IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දයාව කරුණාව වැරැදි විදියට අර්ථ කථනය කිරීමෙන් ලාංකික සමාජයට අහිතකර බලපෑමක් වෙලා

(අංජුල මහික වීරරත්න සහ මඩුකන්ද සිතුම් චතුරංග මරඳමඩු පුදබිමේ සිට)

 “සියලුම ආගම්වලින් උගන්වන දයාව සහ කරුණාව වෛරයක් ලෙස වැරදියට අර්ථ කථනය කිරීම නිසා ශ්‍රී ලාංකේය සමාජයට අහිතකර බලපෑම සිදුවී ඇතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්නාරම මරඳ මඩු පුද බිමේදී පැවසීය.

“ආගම්වල දයාව සහ කරුණාව විකෘති කරමින් වෛරය පතුර වන්න කිසිවකුටත් ඉඩ නොදෙන බවද” අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මන්නාරම- මරඳමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ අවසන් දේව මෙහෙය අවස්ථාවට සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු මරඳමඩු මංගල්‍යයේ අවසන් දේව මෙහෙය සඳහා සහභාගි වූ දෙවැනි වතාව ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සනිටුහන් විය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු ලෙස පළමු වරට මඩු මංගල්‍යයේ අවසන් දේව මෙහෙය සඳහා සහභාගි වී ඇත්තේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මරඳමඩු දේවස්ථානයේ පරිපාලන කටයුතු සඳහා එම්මානුවෙල් ප්‍රනාන්දු මන්නාරම රදගුරුතුමන් වෙත මුදල් චෙක්පත් ද ප්‍රදානය කළේය.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ප්‍රමුඛ අගරදගුරුතුමන්ද, එම්මානුවෙල් ප්‍රනාන්දු මන්නාරම රදගුරුතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ රදගුරුතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් අවසන් දේව මෙහෙය පැවැත්විණි.

මඩු මංගල්‍යය උත්සවයේ දී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
“මඩු මාතා මංගල්‍යය කතෝලික ජනතාවට පමණක් සීමාවී නැහැ. මඩු දේවස්ථානය යනු කතෝලික මෙන්ම කතෝලික නොවන සියලුම ජනතාව ඉහළින් පිළිගෙන තිබෙන ආගමික ස්ථානයක් බව කිව යුතුයි.

මඩු මාතාව උදෙසා යාච්ඤා කිරීමට අද ඔබ මෙහි පැමිණ සිටිනවා. තමන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීම වෙනුවෙන් මෙහිදී යාච්ඤා කරනවා. එමෙන්ම දෙවියන් වහන්සේගේ කරුණාව ලබාගැනීම උදෙසා යාච්ඤා කරනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම සිංහල-දෙමළ සියලුම ජන කොටස් මෙහි පැමිණ සිටිනවා.

මෙම ස්ථානය ප්‍රධාන ආගමික විශ්වාස තිබෙන ස්ථානය පමණක් නොව සංහිඳියාවේ ප්‍රධාන මූලස්ථානය ද බව සඳහන් කළ යුතුයි. සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම කටයුතු කරන ජනතාව අද මෙතැන දී එකට එකතු වී සිටිනවා.

වසර 30 යුද්ධයකට මුහුණ දුන්නා. අප අතර ක්‍රෝධය ඇති කළ අවස්ථා තිබුණා. මරාගත් අවස්ථා තිබුණා. ඒ යුගයෙන් පසුව යළිත් සංහිඳියාව ගොඩ නැගෙන්නේ මෙවැනි උත්සව නිසා බව කිව යුතුයි.

එමෙන්ම කතෝලිකයකු නොවුණත් මෙහි එන සෑම පුද්ගලයකුටම දෙවියන් වහන්සේගේ ධර්මය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට හැකි වෙනවා.

මේ මාසයේ දී ප්‍රධාන ආගමික උත්සව දෙකක් තිබෙනවා. උතුරේ මඩු දේවස්ථානයේ උත්සවය මෙන්ම දකුණේ කතරගම දේවාලයේ උත්සවය සඳහන් කළ හැකිය. උතුරේ සිටින ජනතාව කතරගම පුදබිම වන්දනා කරන්න එනවා. දකුණේ ජනතාව මඩු පල්ලිය වන්දනා කරන්න එනවා.

මඩු පල්ලිය පිහිටා තිබෙන්නේ යුද්ධයට මැදි වූ ස්ථානයකයි. යුද්ධයෙන් අසරණ වූ ජනතාවට මෙම පල්ලිය සරණ දුන්නා. ජනතාවට මඩු දේවස්ථානය පිළිබඳ විශාල විශ්වාසය තිබුණා. එසේ නම් ඒ දෙවියන් වහන්සේගේ දයාව රටේ සියලු දෙනාට ලැබෙනවා.

සෑම ආගමකින්ම දයාව-අනුකම්පාව උගන්වනවා. අවාසනාවකට ඇතැම් අය ආගම්වලින් උගන්වන දයාව සහ අනුකම්පාව වෛරය බවට අර්ථකථනය කරනවා. මීට අප කෙලෙසකවත් ඉඩ දෙන්නේ නැහැ. අද වන විට රටට දෙවියන් වහන්සේ ඉගැන්වූ දයාව සහ අනුකම්පාව අවශ්‍යයි.

මෙරට ක්‍රිස්තු භක්තිකයන් සඳහා තම ආගම ඉදිරියට ගෙනයාම, ආගම ඉගෙන ගැනීම සඳහා තිබෙන අඩුපාඩුකම් දුරලීමට ක්‍රියා කරගෙන යනවා. සියලු දෙනාම එක්ව රටට දෙවියන් වහන්සේගේ දයාව සහ කරුණාව ප්‍රාර්ථනා කරන ලෙස ඉල්ලා සිටිනවා” යයි ද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.

