(අංජුල මහික වීරරත්න)
දෙවැනි පෙළ නායකයන්, අනාගත නායකයන් මේ යැයි පෙන්විය හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත මුලස්ථානයේ දී අද (24) පැවැසීය.
වෙනත් කිසිම පක්ෂයකට එවැනි හැකියාවක් නොමැති බව කී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලකාවේ එවැනි පක්ෂයක් තිබේ නම් පෙන්වන්නැයි අභියෝග කළේය. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුයේ එක්සත් ජාතික පක්ෂයේ අභිනව ජාතික සංවිධායක ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩ බාර ගැනීමේ උත්සවය අමතමිනි.
මෙහිදී අදහස් දක්වමින් අභිනව ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසුයේ තම පියා තමාට ඉගැන්වූ පාඩම අනුව පාක්ෂිකයා අමතක නොකර ඔවුන් සමඟ ඉදිරි ගමනක් යන බවයි. ඒ අනුව ඉදිරි මාස තුන හතර එක්සත් ජාතික පක්ෂයට ඉතා වැදගත් වකවානුවක් වනු ඇති බවද නවීන් දිසානායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙන්නුවට වැඩක් නැහැ ලොක්කා ඔයා දෙන්නේ නැහැනේ ......ඔයා යනකොට මගේ ආදරණිය පක්ෂය දියවෙලා තියේවි........
ලැම්බෝගිනි පෙන්නුවා වගේ ?
එජාපයේ විතරක් නෙමෙයි හැම පක්ෂයකම මැදපෙළේ උගත් තරුණ අවංක බුද්ධිමත් නායකයෝ දේශපාලන කරලියේ නැතුවම නෙමෙයි.
මොනවා පෙන්නුවත් ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා කියන්න බැරි පක්ෂය ....
ශ්රී ලංකාව තාමක් සංවර්ධිත රටවලට සාපේක්ෂව වසර 500කින් පමණ පිටුපසින් ඉතා ඉබි ගමනින් ඉදිරියට ඇදෙයි. දකුණු ආසියාවේ අපට වඩා ඉතා පහළ මට්ටමේ සිටි බංගලාදේශය පවා තව නොබෝ දිනකින් අප පසුකර යනු ඇත. මේ කියන දෙවනපෙළ නායකයින් කවුරුන්ද? මොවුන්ගෙන් මේ රටට ඇතිවූ ප්‍රතිඵලය කුමක්ද? අපේ රටේ නායකයින් බිහිවෙන බවක් නම් මාහට නොපෙනේ. කවුරුන් බිහිවුවද මේ ජනතාව අතරින් බිහිවන නිසා අපට හෙටක් පිළිබඳ විශ්වාස කළ නොහැක.
ක්‍රියාකාරී දෙවන පෙළ නායකයින් පමණක් නොව තෙවන පෙළ නායකයි සිටින්නේ ජවිපෙ පමණයි.
තුන්වැනි පෙලේ නායකයෝ මැරුණේ බටලන්ද තිබුණ කාලේ ........... දැන් ඉන්නේ අලින්ගේ නැට්ටේ එල්ලිච්ච රතු අලි විතරයි.... උනුත් ඉන්නේ අන්තිම පේලියේ
මා දන්නේ එකම දෙයක් පමණයි. එනම් මා නොදන්නා බවයි.