(රොමේෂ් මධුෂංඛ)
දකුණේ ඇතැම් බලවේග හා දේශපාලනය තුළින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම් නොලැබුණද අයිතිවාසිකම් ලබා ගැනීමේ අරමුණින් දෙමළ තරුණයින් යළිත් වරක් අවි ආයුධ අතට ගැනීමට සැරසෙන්නේ නම් එය මුරුංගා අත්තක නැඟීමට වඩා වෙනසක් නැති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා පවසයි.
“පොදු අරමුණු ඉටු නොවන අවස්ථාවලදී ඒ වෙනුවෙන් කෙටි කලක් බලා සිට පසුව එම අරමුණු සපල කරගැනීම සඳහා අවි අතට ගැනීම ඉතිහාසය පුරාම ලංකාව තුළ දැකිය හැකි කරුණක් වුවත් උතුරේ හෝ දකුණේ ආයුධවලින් සන්නද්ධවූවන්ට ලබාගත හැකිවූ කිසිඳු ජයග්‍රහණයක් නැහැ. විසඳුම් වෙනුවෙන් දමිළ තරුණයින් ආයුධ අතට ගන්නේ නම් එය මුරුංගා අත්තක නැගීමක් වැනි නිෂ්ඵල ක්‍රියාවක්
එමෙන්ම රජය ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන බවට වූ පොරොන්දුව ඉටුනොවන තත්ත්වයක් තවමත් පෙනෙන්නට නොමැති නිසා රජයේ එම ස්ථාවරය වෙනස් නොවීමට ඉඩ නොතබා දෙමළ ප්‍රජාව හා දේශපාලනඥයින් අරගල කළ යුතුයි“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත. කැරලිවලින් ශක්තිමත් වෙන්නේ පාලකයින්මයි. උතුරේ ජනතාව අවිහිංසාවාදීව කරන සටනකට අපේ සහයෝගය දෙනවා. උතුරට ෆෙඩරල් ආණ්ඩුවක් තිබිය යුතුයි. සිවිල් කටයුතු තමන් විසින්ම පාලනය කරන්න හැම පළාතකම ජනයාට අයිතියක් තියෙන්න ඕන. හැමදාම කොළඹට යටත් වෙලා ඉන්න ඕන නැහැ.
රනිල් මහතාට සපෝර්ට් නේද ?
අපිට ලැබුණ, ඒ අයට නොලැබුණු දේ මොකද්ද?
මෙතුමාගේ ප්‍රකාශය නිවැරදිය. එහෙත් කිවයුත්තක්ද ඇත. බලය සහ බඩ ගෝස්තරය වෙනුවෙන් පමණක් කැපවෙන දේශපාලකයන්ගෙන්, විශේෂයෙන් පීඩිත පංතියේ ප්‍රශ්න විසඳෙන්නේ නැත. මේ නිසා ඒ පන්තියේ පීඩනය පුපුරා යාම විනාශකාරී වුණත් පලක් නොවුණත් සිදුවීම වැළක්විය නොහැකි වෙන්නටද පුළුවන.
ඔයගොල්ලෝ නැග්ගොත් මුරුංගා ගහේ... හැබැයි පුතෝ අපි නැග්ගුවොත් කටුඉඹුල් ගහේ.
උතුරු නැගෙනහිරට තියෙන ප්‍රශ්න ටික එහෙම්මම මොණරාගල වගේ පළාත් වලත් තියෙනවා. මේක සිංහල, දෙමළ ප්‍රශ්නයක් නෙමෙයි. ආර්ථික සංවර්ධනය ගැන ප්‍රශ්නයක්. කොළඹ ඉන්න ද්‍රවිඩ අයට ඔය ප්‍රශ්න මොකුත් නෑ.
අපි දැක්කා අවුරුදු 30ක් තිස්සේ මුරුංගා අත්තේ ඉඳන් මුරුංගා කාපු හැටි...
අපිට ඇත්තේ කාබාසිනියාකාර, ආත්මාර්තකාමී හොරුන් පිළිබඳ ප්‍රශ්නයක් මිස ජාතිවාදයක් නෙවෙයි....සියලුදෙනාටම පොදු ප්‍රශ්නය එයයි..
ඔය ටික ඔබ කියන්න තිබුණේ දැනට අවුරුදු 30 කලින්. නමුත් දුටුගැමුණු රජතුමාගේ කාලයෙන් පසුව පස්සේ ටික ටික සිංහලය කව්ද කියන එක උඹලාට අමතකවී ගොස් 1980 ගණන් වන විට සිටි නිවට නියාලු සිංහල නායකයෝ නිසා සිංහල ජාතියම නිවටයි කියලා සිතුවා නේද. අන්න එතනයි වැරැද්ද ගත්තේ. නුඹලා අලුතෙන් හදන ඉතිහාසය නොවෙයි මෙරටේ තිබුන ඉතිහාසය.............
මෙන්න අපේ සිංහල නායකයින් නිවට වෙලා තිබෙන හැටි. දකුණේ විශ්වවිද්‍යාලයකදී සිංහල සිසු පිරිසකගේ අඩම්තේට්‌ටම්වලට උතුරේ දෙමළ සිසුන් ලක්‌වූවා නම් සිදුවන්නේ කුමක්‌ද? එවිට නම් රජයේ බලධාරීන් වහා කලබල වනු ඇත. මේ අවුල ගැන ඉහළ පෙළේ පරීක්‌ෂණද කැඳවනු ඇත. සහජීවන අමාත්‍යාංශය හඬා වැටෙනු ඇත. නමුත් සිදුව ඇත්තේ කුමක්‌ද? වව්නියාවේදී තර්ජනයට ලක්‌වූයේ සිංහල සිසුන්ය.සහජීවනය සිංහල අපෙන් ලැබෙන්නේ නැත. සහජීවනය වෙනුවට අපලනාග දොඩ ගැසෙන්නේ වෛරයයි. කරුණු කාරණා සලකා බලනවිට මේ සංහිඳියාව ඉතා ඉක්‌මනින්ම කුඩුපට්‌ටම් වන බවට ලකුණු තිබේ.සංහිඳියාවපමණක් නොව සංහිඳියාව ගෙනා අයද කුඩුපට්‌ටම් වන බවට ලකුණු තිබේ.
සිංහලේට නෑකම් කියන සිහලුන් අතර සිටින උගත් කියලා පිළිගත්ත විනිසුරුවරයෙක් නීතිය හොඳට දැනගෙන තවත් උඩගෙඩි දෙන්නේ අායෙත් යුද්ධයක් ඇතිකරන්න නෙමේද? වයසත් එක්ක හිතන්න ඕනෑ විදිය නොදන්නවා නම් කියලා දෙන්න පුළුවනි.
එසේනම් ද්‍රවිඩ නායකයින් උතුරු, නැගෙනහිර පළාත්වල මුරුංගා ගස් සිටුවීමෙන් වළකින්න.
දෙමල තරුණයින්ව මුරුංගා අතුවල නග්ගවන්නෙත් මේ අයම නේ...