IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දේශපාලකයන් මනාප බලාගෙන වැඩ කිරීමෙන් ජනතාව අමාරුවේ වැටිලා

(උණවටුන ඞී.ජී සුගතපාල, අහංගම සුමතිපාල දීයගහගේ, ගාල්ල සිරංගිකා ලොකුකරවිට, අමල් වික‍්‍රමරත්න සහ ගාමිණී මහදුර)

ජලගැලීම්, නායයාම් වැනි පීඩාකාරී තත්ත්වයන්ට මුහුණදීමට ජනතාවට සිදුවී ඇත්තේ දේශපාලනඥයන් සංවර්ධන අවශ්‍යතා වෙනුවට මනාප ඡන්ද දෙස බලාගෙන වැඩකිරීම නිසා යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගාල්ලේ දී පැවසීය.

ඇතැම් දේශපාලනඥයන් සංවර්ධන කි‍්‍රයාදාමයේදී රජය නිර්දේශ කරන යෝජනා කි‍්‍රයාත්මක කිරීමට ඉඩ නොදී ඊළග මැතිවරණය සඳහා ජනතාව දිනා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් මෙම විනාශකාරී තත්ත්වයට මුහුණදීමට සිදුවූ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

මෙවන් පීඩාකාරී අමිහිරි අත්දැකීමකින් පසුව හෝ ජනතාවට සත්‍ය තත්ත්වය වටහා දෙමින් රජයේ සංවර්ධන සැලසුම් කි‍්‍රයාවට නැංවීමට සියලූ දේශපාලනඥයන් සහාය දිය යුතු බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ ගාල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ දී ඊයේ (1) පෙරවරුවේ පැවැති විශේෂ දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

රත්නපුර, කළුතර, ගාල්ල දිස්ති‍්‍රක්කවල සංවර්ධන සැලසුම් පිළිබ මීට වසර ගණනාවකට පෙර ශක්‍යතා අධ්‍යයනයන් සිදු කර ඒවා කි‍්‍රයාත්මක කිරීමට පැවති සෑම රජයක්ම උත්සහ ගත්ත ද ඇතැම් දේශපාලනඥයන්ගේ මැදිහත්වීම් හේතුවෙන් එම කටයුතු අවහිර වූ බව ද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කෙළේය.

දිවයිනට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අසීරුතාවට පත්වූ සියලූ ජනතාවට සහන සැලසීමට කැපවූ ජනමාධ්‍ය ආයතනවලට, විවිධ පරිත්‍යාගශීලින්ට සහ ස්වේච්ඡා සංවිධාන වෙත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පළමුව සිය ස්තූතිය පිරිනැමීය.

ගාල්ල දිස්ති‍්‍රක්කයේ ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය පිළිබඳ කරුණු විමසූ ජනාධිපතිවරයා සුබසාධන කඳවුරුවල වෙසෙන ජනතාව වෙනුවෙන් අඛණ්ඩවම එම සහන වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන ලෙස ද උපදෙස් දුන්නේය.

ජනතාව වැඩි දිනක් කදවුරුවල ර`දවා සිටිය නොහැකි අතර ඔවුන් සඳහා නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා මෙම සහන වැඩපිළිවෙළේදී ප‍්‍රමුඛතා හඳුනාගනිමින් කටයුතු කරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම ජලය බැසගිය පසුව ළිං පිරිසුදු කිරීම ස`දහා අවශ්‍ය වතුර මෝටර් රජයෙන් දීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග ප‍්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා යටතේ නොමිලයේ ලබාගැනීමටද නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

ජනතාවට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් භාණ්ඩ බෙදාදීමේදී දේශපාලනඥයන් ඊට සම්බන්ධකර නොගෙන දිස්ති‍්‍රක් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් හරහා එම කටයුතු සිදු කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එමෙන්ම දිස්ති‍්‍රක්කයේ මහා මාර්ග, පාසල් සහ රෝහල්වල සිදුකළ යුතු කඩිනම් අලූත්වැඩියාවන් පිළිබඳ වාර්තාවක් දීමට ද නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අර්ධ හානී සිදුවූ නිවාස ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ති‍්‍රවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙසද දන්වා සිටියේය.

මෙම සාකච්ඡාවට ප‍්‍රථම දිස්ති‍්‍රක්කයේ ආපදා සහන සේවා නිලධාරින් සමඟ ද හමුවකට එක් වූ ජනාධිපතිවරයා ආපදාවට ලක්වූ ජනතාවට දිරියක් වෙමින් සහන සැලසීමට ඔවුන් කළ කැපවීම  අගැයීමට ලක් කළේය.

අනතුරුව දිවයිනේ දිස්ති‍්‍රක්ක 13 කින් ගාල්ල දිස්ති‍්‍රක්කයේ ජනතාව වෙනුවෙන් ලැබුණු සහනාධාර නිල වශයෙන් ගාල්ල දිස්ති‍්‍රක් ලේකම්වරයා වෙත බාරදීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

පොලොන්නරුව, අනුරාධපුරය, මුලතිව්, කිලිනොච්චි, ති‍්‍රකුණාමලය, මන්නාරම, මොනරාගල, කුරුණෑගල, පුත්තලම, මාතලේ, මහනුවර, කෑගල්ල, ගම්පහ දිස්ති‍්‍රක්කවලින් මෙම ආධාර ලැබී තිබෙන අතර ආපදාවට ලක්වූ සහෝදර ජනතාව වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීම පිළිබඳ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සියලූදෙනාට තම ස්තූතිය පළ කළේය.

අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර, නිශාන්ත මුතුහෙට්ටිගම, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු එම දිස්ත‍්‍රික්කයේ දේශපාලන නියෝජිතයෝද ගාල්ල දිස්ති‍්‍රක් ලේකම් එස්.ඞී. කොඩිකාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු  ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.



අදහස් (0)

දේශපාලකයන් මනාප බලාගෙන වැඩ කිරීමෙන් ජනතාව අමාරුවේ වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site