වැඩි කිරීමට අවශ්‍යයි. ඉදිරි සැලැස්මක් අනුව අප ඒ වැඩ කටයුත්ත කරනවා.

එක් පැත්තකින් ශ්‍රී ලංකාව ජත්‍යන්තර මත්ද්‍රව්‍ය ප‍්‍රවාහන මධ්‍යස්ථානය බවට පත්වී තිබෙනවා. එමෙන්ම  ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිත කරන සංඛ්‍යාවත් වැඩිවී පැවතුණා. සමහර ගම්මානවලටත් විවිධ මත්ද්‍රව්‍ය පැතිරී ගොස් තිබෙනවා. දැන් මේ තත්ත්වය විශාල උවදුරක් වෙලා. නමුත් එදිනෙදා ප‍්‍රශ්න දෙස අවධානය යොමුවීම නිසා මේ දරුණු ප‍්‍රශ්නය යටපත් වෙලා.

නියඟය, ගංවතුර වැනි ස්වභාවික උවදුරු, කසළ ඉවත් කිරීමේ ප‍්‍රශ්නය, මුස්ලිම් දේවස්ථානවලට පහරදීම්, සයිටම් වැඩ වර්ජන, ආදිය ගැන හැම දෙනාගේම අවධානය යොමුවනවා. මාධ්‍යයේ අවධානයත් යොමුවී තිබෙන්නේද ඒ ප‍්‍රශ්නවලටයි. මත්ද්‍රව්‍ය උවදුරෙහි බැ?රුම්කම මාධ්‍යයෙන් මෙන්ම ජනතාවගේ මනසින් ඉවත්වෙලා.

 අන්තරායකර මත්ද්‍රව්‍ය පිළිබඳව නීතිය කි‍්‍රයාත්මක කිරීම ශක්තිමත් කළ යුතුයි. එමෙන්ම ජනතාව දැනුම්වත් කිරීම ද වැඩිකළ යුතුයි. රජය විසින් කළ යුතු ප‍්‍රධානම වැඩ පිළිවෙළ එයයි.

 නීතිය කි‍්‍රයාත්මක කළ යුතු ප‍්‍රධානම ආයතනය වන්නේ පොලීසියයි. පොලිසිය සමඟ නාවික හමුදාව, වෙරළාරක්‍ෂක සේවය, ගුවන් හමුදාව, විශේෂ කාර්ය බළකාය ආදී විවිධ අංශවලට වගකීම් පැවරී තිබෙනවා. මේ සියලූ අංශ දෙස අවධානය යොමුකර අන්තරායකර මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා වන නීති සංශෝධනය කර නීතිය ශක්තිමත් කිරීමේ පියවර ගන්නවා.

පළමුවෙන්ම පොලිසියේ මත්ද්‍රව්‍ය පාලක ඒකකය ශක්තිමත් කළ යුතුයි. ඒ ඒකකයේ සිටින පිරිස ප‍්‍රමාණවත් නැහැ. මෙරට මුහුණදී සිටින මත්ද්‍රව්‍ය ප‍්‍රශ්නයට සුළු  පිරිසෙන් මුහුණ දීමට හැකිවේ යැයි මා සිතන්නේ නැහැ. මේ සංඛ්‍යාව වැඩි කරන්නේ කෙසේදැයි මා ඇමැතිතුමාගෙන් විමසුවා. එක්වරම බඳවා ගැනීමට හැකියාවක් නැහැ. මුදල් තිබුණත් නිලධාරීන්ට නිසි පුහුණුව දී පොලිස් සේවයට බඳවා ගත යුතුව තිබෙනවා.

ඒ වගේම පොලිස් මත්ද්‍රව්‍ය පාලක ඒකකයේ ප‍්‍රතිසංවිධානය අවශ්‍යයි. ප‍්‍රතිසංවිධානය කළයුතු ආකාරය ගැන ඇමැතිතුමාගෙන් මා වාර්තාවක් ඉල්ලා තිබෙනවා. ඒ වගේම පොලිස්පති සමඟත් සාකච්ඡා කරනවා. මා ඒ කටයුත්ත ඉතා ඉක්මනින්ම කරනවා.

 මත්ද්‍රව්‍ය නිවාරණයේ කේන්ද්‍රස්ථානය ඇත්තේ එතැනයි. කේන්ද්‍රස්ථානයේ සිට පොලිස් සේවයේ වැඩ කටයුතු ශක්තිමත් කළ යුතුයි. මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය ශක්තිමත් කරන අතරතුර අපගේ අවධානයට ලක්විය යුතු කාරණා දෙකක් තිබෙනවා.

පළමුවැන්න විදේශයන්හි සිට ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමයි. අනෙක ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය හා බෙදාහැරීම නතර කිරීමයි.

