(මුදිතා දයානන්ද)
එක මංකොල්ලකරුවෙක් වෙනුවට තවත් මංකොල්ලකරුවෙක් බලයට ගෙනත් මේ ආර්ථික කඩාවැටීම ගොඩ ගන්න බැහැ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා අද (02) පැවසීය.
දිසානායක මහතා මේ බව පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී වන අතර ඔහු තවදුරටත් මෙසේද පැවසීය.
දැන් ආණ්ඩුවට ගණන් උගන්වන්නත් සිදුවෙලා. දුම්රිය ගාස්තු වැඩිවෙන්නේ සියයට පහළොවකින් කියලයි ආණ්ඩුව කිව්වේ. ඒත් සමහර ගමනාන්තයන් සඳහා ගාස්තුව වැඩිවී තිබෙන්නේ සියයට තිස්පහකින් හතළිහකින් වගේ ඉතා විශාල ප‍්‍රතිශතයකින්. වැඩිවෙල මිල ගණන් හරියට කියාගන්න වත් බැරි අර්බුදයක ආණ්ඩුව පත්ව තිබෙනවා. සියලූම අත්‍යවශ්‍ය භාණ්ඩ ඉහළ ගිහින්.
ජීවන වියදමට සරිලන ලෙස ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කරනවා, ජනතාවගේ හිස් සාක්කු පුරවනවා, තරුණ තරුණියන්ට රැකියා දශ ලක්‍ෂයක් දෙනවා, කියලා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා එදා කිව්වා. එක්සත් ජාතික පක්‍ෂ පාලනයකින් රටේ ආර්ථිකය ගොඩ යනවා කියලා. ඇතැමුන් තුළ තිබුණ මතයත් බොරු කරමින් පසුගිය වසර තුන හමාර තුළ රටේ ආර්ථිකය විනාශයකට ඇද දැම්මා. ආණ්ඩුවට තවදුරටත් රුපියල කඩා වැටීම පාලනය කරගත නොහැකි වී තිබෙනවා. යෝජනා කරන කි‍්‍රයාමාර්ග අසාර්ථක වෙමින් තිබෙනවා. දේශීය ආදායම් පනත මගින් බදු ඉහළ දමා තිබෙනවා.
මෙම ආර්ථික අර්බුදය විසඳන්න ආනයනික භාණ්ඩ සීමා කිරීමට ආණ්ඩුව යෝජනා කරනවා. මන්ත‍්‍රීවරුන්ට වාහන ගෙන්විම නවත්වන්න කතා කරනවා. මේක හරිම හාස්‍යජනක කතාවක්. මැති ඇමතිවරු වාහන අරන් අවුරුදු තුනක් විතර වෙනවා. සතියකට දෙකකට සැරයක් ඔවුන් රට සවාරි යනවා. ජනාධිපතිවරයා පහුගියදා ඔහු නිරත වූ සංචාරයට 63ක පිරිසක් රැගෙන ගියා. මේ විදිහට රටේ නායකයින් විශාල නාස්තිකාර වියදම් කරනවා.
ආණ්ඩුවේ මැති ඇමතිවරු අධි සුඛෝපභෝගී පරිභෝජනවාදී ජීවිතයක් ගත කරමින් ජනතාවට පටි තදකරගන්න කියනවා. ඒක හරියට මහ කකුළුවන් ඇදයට යන ගමන් පොඩි එවුන්ට කෙලින් යන්න උපදෙස් දෙනවා වගේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා වාහන ගන්නේ නැතිව වසර තුනම රට තුලම ඉන්න ඇති
මේ නැස්පත්තියට මග පෑදුවේ නුඹලා.
2015 දී තමනුත් ඇතුළු විවිධ පක්ෂ ගණනාවක් පොරොන්දු , සහතික දීල නොවෙයිද මේ ආණ්ඩුව පත්කළේ. එදා තමුන් ගේ සහාය මේ රජයට නොලැබුණා නම් මොවූන්ට බලයට එන්න ලැබෙන්නේ නැහැ. පසුගිය රජය ගැන කියපු බිලයන දහස් ගණන් වල හොරකම් තවම ඔප්පු කරගන්න බැහැ. ඒ උනාට එදා ෆයිල් පෙන්නමින් කතා කලේ.
මේ නස්පැත්තියට වග කියන්න ඕන මාරුවෙන් මාරුවට අවුරුදු හැත්තෑවක් තිස්සේ මේ දෙගොල්ලන්ටම රට බාර දෙන අපිම තමා. විකල්පයක් ගැන හිතුවේ නැත්තම් තව අවුරුදු හැත්තෑවක් ගියත් මේ වලෙන් ගොඩ ඒමක් නෑ.
වෙනසකටත් එක්ක මේ පාර ජවිපෙ එකට කතිරය ගහමු.
2001 පරිවාස ආණ්ඩුව හරහා 17වෙනි සංශෝධනය ගෙන එම 2005 සුනාමි සහන මණ්ඩලය පරාජය කිරීම උතුර, නැගෙනහිර වෙන්කිරීම, සුනාමියෙන් විනාශ වූ දකුණු දුම්රිය මාර්ගය දින 57න් නිම කිරීම, 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති කිරීම, ශ්‍රීලංකා කාරයෝ කකුලෙන් අදිද්දී මේ සියල්ල කලේ ජවිපෙ විපක්ෂයේ සිටයි... තව බොහෝ දේ ඇත.