IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


දෙමළ ජනතාව ජීවත්වෙන්නේ බියෙන් යැයි ශ්‍රීධරන් කියයි

 

(ලක්ෂ්මී ජයකොඩි)

 

 

මෙරට දෙමළ ජනතාව කිසිඳු අනන්‍යතාවයක් නොමැති ජනතාවක් බවට පත්වෙනු ඇතැයි යන බිය මේවනවිට එම ජනතාවගේ හිත්වල ඇතිව තිබේ යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පැවසීය.

 

එමෙන්ම වර්තමානයේ දී දෙමළ ජනතාව යම් බියකින් ජීවත්වන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

 

යාපනය උදයනිලා ක්‍රිඩා සමාජය විසින් සංවිධානය කර තිබුණු ක්‍රිකට් තරගවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

 

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

 

රටේ පවතින තත්ත්වය දෙස සමස්තයක් ලෙස බැලීමේදි රටේ සියලුම ජනතාවට යම් බියකින් ජීවත්වීමේ වතාවරණයක් ඇතිව තිබෙනවා. අද කුමක් වෙයිද? හෙට කුමක් වනු ඇද්ද? අනිද්දා කුමක් වනු ඇද්ද? යන්න සිතා ගැනිමටත් නොහැකිව අපට ජීවත්වීමට සිදුව තිබෙනවා.

 

අපගේ අනන්‍යතාවය නැතිකරගත් ජනතාවක් වශයෙන් හා කිසිඳු අනන්‍යතාවයක් නොමැතිව අනාගතයේ දි කවරෙකු අපව පාලනය කරනු ඇද්දැයි සිතමින් ජීවත්විමට අපට සිදුව  තිබෙනවා. මේ අවස්ථාවේ අප තරුණයින්ගෙන් ඉල්ලා සිටින්නේ අප භුමියේම දෙමළ ජනතාව වශයෙන් අපගේ උරුමයන් අහිමි නොකරගනිමින් අපගේ හැගීම් වලට ගරුත්වය ලබාගත් ජනතාවක් වශයෙන් මේ භූමියේම ජීවත් විය යුතු බවයි.

 

පසුගියදා යාපනය විශ්ව විද්‍යාල සිසුන් විසින් පැවැත්වු මාරාන්තික උපවාසයට පාසල් ශිෂ්‍යයෙක්ද එක්ව තිබුණා. එම ශිෂ්‍යයා උපවාසයට එක්විම පිළිබදව මාධ්‍යවේදියෙක් ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණා.

 

හැඟීම් යන්න තමන්ගේ හදවතින්ම පැමිණිය යුත්තක්. ඒ නිසා උපවසායට එක්වීමට දේමාපියන්ගෙන් ඇසිය යුතුයැයි සිතුවේ නැහැ. මේ අවස්ථාවේ අපේ ජාතිය විනාශ වෙමින් තිබෙනවා. අපගේ උරුමයන් විනාශ වෙමින් තිබෙනවා. එබැවින් මම මේ උපවාසයට එක් වුණා යැයි එම පාසල් ශිෂ්‍යයා උත්තර දී තිබුණා. අපට ඉදිරියේදි තවත් මෙයාකාරයේ කරදර අභියෝග වලට මුහුණදීමට සිදුවනු ඇති. ඒ සියලු අභියෝග වලට නොබියව මුහුණදීමට අප සුදානම්ව සිටිය යුතුයි.

 



අදහස් (1)

දෙමළ ජනතාව ජීවත්වෙන්නේ බියෙන් යැයි ශ්‍රීධරන් කියයි

Bamunuarachchi Wednesday, 20 January 2021 06:23 AM

හැබැයි සිරිදරන් සිංහල ප්‍රදේශවල සිටින දෙමළ ජනතාව කිසිඳු බියක් සැකක් නැතිව ජීවත් වෙනවා. ඔබත් වැඩිපුර ඉන්නේ කොළඹ නේද? ඔබ ඉන්නේ බියෙන්ද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1289 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site