IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


දූෂණය නැති කරන්න කතා කරන්නේ දූෂිතයන්මයි - ටිල්වින්

(විනීතා එම් ගමගේ)

රටේ පවතින ප‍්‍රධානම ප‍්‍රශ්නය වන වංචාව,දූෂණය හා නාස්තිය නැති කරන්නට කතා කරන්නේ මහා පරිමාණ දූෂණවලට වගකිව යුතු දූෂීතයන් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප‍්‍රකාශ කරයි.

වංචාව, දූෂණය නැවැත්වීමේ අයිතිය තමන් අතට ගන්නට මේ දූෂීතයින් උත්සාහ කිරිමෙන් ජනතාව තුළ තිබෙන දූෂණයට එරෙහි මානසිකත්වය අවුල් වන බව ද ලේකම්වරයා පවසයි.

ටිල්වින් සිල්වා මහතා මේ අදහස්  පළ කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී අද (15) පැවැති පක්ෂයේ මාධ්‍ය හමුවේ දීය.
   
‘‘මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු අඩක් පමණ අවසන් වී තිබෙනවා. මෙවර මැතිවරණය විශේෂ සලකුණක් තියපු මැතිවරණයක්. මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ අලූත් ක‍්‍රමයකටයි. එනිසා මෙවර මැතිවරණය අලූත් අත්හදා බැලීමක්. මහා දැවැන්ත තරගය, ගැටුම් අඩුවෙලා තිබෙනවා. කොට්ඨාස ක‍්‍රමයට මැතිවරණය පැවැත්වෙන නිසා තරගය කොට්ඨාසයට සීමා වෙලා. තරගකාරිත්වය, ගැටුම අඩුවෙලා.

මැතිවරණ තේමා පාඨයන් අතර වංචාවට, දූෂණයට එරෙහි සටන උඩට ඇවිත් තිබෙනවා. මීට පෙර ප‍්‍රතිපත්ති සහ වෙනත් තේමා පාඨයන් කතාබහට ලක්වුණත් මෙවර මුලට ඇවිත් තිබෙන්නේ වංචාවට, දූෂණයට එරෙහි සටන් පාඨයයි. එයට හේතුව අපේ රටේ පළාත් පාලන ආයතන සියල්ල වංචාවෙන්, දූෂණයෙන්, හොරකමෙන් පිරී තිබීමයි.

අනෙකුත් පක්‍ෂවල අපේක්‍ෂකයින් මන්තී‍්‍රධුරය ලබා ගන්නේම වංචා, දූෂණ කිරීමටයි. ඔවුන්ට මන්තී‍්‍රධුරය හොරකම් කරන්න බලපත‍්‍රයක් වී තිබෙනවා. මීට පෙර හිටපු උප සභාපතිලා, සභාපතිලා, විශාල ප‍්‍රමාණයක් නීති විරෝධී කටයුතු කර තිබෙනවා. දැනුත් කරමින් සිටිනවා. පහුගිය දවසක වාර්තා වුණා, හිටපු උප සභාපතිවරයෙක් බුරුත ගස් කපලා අත් අඩංගුවට අරගෙන තිබෙනවා කියලා. තවත් අපේක්‍ෂකයෙක් ගංජා කිලෝ 32ක් එක්ක අත්අඩංගුවට අරගෙන තිබෙනවා. තව කෙනෙක් කසිප්පු පෙරලා අත් අඩංගුවට අරගෙන තිබෙනවා. මේ වගේ නීති විරෝධී වැඩ පහසු කරගන්න තමයි මේ අය මන්තී‍්‍රකමට තරග කරන්නේ. වංචාවට, දූෂණයට හවුල් වෙන්න මන්තී‍්‍රකම අරගන්න පොරකනවා. මේ තත්වය නිසාම වංචාවට, දූෂණයට එරෙහි ජනතාවගේ හඬ වැඩිවෙලා තිබෙනවා.’’ යැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.



අදහස් (4)

දූෂණය නැති කරන්න කතා කරන්නේ දූෂිතයන්මයි - ටිල්වින්

Sanath Monday, 15 January 2018 07:32 PM

මෙවර ජ​.වි.පෙ. සැලකිය යුතු ජයග්‍රහණයක් ලබනවා. ඒක ස්ථීරයි.

:       135       107

Nimal Tuesday, 16 January 2018 10:31 AM

ජ.වී.පෙ. ට ජය පතනවා!

:       42       0

Chandra Thursday, 18 January 2018 10:33 AM

ඇත්ත , මේ අය අපායට යනකල් කරන්නේ ඔය ටික තමයි. දැන් ලංකාවේ දේශපාලනය කරපු අය පෝලිමේ ඉන්නවා අපායට ඇතුල් වෙන්න බැරුව............ඉඩ නැහැ...............ඔවුන්ගෙන් පිරිලා ............සල්ලි හොයල නිසා පගාව දීලා එතනින් බේරෙන්නයි හිතාගෙන ඉන්නේ .

:       0       318

Sathyayaa Wednesday, 24 January 2018 10:04 PM

ටිල්වින් සහෝදරයා අහල නැද්ද කැලේ ගහක් නසන්න කැලේ ගහක්ම ඕනේ කියල. අපේ පැරැන්නන් විෂ නැති කරන්න යොදා ගත්තෙත් විෂම තමයි. බලාගෙනයි බලයේ ඉන්න මිනිස්සු ඕගොල්ලන්ව "විෂ" හැටියට යොදා ගන්න ඉඩ තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 724 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site