IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


‘දූෂිත දේශපාලකයන්ට ඉඩක් නෑ‘ - අමරවීර

(චන්ද්‍රසේන ගමගේ)

මින් පසු මේ රටේ දූෂිත දේශපාලඥයන්ට දේශපාලන භූමියේ ඉඩක් නැති බවත් ඉතිහාසයේ පළමු වතාවට දූෂිත දේශපාලඥයන් හෙළිදරවු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත් බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(7) වීරකැටිය බෝගමුව වෙහෙරගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති ආගමික උත්සවයකදී පැවසීය.
‘‘බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ දී බොහෝ කරුණු එළිදරවු වෙමින් පවතින බවයි. ආණ්ඩුවේ යම් යම් අයට මේ වන විට චෝදනා එල්ල වෙනවා. ඉදිරි දින කිහිපයේ හොද හොද ප්‍රවෘත්ති ඇති වෙයි. ඉතිහාසයේ කවදාවත් නොවූ විදියට මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වු තිලක් මාරපන මහතාට ඉල්ලා අස් වෙන්න සිදු වුණා. රවි කරුණානායක ඇමැතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මේ වෙලාවේ කළ යුතු වන්නේ ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී තම ගෞරවය වගේම ආණ්ඩුවේ ගෞරවයත් රැකීමයි. විමර්ශනවලින් අනතුරුව ඔහු නිවැරදි නම් දේශපාලන කටයුතු කරන්න කිසිම බාධාවක් වෙන්නේ නැහැ‘‘ යැයි ද අමරවීර මහතා කීය.
 



අදහස් (5)

‘දූෂිත දේශපාලකයන්ට ඉඩක් නෑ‘ - අමරවීර

raveendra Monday, 07 August 2017 11:45 AM

හරි හරි කටින් "ඇපල් අල" හිටවන්නේ නැතිව ක්‍රියාවෙන් ම පෙන්නන්නකෝ. උන්නැහේ පටන්ගන්නකො අර මොකක්ද ගොඩනැගිල්ලක් කුලියට අරගෙන නිකන් වහලා තියෙන්නේ හඳේෙ... අර අඟහරු ලොකෙට හූවක දුර තියෙන්නේ. අපිට නම මතක නැහැ හාදයාගේ..

:       0       117

sanju Monday, 07 August 2017 10:43 PM

මෙය තමඊ දැන් හොරු අල්ලලා තියෙන්නේ. COPE එකේ සුනිල් හඳුන්නෙත්තිට සහ ජනදිපත් මෛත්‍රීපාලට පින්සිද්ද වෙන්න මෙව්වා අහු වෙනවා. රනිල් සහ FOOT NOTE කල්ලිය මෙව්වා වහන්න හැදුව. රාජපක්ෂ ආණ්ඩුවක් තිබ්බනම් මෙහෙවත් එලියට මෙව්වා එන්නේ නැහැ. දැන් ගිහිල්ල අල්ලමුද මංගල සමරවීරගේ වහනයත් එක්ක සම්බන්ද මත්ද්‍රව්‍ය ජාවාරමට අදාල අයවත්? බැසිල් රාජපක්ෂගේ මල්වනේ ගෙවල් හොරකමත්?

:       0       6

Pradeep Liyanage Tuesday, 08 August 2017 02:49 AM

වැඩේ නම් බොහොම හොදයි. අනුන්ගෙන් පටන් ගන්න කලින් තමන්ගෙන් පටන් ගත්තොත් නරකද? දුව කොළඹින් අධිසුඛෝපභෝගී නිවාස මිලදී ගත් හැටි, පුතා අධිසුඛෝපභෝගී වාහන මිලදී ගත් හැටි, සහෝදරයා තරු පන්තියේ හෝටල ඉදිකරන හැටි වගේ දේවල් හොයලා තමන්ගේ ලගම ඉන්න දුමින්ද දිසානායක අර වහලා දාල තියන ගොඩනැගිල්ලකට කෝටි ගණන් මුදල් නාස්තිකරන හැටි ගැනත් හොයලා බලන්න. රටේ කෘෂිකර්මාන්තය බින්දුවට බැහැල, එත් අමාත්‍යංශ ගොඩනැගිල්ලට කෝටි ගණන් සල්ලි. ඊට පස්සේ පටන් ගමු අනිත් අය ගැන හොයන්න, රවී කරුනනයකගෙන් පටන්ගෙන අනිකුත් හැම කෙනා ගැනම. පක්ෂ, පාට තරාතිරම නොබලා කෙලින් ඉදගෙන තීරණ ගන්න.

:       0       101

de silva berlin Tuesday, 08 August 2017 06:45 AM

ප්‍රදීප් ලියනගේ මහතාගේ කතාව මමත් අනුමත කරමි , දුව කොලබින් කොටි ගානක් වටිනා ගෙයක් මිලදී ගත්තේ කොහොමද ?පුතා අධි සුකොපභෝගී වාහන මිලදී ගත්තේ කොහොමද ? සහෝදරයා තරුපන්තියේ හොටල හදන්නේ කොහොමද ? මේගොල්ල මේ මුදල් උපාය ගත්තේ කොහොමද? කියල පැහැදිලි කරන්න පුලුවන්ද ? ඔබතුමාලගේ ප්‍රකාශ ගැන මගෙනම් කිසිම විස්වාසයක් නැත , උඩින් බොරුවට කෑගැහුවට ඔබතුමාලා එකතුවෙලා යටින් මොකකක හරි ගැටයක් ගහල රවිව බේර ගන්නවා ,

:       0       28

vipula Wednesday, 09 August 2017 03:16 AM

ජනතාව රවටන එක දැන් වත් නවත්වන්න . ජනතාව නුගත් නැහැ

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1585 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site