(නිමල කොඩිතුවක්කු)
විපක්ෂයේ දුර්වලතාවය උපයෝගී කරගනිමින් මෙතෙක් පනත් සම්මත කරගත් ආකාරයට රටට අහිතකර අයුරින් 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමේ උත්සාහයක වත්මන් ආණ්ඩුව නිරත වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.
20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් බලාත්මක කිරීමේ උත්සාහයක් ක‍්‍රියාත්මක බවද ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.
රාජගිරිය පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී අද (12 )පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
“පසුගිය කාලය තුළ මේ රජය යම් යම් පනත් සංශෝධනය කරගත් ආකාරය දැක්කම අපට හිතෙනවා ඒ විදියටම 20වන ආණ්ඩුක‍්‍රම සංශෝධනය සිදුකර ගනීද කියලා 19 සංශෝධනය කරගත් ආකාරයත් අපිට මතකයි. අතුරුදන් වුවන්ගේ කාර්යාල පනත සම්මත කරගත්තෙත් පාර්ලිමේන්තුවේ හරියාකාර විවාදයක් ලබාදීමෙන් තොරවයි.
20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පොලිස් බලතල,ඉඩම් බලතල ආදී ෆෙඩරල් රාජ්‍යයක තිබෙන බලතල පළාත් සභාවට ලබාදෙනවා. එමගින් කරන්නේ 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් බලාත්මක කිරීමයි.
ඔක්තෝම්බර් මාසය වනවිට 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට කටයුතු කරන බවක් පේන්න තියෙනවා. මෙච්චර කල් කළා වගේම ජනතාවගේ ඇස් වහලා මේ දුර්වල විපක්ෂය ප‍්‍රයෝජනයට අරගෙන මේක පාස් කරන්න පුළුවන්. මේ වගේ සට කපට කම් කරලා 13 සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීමේ ව්‍යවස්ථා යෝජනාව ඉදිරිපත් කරලා එය සම්මත කිරීමටයි මේ අර අදින්නේ “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘දුර්වල විපක්ෂය පාවිච්චි කර 20 සම්මත කරගැනීමේ වෑයමක්‘
lalith Tuesday, 12 September 2017 06:34 PM
කලින් හොඳින් කියනවා අපි දිනුවොත් මෙව්වා මෙව්වා දෙනවා මේකට චන්දෙ දෙන්න කියලා. චන්දෙ ප්‍රතිඵල වලින් දිනනවා වගේ නම් ප්‍රතිපල එලියට දානවා. චන්ද තුන හතරක් අඩු උනොත් යන්තරේ කැඩුන කියල ආයෙත් චන්ද විමසනවා. එතකොට අර අඩුවුණු ගණන හරියන්න චන්දෙ නොදුන් තුන් හතර දෙනෙක් හොයාගෙන එකාට කොටිය ගානේ ඇඩ්වාන්ස් එකක් දෙනවා. ( මහබැංකු අරමුදලින්. ) . ඉන් පස්සේ අත උස්සල චන්දෙ දෙන්න කියනවා. ඕකටනේ ඉලෙක්ට්‍රොනික් චන්ද පෙට්ටියක් පාර්ලිමේන්තුවට සවි කලේ හදිසියේම. ඕනෑම නම් කල් ඇතුව එක්කෙනාට කොටිය ගානේ දෙන්න වුනත් අරමුදලේ සල්ලි තියෙනවනේ. උතුරට කෑල්ලකුත් දීල එදාට පස්සේ පස්ස දොරෙන් විධායක.