IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දැන් වෙනස පැහැදිලියි - එරාන්

(නිමල කොඩිතුවක්කු)
    
මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය නිරික්ෂණය කිරිමට යාමේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමට එල්ල වු මැර ප‍්‍රහාරය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ නිරික්ෂණ චාරිකාවේදී එල්ල නොවීමෙන්ම රටේ සිදුව ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස පැහැදලි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න මහතා කොළඹදී  අද (19) පැවසීය.


එදා එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන්ට කුණු බිත්තර, තක්කාලි වලින් පහරදි වෙඩි තැබිමට උත්සාහ ගත්තත් ඒකාබද්ධ විපක්ෂය සිදුකළ නිරික්ෂණ චාරිකාවේදී එම මන්ත‍්‍රීවරුන්ට අවශ්‍ය සියලූ පහසුකම් සහ තොරතුරු ලබා දිමට රජය පියවර ගත් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.


වත්මන් රජය රටතුළ සිදුකරන දේශපාලන  සංස්කෘතියේ වෙනස බොහෝ දෙනෙකු රජයේ දුර්වලතාවයක් ලෙස දකින බවත් පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.


‘එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමක් 2014 වසරේදී මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය නිරික්ෂණය කිරිමට ගිය අවස්ථාවේදී  අපිට මැරයන් යොදා පහර දුන්නා. (වීඩියෝ දර්ශන පෙන්වමින්) කුණු බිත්තර වලින් ගැහැවා, තක්කාලි වලින් ගැහුවා. අපිට නොයෙක් වධ හිංසා සිදුකළා.  


අපේ ජීවිත එදා බේරුණේ මාධ්‍යවේදීන් නිර්භීතව ඒ සියල්ලම වීඩියෝ ගත කළ නිසයි. ඒ ගැන අපි මාධ්‍යයට ස්තූති වන්ත වෙනවා. පිස්තෝලයක්  අරගෙන අපිට වෙඩි තියන්න දුවගෙන එද්දිත් නිර්භීත මාධ්‍යය වේදීන් ඒවත් වාර්තා කළා. අපේ ආරක්ෂක  නිළධාරීන් සහ මාධ්‍යවේදීන් නිසා තමයි අද අපි  මෙහෙම ඉන්නේ. අපි රජයේ ඉඳලත්  මේ සිද්ධිය අධිකරණයට ආවේ මේ වසරේදීයි.


එදා මේ රටේ  තිබුණු වාතාවරණය අද තියෙන  වාතාවරණයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්.  පසුගිය සතියේදි විපක්ෂ මන්ත‍්‍රීවරුන්  මත්තල ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක  නිරත වුණා. ඒ අයට රජයෙන්වත් කිසිම පාර්ශවයකින්වත් කිසිදු  බාධාවක් හිරිහැරයක් එල්ල වුණේ නැහැ. 


ඒ අයට ඕන තැනක  යන්න රජයේ නිළධාරින් මුන ගැහෙන්න ප‍්‍රශ්න  කරන්න, තොරතුරු දැන ගැනීමට අයිතිය යන මේ සියල්ලක්ම  අපේ රජය ලබාදිලා තියෙනවා. මොකද අපි මේ රටේ දේශපාලන  සංස්කෘතියේ වෙනසක් සිදුකරමින් සිටිනවා. හුඟක් අය මේක දකින්නේ අපේ දුර්වල කමක් හැටියටයි. නමුත් මේක  අපේ දුර්වල කමක් නෙමෙයි. 

 

ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (1)

දැන් වෙනස පැහැදිලියි - එරාන්

Senarath Thursday, 19 July 2018 10:16 AM

වෙනස බොහොම පැහෙදිලි. ඩොලරය රුපියල් 132 ට තිබුණු එක දැන් 162, ඉතිහාසේ පළමු වතාවට පොල් පිටරටින් ගෙනාව, වී අතිරික්තයක් තිබුණු රටේ දැන් හාලුත් පිටරටින් ගෙනෙනවා , ඉඩම් ලියාපදිංචි කිරීමේ ගාස්තුව දෙගුණ කලා, විවාහයක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව 10 ගුණයකින් වැඩිකලා, ඇමතිලා මන්ත්‍රිලා හොදට බෙදාගත්තා, මේ වෙනස බොහොම පැහැදිලියි.

:       0       45

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 794 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site