අවසන් දේව මෙහෙය අනුශාසනාව කරමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මෙසේ පැවසූහ.
“අප මූලික වශයෙන්ම අවධානය යොමු කළ යුත්තේ දරුවන් සඳහායි. දරුවන්ට ජාති-භාෂා භේද උගන් වන්නේ වැඩිහිටි සමාජයයි. දරුවන්ට කෝටි ගණනින් විවිධ හැකියා තිබෙනවා.

දරුවන් ගැන නිතර සොයා බැලීම මා-පියන්ගේ වගකීමයි. වර්තමානයේ දී තරුණ-තරුණියන් මත්කුඩු-මත්ද්‍රව්‍ය අමුතු සාද නිසා නොමඟට ඇදී යනවා. දරුවන්ගේ අධ්‍යාත්මය නැසීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා.

අධ්‍යාත්මික පොහොසත් බව නැතිව මනුෂ්‍ය ජීවිත පරිපූර්ණ වන්නේ නැහැ. අඹ ඇටය පැළ කරන විට අඹ පැළය ලැබෙනවා සේ දරුවන් කුමන අතකට යවනවාද කිය මා පියන් තීරණය කළ යුතුයි.

කුඩා දරුවන් විවිධ අයට බලා ගන්න දී මව රැකියාවට යාම විශාල ප්‍රශ්නය වී තිබෙනවා. විවිධ ආර්ථික ප්‍රශ්න නිසා එලෙස කරන්න වෙනවා. එහෙත් කුඩා කල දී දරුවන් නොමඟ ගියහොත් ඔබ උපයන මුදල්වලින් පලක් නැහැ.

දරුවන් රැකබලා ගන්නා මව්වරුන්ට නිවසේ සිටින මවුවරුන්ට වේතනයක් ගෙවිය යුතු යැයි දෙවැනි ජුවාන් පාවුළු පාප් වහන්සේ වරෙක යෝජනා කර තිබෙනවා. මමත් ඒ යෝජනාව අනුමත කරනවා.

වර්තමානයේ දරුවන් අවශ්‍ය නැතැයි කියන සමාජ නිර්මාණය වෙලා. මානව හිමිකම් පිළිබඳ මහ ඉහළින් කතා කරන ඇතැම් රටවල ද දරුවන් කරදරයක් යන මතයේ සිටීම පුදුමයට කරුණක් යැයි ද කාදිනල්තුමෝ පැවසූහ.
මෙම අවස්ථාවට ලක්ෂ සංඛ්‍යාත බැතිමත්හු සහභාගි වී සිටියහ.

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (5)

දයාව කරුණාව වැරැදි විදියට අර්ථ කථනය කිරීමෙන් ලාංකික සමාජයට අහිතකර බලපෑමක් වෙලා

Janahitha Friday, 17 August 2018 09:44 AM

දයාවක්, කරුණාවක් ඇති කෙනෙක් එය කිව්වා නම් ජනතාව පිළිගනිවි. බොරු දෙඩවිලි නොකර උන්නා නම් නම්බුව රැකගන්න තිබුණා..

:       3       119

Adam Friday, 17 August 2018 09:45 AM

දයාව, කරුණාව වැඩිවෙලා වෙන්න ඇති අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ටික හොරා කෑවේ. ගහන්න පුළුවන් තරම් බදු ගහන්නත් දයාව, කරුණාව වැඩිකමට වෙන්න ඇති නේද? මෙයා මේ නරිවාදම් කියන්නේ අපේ කොල්ලෝ ටික දිවි පුදලා රට කොටියාගෙන් බේරාගත්තු නිසා එහෙම නොවෙන්න මෙයා ඒ කාලේ හිටියා නම් රටේ ඉතුරු වෙන්න දෙයක් නැහැ.

:       3       130

Raveendra Saturday, 18 August 2018 03:41 PM

මේ බයිලා අසනවිට අපගේ මතකය දිව යනවා " බටලන්ද තිබුනාවූ රජයේ වඩුමඩුව."

:       0       58

de silva Tuesday, 21 August 2018 08:14 AM

බුදු දහම අදහන කෙනෙකු වුණත් මම මැල්කම් රන්ජිත් කාදිනල් තුමාගේ ප්‍රතිපත්ති වලට ගරු කරනවා , නමුත් කාදිනල් තුමනි ඔය ප්‍රතිපත්තියක් නැති දේශපාලකයෝ එක්ක වැඩිපුර ආශ්‍රයට ගියොත් ඉදිරියට ඔබතුමාගේ කිර්ති නාමය සම්පුර්ණයෙන්ම නැති වෙලා උනොත් එක්ක ඔබතුමාත් ඉතිහාසයේ කුණු කුඩයට වැටෙනවා

:       0       0

ලකිත් ශ්‍යාමන් Tuesday, 21 August 2018 08:40 AM

එල්ටීටීඊ, ජවිපේ වගේ තස්ත්‍රවාදයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් රට අල්ලා ගැනීමට කැස කැවූ සංවිධානවලට සහය දක්වන අයට අගමැතිතුමා කියන කාරුණු වහ කදුරු වගේ වෙන්න ඇති. ඒත් මේ රටේ සෑම පුරවැසියෙකුටම අභිමානයෙන් යුතුව ජීවත්වීමට අවැසි වට පිටාව තනන්නට හැකියාව ඇත්තේ ඔබතුමාට පමණයි. ඒ සදහා මඩු මෑණියන්ගේ පිහිට ආශිර්වාදයද ඔබතුමාට නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site