විදේශයන්ගෙන් මත්ද්‍රව්‍ය පැමිණීම නැවැත්වීම සඳහා පොලීසියත්, නාවික හමුදාවත්, වෙරළාරක්‍ෂක හමුදාවත් ගත් කි‍්‍රයාමාර්ගවල සාර්ථකත්වයක් දකින්න තිබෙනවා. විශාල වශයෙන් මත්ද්‍රව්‍ය තොග ගෙන ඒම රේගුව විසින් අද නතර කරලා. ඒත් මේ ක‍්‍රම නිසාම ලංකාවට මත්ද්‍රව්‍ය පැමිණීම නතර වන්නේ නැහැ. මේ සේවාවන් තවත් ශක්තිමත් කළ යුතුයි.

 අද ඇෆ්ගනිස්ථානයේ යුද්ධය පැවැත්වෙන්නේත් ඊට ආධාර ලැබෙන්නේත් මත්ද්‍රව්‍ය නිසයි. යුද්ධය ගෙන යන්න නම් මත්ද්‍රව්‍ය වැඩිපුර විකිණිය යුතුයි. පාකිස්ථානය ඉන්දියාව ආදී රටවල් ගණනාවක් මුහුදු මගින්ද මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවටත් එනවා. එලෙස මත්ද්‍රව්‍ය පැමිණීම් නතර කිරීම සඳහා ගෙන ඇති වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමටත් ඒ සඳහා මුදල් දීමටත් කටයුතු කරනවා. ඒ කටයුතු සම්බන්ධීකරණයට අපේ අවධානය යොමුවිය යුතුයි.

 රටතුළ මත් පැළෑටි වගා කිරීමක් ලෙස ප‍්‍රධාන වශයෙන් වන්නේ කංසා වගාවයි. ඊට ගුවන් හමුදාවත්, විශේෂ කාර්ය බළකායත් අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ සඳහා තවත් විශේෂ මෙහෙයුම් කළ යුතුද? හමුදාවත් යොදවා මෙහෙයුම් කටයුතු කළ යුතුද යන කාරණා පිළිබඳව තීරණය කරන්න වේවි.

 එමෙන්ම ලංකාව ඇතුළත මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ උවදුරක් තිබෙනවා. ඇතැම් ප‍්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදාහැරීම් කළ අය අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී තිබෙනවා. ඒත් මත්ද්‍රව්‍ය බෙදාහැරීම තවමත් රටවටා පැතිරී තිබෙනවා.

කොළඹ උතුර, මැද කොළඹ, කැලණි ගෙඟන් මෙපිට දෙස අවධානය යොමු කළහොත් මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවී තිබෙන බව අවබෝධ කරගත හැකියි. හැමතැනම මේ ව්‍යසනය පැතිරිලා. ඒ නිසා සොරකම් සිදුවෙනවා. රටේ හැම කොනකම මේ ව්‍යසනය පැතිරිලා.

ව්‍යසනය නවත්වන්නේ කෙසේද? අප මෙතැන් සිට ඉදිරියට යන්නේ කෙසේද? ඒ සඳහා පොලිසිය පමණක් නොව සිවිල් ආරක්‍ෂක බළකාය ග‍්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ද ගත යුතුයි.

ආණ්ඩුවේ බිම් මට්ටමේ නිලධාරීන්ගෙන් සියයට 10ක සහයෝගයක් ලැබුණහොත් අපට මත්ද්‍රව්‍ය ව්‍යසනය පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.

මත්ද්‍රව්‍ය පිළිබඳව අධ්‍යාපනය දීමේ ක්‍ෂේත‍්‍රය දියුණු කිරීම සඳහා පොලිසිය සමඟ එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව තිබෙනවා. ප‍්‍රධාන පොලිස් ස්ථාන කේන්ද්‍රස්ථාන බවට පත් කරගෙන මේ ගැන කි‍්‍රයාත්මක වීමේ අවශ්‍යතාව තිබෙනවා. ප‍්‍රධාන පොලිස් ස්ථාන පනහක්-සියයක් පමණ තෝරාගෙන අප ඒ සඳහා වැඩකටයුතු කරනවා.

 ඒ සමඟම මත්ද්‍රව්‍ය මැඩලීමේ නීති ශක්තිමත් කළ යුතුයි. නීතිය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අප පියවර ගන්නවා. සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳව නීති කෙටුම්පත් කිරීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරනවා. එය පමණක් ප‍්‍රමාණවත් වන්නේ නැහැ.

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීම සඳහා වන නීති ශක්තිමත් කළ යුතුයි. සිංගප්පූරුව වැනි රටවල් ඒ සඳහා නීති අද කි‍්‍රයාත්මක කරනවා.

 මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ වරදට දෙන දඬුවම් මොනවාද? ඔවුන් සාමාන්‍ය ආකාරයට අත්අඩංගුවට ගන්නවාද? පොලිසියට විශේෂ බලතල දෙනවාද? කියා තීරණය කළ යුතුයි. මේ ක‍්‍රමවේදය එක් කාලයක දේශපාලන ක‍්‍රමයට ඇතුළුවී තිබුණා. අප මේ නීති තවත් ශක්තිමත් කිරීමට කි‍්‍රයා කළ යුතුයි.

 නීතිය කි‍්‍රයාත්මක කිරීමේ යාන්ත‍්‍රණය, පොලිසිය  නීතිපති දෙපාර්තමේන්තුව සහ නඩු පැවරීම පිළිබඳව අප අවධානය යොමුකළ යුතුයි.

ප‍්‍රධාන වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන නඩු පවරා නඩුව දිග්ගැහෙනවා නම් වාසිය ඔවුන්ටයි මේ හැම අංශයක් පිළිබඳවම අවධානය යොමුවිය යුතුයි.

 මේ ක‍්‍රම විධිමත් කිරීම සඳහා අවශ්‍ය දේ කියන්න. මුදල් මම දෙන්නම් සෙසු අවශ්‍යතාද සපයන්නම් කියා මා නීතිය හා සාමය අමාත්‍යවරයාට දැනුම් දුන්නා.

 එමෙන්ම මත්ද්‍රව්‍ය වැළැක්වීම සම්බන්ධයෙන් කි‍්‍රයා කරන ප‍්‍රධාන රටවල් සමඟ සබඳතා ගොඩනගා ගැනීම අවශ්‍යයි. ගොඩනගා ගත් සබඳතා තවත් ශක්තිමත් කළ යුතුයි. මත්ද්‍රව්‍යවලට විරුද්ධව ප‍්‍රධාන වශයෙන් රටවල් කීපයක් කි‍්‍රයාත්මක වෙනවා. අප ඔවුන් සමඟ සාකච්ඡා කරනවා. මීට වඩා ශක්තිමත් සබඳතාවක් අප ගොඩනගාගත යුතුයි. ඒ සබඳතා ගොඩනගා ගන්නවා නම් දැනුවත් කිරීම් අධ්‍යාපනය දීම් මෙන්ම නීතිය මගින් ගන්නා පියවර සාර්ථක වෙනවා.

 මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීමේ යුද්ධය කෙසේ හෝ ජයගත යුතුයි. ඒ යුද්ධය ජය ගැනීම සඳහා කෙටි කාලීන සහ මධ්‍ය කාලීන විසඳුම් තිබෙනවා. ඒ අංශ දෙකම  ජයගත් පසුව මත්ද්‍රව්‍ය උවදුරට සාර්ථකව මුහුණ දීමට හැකියාව තිබෙනවා.

 දැන් මේ උවදුර ආසියාව, අපි‍්‍රකාවට පැතිරිලා. අපේ හැම වාර්තාවකම මේ උවදුර ඉස්මතුවී පෙනෙනවා. මේ වසර තුළදීම මත්ද්‍රව්‍ය උවදුර නැති කිරීම සඳහා පියවර ගත යුතුයි.

 මත්ද්‍රව්‍යයට ගොදුරු වූවන්ගේ සෞඛ්‍ය නැංවීම පිළිබඳව ද කටයුතු කළ යුතුයි. ඒ සඳහාත් නීති අවශ්‍යයි. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයත්, පොලිසියත් එක්ව නීති කි‍්‍රයාත්මක කළ යුතුයි.

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩල නීතියත් අපට සංශෝධනය  කරන්න සිදුවේවි. නීතිමය පියවර සහ ඒවා කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය ප‍්‍රතිසංවිධාන කර දියුණු කළ යුතුයි.

ඉදිරි වසර දෙක ඇතුළත මත්ද්‍රව්‍ය උවදුර පැතිරීම පාලනය කළ යුතුමයි. එක්වරම මේ උවදුර නතර  වන්නේ නැහැ. පාලනය කර අඩු මට්ටමකට ගෙනඒම කළ යුතුයි. ඒ සඳහා ආගමික නායකයන් ඇතුළු සැමගේ ආධාර උපකාර ගෙන මුළු රටම මේ වැඩසටහනට එකතු කර ගනිමු යැයිද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.

නීතිය සාමය, දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා.

 ‘‘මත්ද්‍රව්‍ය ජාවාරම නවත්වන්න අමාරු ඇයි? මේ ජාවාරම යටින් අසීමිත මුදල් ප‍්‍රමාණයක් ගැවසෙනවා. ජාත්‍යන්තර ත‍්‍රස්ත ව්‍යාපාරය සඳහා මුදල් මේ තුළින් සැපයෙනවා.’’

 මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වූ අය එය නවත්වන්නත් කැමැති නැහැ. රටක් වශයෙන් අප පාලනයේ මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනයට සුදුසුම තැනක සිටිනවා. එය නැවැත්වීමට ගත් පියවරවලින් අප සාර්ථකත්වයට පත්වී තිබෙනවා.

නාවික හමුදාව, පොලීසිය, මෙන්ම සෙසු ආරක්‍ෂක අංශ එක්ව කටයුතු කර විශාල වැටලීම් ගණනාවක් කළා. බුද්ධි තොරතුරු ජාලය අප තවදුරටත් ගොඩනගා ගත යුතුයි.

 මත්ද්‍රව්‍ය රට තුළ බෙදා හැරීම වැළැක්වීමේ ප‍්‍රශ්නයට අප තවමත් සාර්ථකව මුහුණදී නැහැ. මේ ගැන අලූත් ඇහැකින් බලන්න පොලිසිය තුළින් ප‍්‍රතිසංවිධානයක් අවශ්‍ය බවට අගමැතිතුමන් උපදෙස් දුන්නා.

 මත්ද්‍රව්‍ය බෙදා හැරීම අඩු කරනවා සේම භාවිතය ද අඩු කළ යුතුයි.

අපට අභියෝග රැසක් තිබෙනවා. වාර්ෂිකව බන්ධනාගාර ගතවන රැඳවියන්ගෙන් 45% ක් මත්ද්‍රව්‍ය වැරැදිවලට සම්බන්ධ  අයයි. ඒ අය නැවත නැවත එනවා. එසේ නම් අප යන ක‍්‍රමය හරිද?

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති මහාචාර්ය රවීන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා.

 ‘‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය විරෝධී දිනය’’ අද අපි සමරනු ලබනවා. අප මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප‍්‍රවාහනය, භාවිතය ආදී කරුණුවලට එරෙහිව කටයුතු කරන ප‍්‍රධානම මණ්ඩලයයි.

 අප සමඟ ආයතන රැසක් අත්වැල් බැඳගෙන කටයුතු කරනවා.

 මේ අවස්ථාවට ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද විදේශ නියෝජිතයන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.



අදහස් (7)

’නීති පද්ධතිය සවිමත් කර එන අවුරුදු දෙකේදී මත් උවදුර පාලනය කරනවා’

de silva Thursday, 29 June 2017 12:23 PM

මේ මොකක්ද කියන්නේ... තේරුමක් නැති වැඩ... හීනෙන් කියවනවාද කොහෙද...?

:       49       65

de silva Thursday, 29 June 2017 09:24 PM

ඔය කතාවත් අර 2015 දී චන්දෙට කලින් බලයට පත්වුනොත් රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්න හොරු අල්ලනවා කිවුව කතාව වගේ එකකද ?

:       70       102

RD Friday, 30 June 2017 06:20 AM

නීතිය, සාමය, දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා...... ‘‘මත්ද්‍රව්‍ය ජාවාරම නවත්වන්න අමාරු ඇයි? මේ ජාවාරම යටින් අසීමිත මුදල් ප‍්‍රමාණයක් ගැවසෙනවා. ජාත්‍යන්තර ත‍්‍රස්ත ව්‍යාපාරය සඳහා මුදල් මේ තුළින් සැපයෙනවා.’’ කියලා හරි දැනුවත් කිරීම ගැන ස්තුතිවන්ත වෙමි...

:       0       1

upali Friday, 30 June 2017 07:28 AM

මත් උවදුර පාලනය කරන්න නෙවෙයි ... සදහටම අයින් කරන්න ඕනෑ....

:       6       6

Sunil Friday, 30 June 2017 07:45 AM

උත්සව තියලා දේශපාලකයින් වේදිකා වලට නැගලා කී දෙනෙක් ඔය කතාව කිව්වද? දැන් ලෝකේම වාර්තාගත මත් ද්‍රව්‍ය හොයාගන්නේ මේ රටෙන්. තව ඉස්සරහටද මේක හදන්න යන්නේ? මේ වගේ සුරංගනා කතා අහලම දැන් අපිට ඇතිවෙලා තියෙන්නේ.

:       16       26

sarath Saturday, 01 July 2017 03:57 PM

යන්නකෝ පිලිපිනෙට අන්න කියන දේ කරන කරන දේ කියන ජනාධිපති කෙනෙක් එහෙ ඉන්නවා.මෙහෙ නැහැ නේ

:       0       7

hewawitharana Sunday, 02 July 2017 08:36 PM

අගමැතිතුමනි, ඕකට අවුරුදු දෙකක්ම යනවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 2352 24

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 3159 17

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 3576 10

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 2437 15

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 297 6

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1240 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 739 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2276 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1953 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site