IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


තෙල්දෙණියේ සිද්ධියට සම්බන්ධ පොහොට්ටු මන්ත්‍රීන්ගේ නම් රටට හෙළිකරන්නැයි පොලීසියෙන් ඉල්ලනවා

(මුදිතා දයානන්ද)

තෙල්දෙණියේ සිදුවීමට සම්බන්ධ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නම් රටට හෙළි කරන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටින්නේ යැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (26) පැවැසීය. 

රණවක මහතා මෙසේ පැවැසූවේ බත්තරමුල්ල ජාතික හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ රණවක මහතා මෙසේ ද පැවැසීය.

“තෙල්දෙණියේ පසුගිය දිනවල ඇති වූ කලබලවලට ජාතික හෙළ උරුමය සම්බන්ධ බවට චෝදනා එල්ල වුණා. එහෙත් පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා අපේ කිසිම සම්බන්ධයක් නැති බව. මියගිය තරුණයාගේ නිවසේදී පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිංහල ජනතාව කුපිත කරන ආකාරයෙන් කතා කළ ආකාරය හෙළි වී තිබෙනවා. ආරක්ෂක කැමරා දර්ශන අනුව අත්අඩංගුවට ගත් හා අත්අඩංගුවට ගැනීමට නියමිත අය අතර ඉන්නේ පොහොට්ටු පක්ෂයේ අය බව දැන් හෙළි වෙලා තිබෙනවා.

අපි පොලිසියෙන් ඉල්ලා සිටිනවා මේ නම් හෙළි කරන ලෙස. ඉතිහාසයේදී අත්වල ලේ තවරාගත් පොහොට්ටු පක්ෂයේ අය දැන් සුද්ධවන්තයන් වගේ අනෙක් අය මත වැරැදි පටවන්න හදනවා. රාජපක්ෂගේ අසූචි වළේ ලැගගෙන අනෙක් අයට අසූචි ගහන්න හදපු අයට දැන් ඒ අසූචිම වළඳන්න සිදුවෙලා. 

මේ සිදුවීමේදී අපි සත්‍ය සිදුවීම රටට හෙළි කළා වගේම මේ භීෂණයන් නිසා විපතට පත්වූවන්ට පිහිටවීමයි අපි කළේ. තමන්ගේ ලේ තැවරුණ ටයි කෝට්වලට උඩින් සිල් රෙදි ඇඳගන්න දරන උත්සාහයක් තමයි මේ අය මේ පෙන්නුවේ. අපේ අත්වල ලේ නැහැ. අපි කාලවතුක්කු ප්‍රහාර එල්ල වුණ යුද සමයේදීත් ඒවාට එරෙහිව අහිංසාවාදීව කටයුතු කළ පක්ෂයක්. අපේ පොත පතවලින් තමයි මේ ජාතිවාදය ඇවිස්සුණේ කියලත් කියලා තිබෙනවා. ඒක වැරැදියි. අපේ ඒ පොත්වල සටහන් කරලා තියෙන්නේ ලෝක මට්ටමෙන් සිදුවන අයිඑස් කැරලිකරුවන් සිදුකළ බෙදුම්වාදය ගැනයි. මේ රටේ මුස්ලිම් ජනතාව නිදහස ලැබුණ දා සිටම බෙදී වෙන් වී යාම වෙනුවට එක්ව සිටීම පිළිගත් ජනතාවක්. ඒ නිසා තමයි අද ඔවුන් සමාජීය වශයෙන් වගේම ආගමික හා ආර්ථිකමය වශයෙන් අත්පත් කරගත් දියුණුව ලබාගෙන තිබෙන්නේ” යැයි ද කීය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ. 

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පරණවිතාන මහතා හා රණවක මහතා මෙසේ පිළිතුරු දුන්හ.

ප්‍රශ්නය - ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංගය අගමැතිට එරෙහිව ගෙනාවත් එය ගෙන ආ යුත්තේ ආණ්ඩුවට එරෙහිව බවට එක්සත් ජාතික පක්ෂය කියනවා. මොකක් ද මේ ගැන අදහස?

