IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


දේශපාලකයන් තමන්ගේ පැවැත්මට ආගම් බේද ජාතිබේද ඇතිකරනවා

(බිබිල - විශේෂ කේෂර ගුණතිලක)

වෙහෙර විහාරස්ථාන නගාසිටුවීමට රජය මීට වඩා ආධාර උපකාර කළ යුතුයි. විශේෂයෙන් ග්‍රාමීය දුෂ්කර ගම්මානවල පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පුදබිම් ආරක්ෂා කිරීමට විධිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදු දහමට ලැබී ඇති ප්‍රමුඛස්ථානය අබමල් රේණුවක් තරමින්වත් අඩු කිරීමට කටයුතු නොකළ යුතු යැයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

රාජපක්ෂ මහතා එසේ පැවැසුවේ මොනරාගල වෙලේවත්ත සිරිසුනන්දාරාමයේදී පෙරේදා (1) පැවැති ආගමික උත්සවයක් අමතමිනි. එම විහාරස්ථානයේ ඉදිකළ නව ධර්මශාලා මන්දිරය ඒ මහතා අතින් විවෘත විය.
හෙතෙම මෙසේ ද පැවැසීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතින් බුදු දහමට හිමි ප්‍රමුඛස්ථානය ගිලිහී ඇති බව දැනගන්නට තිබෙනවා. ඊට කිසිසේත් ඉඩ නොදිය යුතුයි. එයින් අනෙක් ආගම්වලට කිසිදු හානියක් වන්නේ නැහැ. බුදු දහමට මුල්තැන දෙමින් අනෙකුත් ආගම් අදහන අයට නිදහසේ තමන්ගේ ආගම් ඇදහීමේ අවස්ථාව සැළසිය යුතුයි.

දේශපාලනඥයින්ගේ පැවැත්මට ඔවුන්ගේ නොහැකියාව වසන් කිරීම් ආගම් භේද ජාතිභේද පතුරුවමින් ඇතැම් පිරිස් භේද ඇති කරනවා.

අපේ රජය කාලයේ වෙහෙර විහාරස්ථාන වැඩි දියුණු කිරීමට විශාල වශයෙන් උදව් උපකාර කළා. උතුරු නැගෙනහිර විනාශවූ වෙහෙර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රමුඛතාව දුන්නා.

නමුත් දැන් මොකක්ද මේ රජය කරන්නේ. පන්සලේ පිංකැටයේ තිබෙන සල්ලි ටිකත් රජයට ගන්නයි. ඒ තරමටම රජය බංකොළොත් වෙලා. අද පන්සලට ලැබෙන මුදල් බැංකුවකට දැම්මත් බදු ගෙවන්න වෙනවා. මෙම තත්ත්වය ඉතාමත් භයානකයි.

මොනරාගල දිස්ත්‍රික්කයට දිළිඳු භාවයෙන් පළමු තැන හිමිවී තිබෙනවා. පසුගිය කාලයේ නියඟය දිගටම බලපෑම නිසා භව භෝග විනාශ වෙලා.

අපේ රජය කාලයේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග සියල්ල කාපට්කරා නිවාසවලින් සීයට 90 කට විදුලිය දුන්නා පාසල් වැඩි දියුණු කළා. අපි උමාඔය ව්‍යාපාරය පටන් ගත්තේ වෙල්ලස්ස ප්‍රදේශයට ජලය  සැපයීමටයි. වත්මන් ආණ්ඩුව එහි ඉදිකිරීම් අතරමඟ නතර කළා. ඒ නිසයි එය ඛේදවාචකයක් බවට පත්වී බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට මහා ව්‍යසනයකට මුහුණදීමට සිදුවුණේ. උමා ඔය ව්‍යාපාරය ඉදිකිරීමේදී යම් වරදක් සිදුවී ඇත්නම් එය නිවැරැදි කිරීම රජයේ වගකීමක්. එ සමඟ උමා ඔය ව්‍යාපෘතියෙන් හානි සිදුවූ පවුල්වලට රජය සාධාරණ වන්දියක් ගෙවිය යුතුයි.

ආණ්ඩුව සියලුම වැරැදි අප පිට පටවමින් දෝෂාරෝපණය කරමින් සිටිනවා. හැමදේටම දොස් කියන්නේ මහින්ද රාජපක්ෂට, කරන වැඩක් නැහැ. චන්ද්‍රිකා මැතිනිය ඉවත්වීමෙන් පසු ඇයගේ කාලයේ සිදුවූ වැරැදි අඩුපාඩු සොයමින් ඒ රජයට මම වැරැදි පැටෙව්වේ නැහැ. එහෙම කළා නම් මට යුද්ධය දිනන්න බැහැ. රට සංවර්ධනය කරන්න බැහැ.

මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක මොනරාගල බුක්කීරියගොල්ල රජමහා විහාරාධිපති බදුල්ලගම්මන රතනසාර නාහිමියෝ පැමිණ සිටි පිරිස පංච ශීලයෙහි පිහිටවූහ.

විහාරාධිපති බුද්ධම හිමියෝ අනුශාසනාවක් කළහ.

මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පද්ම උදයශාන්ත ගුණසේකර, විජිත බේරුගොඩ, ඌව පළාත් සෞඛ්‍ය ඇමැති කුමාරසිරි රත්නායක, ඌව පළාත් සභා මන්ත්‍රීවරුන් වන විමල් ගලගම ආරච්චි, ඩබ්ලිව්. ඇම්. දයාරත්න යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගිවූහ.

 



අදහස් (6)

දේශපාලකයන් තමන්ගේ පැවැත්මට ආගම් බේද ජාතිබේද ඇතිකරනවා

victor Monday, 03 July 2017 08:29 AM

මේක නිකම් උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ දෙයක්...

:       1       60

pansilu Monday, 03 July 2017 08:56 AM

මෙතුමා කොහෙන්ද දන්නේ නැහැ කතා කරන්නේ .... ? මෙහෙමත් ඒවා කියන්න පුළුවන්ද?

:       0       53

kumar (galf) Monday, 03 July 2017 11:13 AM

තුවාල පාරලා ප්‍රසිද්ධිය ලබාගන්න තමයි බොහෝ අය කටයුතු කරන්නේ...

:       0       5

shan saudi Monday, 03 July 2017 12:22 PM

අන්න තමන් විසින් කරන ක්‍රියාව පැහැදිලිවම රටට ප්‍රකශ කළා... ඕක තමයි කියන්නේ කට බොරු කීවත් දිව බොරු නොකියන වග...

:       0       62

Shan Tuesday, 04 July 2017 06:15 AM

තවමත් අපේ රට විනාශකරන එක නවත්තලා නෑ වගේ....

:       0       0

දයාරත්නායක Thursday, 06 July 2017 12:41 PM

ජාතිභේදයේ සහ අාගම් භේදයේ පියා කවුරුන්ද යන බව ජනතාව තේරුම් ගෙන හමාරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 337 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16525 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 623 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site