රණවක මහතා - මේ ගෙනත් තිබෙන විශ්වාසභංගය මහ බැංකු බැඳුම්කර සිදුවීමට සම්බන්ධ චෝදනා ඇතුළත් එකක්. අපිත් ඉන්නවා බැඳුම්කර වංචාව නිසා රජයට විශාල පාඩුවක් වුණා වගේම ආර්ථිකයට විශාල බලපෑමක් වුණා කියන අදහසේ. එයට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට ආණ්ඩුව දැනටමත් පියවර ගෙන තිබෙනවා. ඒවාට අදාළව නීතිමය පියවර ගන්න අවශ්‍ය අධිකරණ පද්ධතියක් ඇති කරන්නත් දැන් කටයුතු කරමින් යනවා. නමුත් එදා රණවිරුවන් විකුණලා මිග් යානා ගන්න කියලා ඩොලර් මිලියන 6.8ක් වංචා කරපු තවත් එවැනි වංචා රැසක් සිදුකළ අය ගේන යෝජනාවලට අපේ කිසිම සහයෝගයක් නැහැ. ආණ්ඩුවට තවමත් හැදෙන්න ඉඩ තිබෙනවා. රාජපක්ෂලාට අවශ්‍ය ලෙස ආණ්ඩුව අස්ථාවර කරන්න අපි සහාය දෙන්නේ නැහැ.
ආණ්ඩුවේ වෙනසක් විය යුතුයි කියන අදහසේ අපි ඉන්නවා. එසේ නොවුණහොත් මේ ආණ්ඩුවට ඉදිරියට යන්න බැහැ. ඒ නිසා අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා කළ යුතු ප්‍රතිසංස්කරණ ගැන.

ප්‍රශ්නය - අපේ රටේ යුද සමයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවීමට මානව හිමිකම් කොමිසම යෝජනා කර තිබෙනවා. ඒ ගැන ඇයි කතා නැත්තේ?

රණවක මහතා - අපි තමයි මුල සිටම අපේ රටට එරෙහිව මානව හිමිකම් කොමිසම හෝ වෙනත් සංවිධාන ගෙන එන යෝජනාවලට විරුද්ධ වෙලා තිබෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතා 2009 දී බැංකී මූන් මහතා සමඟ අත්සන් කළ ගිවිසුමේ වගවීම ගැන කොන්දේසියක් ඇතුළත් කළා. එයින් තමයි මේ ප්‍රශ්න පටන් ගත්තේ. කොටි ක්‍රස්තවාදී සැකකරුවන් දොළොස්දාහක් මහින්ද රාජපක්ෂ මහතා නිදහස් කළා. එහෙම කරද්දී හමුදාවට එරෙහි චෝදනාවලින් නිදහස් කරගන්න කටයුතු කළේ නැහැ. අපේ රණවිරුවන්ට එරෙහි එවැනි නඩු විභාගයකට අපි කිසිම ඉඩක් දෙන්නේ නැහැ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අදට ගැළපෙන පනතක් ගෙන එන්න අපි දැන් කෙටුම් පතක් සකස් කරමින් සිටිනවා. සයිබර් ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමටත් අප දැන් අධ්‍යයනය කරමින් ඉන්නවා.

පරණවිතාන මහතා - අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුත් අධිකරණයක් මෙරට පිහිටුවීමට කිසිම ඉඩක් නැහැ. 

ප්‍රශ්නය - තෙල් මිල වැඩි කිරීම නිසා ජනතාවට දරන්න බැරි ලෙස බඩු මිල ඉහළ යාමේ අවදානමක් තිබෙනවා නේද?

රණවක මහතා - පසුගිය වසර තුන පුරාම අපි තෙල් මිල වැඩි කරලා නැහැ. තෙල් මිල වැඩි කරලා තිබෙන්නේ ඉන්දියානු තෙල් සමාගමයි. වැඩිපුරම තෙල් පිරවුම්හල් තියෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට. ඒ නිසා අපි බොරු බියක් ඇති කරගත යුතු නැහැ. තෙල් මිල වැඩිවීම ගැන කතා කරන්නේ ඉන්දියානු තෙල් සමාගම හරහා ඉන්දියාවට ලාභ ගලා යනවාට කැමැති අයයි.

 



අදහස් (0)

තෙල්දෙණියේ සිද්ධියට සම්බන්ධ පොහොට්ටු මන්ත්‍රීන්ගේ නම් රටට හෙළිකරන්නැයි පොලීසියෙන් ඉල්ලනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site