IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


තෙල් සහනය නොදී බදුබර පැටවූ ආණ්ඩුව කටයුතු කරන්නේ බොරුවෙන්මයි

(*** මුදිතා දයානන්ද)

කොරෝනා වසංගතය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට ලෝක වෙළඳපොළේ තෙල්මිල අඩුවීමේ සහනයවත් නොදි අසීමිත ලෙස බදු බරක් පටවමින්  සිටින මේ ආණ්ඩුව බොරුවෙන් ඉපදී, බොරුවෙන් ජීවත් වී, බොරුවෙන්ම මිය යන්න හදන ආණ්ඩුවක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (26) පැවසීය.

ඔහු මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී ඔහු මෙසේද පැවසීය.

වසංගත තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය කඩාවැටී පීඩාවට පත්ව සිටිනවා. කර්මාන්ත ක්ෂේත්‍රයේ 360,000කට රැකියා අහිමි වෙනවා. ඉදිකිරිම් ක්ෂේත්‍රයේ 178,000 කට එනම් සියයට විසිපහකට රැකියා අහිමිවීමේ අවදානමක් මතුවී තිබෙනවා. මේ වන විටත් කඩසාප්පු ආදි විවිධ ආයතනවල සේවය කළ ලක්ෂ දෙකකට පමණ රැකියා අහිමිවී තිබෙනවා. මෑන්පවර් ආයතනවලින් ලබාගත් සේවකයින් ඉවත් කර තිබෙනවා. 1,113,000කට රැකියා අහිමිවී තිබෙනවා.

මාස හයට වඩා අඩුවෙන් වැඩකරන ලද බොහෝ දෙනාට රැකියා අහිමි වෙලා. සමහර ආයතන සේවක ප්‍රමාණය සියයට පනහක් අඩුකර ඉතිරි කණ්ඩායමටද වැටුපෙන් අඩක් ගෙවීමට තීරණය කර තිබෙනවා. සුළු වෙළඳාමක් කරගෙන යාමේ සිට පවත්වාගෙන යනු ලැබු බොහෝ ව්‍යාපාර කඩාවැටිලා. ඒ ජනතාවට සහන දෙනවා වෙනුවට ඒ ජනතාව තවදුරටත් පීඩාවට පත්කරන බදු පැනවීමක් ආණ්ඩුව සිදුකර තිබෙනවා.

ලෝක තෙල්මිල අඩුවී තිබෙන ආකාරය අනුව බදු අයකරගෙන වුවත් දැන් තිබෙන මිලට වඩා හරි අඩක් අඩුමිලට තෙල් ලබාදෙන්න පුළුවන්. සහනය ලබාදුන්නා නම් ධීවරයාගේ ගොවියාගේ සිට සෑම නිෂ්පාදන ක්ෂේත්‍රයකටම නිෂ්පාදන පිරිවැය අඩුකරන්න බලපානවා. ප්‍රවාහන වියදම අඩුකරන්න බලපානවා. නමුත් එහෙම නොකර ආණ්ඩුව කෙටිකාලයකට තෙල් වෙනුවට සැමන් හා පරිප්පු මිල අඩුකළා. සති දෙකක් යන්න කලින් පාලන මිලත් අහෝසි කරලා ඒවායේ මිල ඉහළ යන්න ඉඩ දුන්නා. දැන් ඒ මතවු බදු වැඩිකරලා ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කරලා. අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක බදු මිල වැඩිකළා. දේශීය නිෂ්පාදන ඉහළ දැමීමට තමයි බදු පැනෙව්වේ කියලා ආණ්ඩුව කියනවා. හැම ආණ්ඩුවක්ම බදු පනවලා කිව්වේ ඔය කතාවම තමයි. හැබැයි අපි පරිප්පු නිෂ්පාදනය කරන්නේ නැහැ. පරිප්පු වෙනුවට කව්පි භාවිතා කරන්න පුළුවන් කියලා කිව්වත් ඒවාත් අපි දැන් ආනයනය කරනවා. දඹුල්ලේ ලොකු ලූනු තවම වගාකරන්න පටන් ගත්තා විතරයි. ඒ නිසා මේ වෙලාවේ බදු පැනවීමෙන් ලොකු ලූනු ගොවියා ආරක්ෂා කරන්න බැහැ. ආණ්ඩුව මේ කරන්නේ තමන් මුහුණ දී තිබෙන ආර්ථික අපහසුතාවයෙන් ගොඩ ඒමට ක්‍රියාමාර්ග ගැනීමයි.

විදුලි බිල ජලබිල පිළිබඳ ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. අප්‍රේල් හා මැයි මාසයේ ජල බිල මිනිස්සු ගෙවල්වලටම වෙලා හිටිය නිසා ඉහළ ගියා. මේ අය බිල ලියද්දී අප්‍රේල් මාසයට බිල පෙර පරිදිම ලියලා එහි වැඩිපුර ගිය ඒකක ප්‍රමාණය මැයි මාසයට එකතු කරලා දරන්න බැරි විශාල බිලක් ජනතාවට ලබාදීලා. විදුලි බිලත් ඒ ආකාරයටමයි කර තිබෙන්නේ.

කොරෝනා මර්දනයට තමන්ගේ ජීවිතය පරදුවට තබා වැඩකරපු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වැඩකරන ජනතාව දැන් පාරට බැහැලා තමන්ගේ වැඩකරපු ප්‍රමාණයටවත් ගෙවලා නැහැ කියලා උද්ඝෝෂණ කරනවා. ආණ්ඩුව ඒකත් වංචා කරලා. ජනතාවට දිය යුතු දේ ගෙවන්නේ නැතිව ජනතාව මත බදුබර පටවන්න තීරණය කරනවා. ඒ කැබිනට් මණ්ඩලයම ලක්ෂ අසූදාහකට පිට්ටනි හදන්න තීරණය කරනවා. ඒ කැබිනට් මණ්ඩලයම වාහන ගෙන්වන්න ලක්ෂ තුන්දාහක් වෙන්කරන්න තීරණය කරනවා. පාරවල් හදන්න තීරණය කරනවා. ඩොලර් මිලියන තිස්පහක් යොදා අධිවේගී මාර්ග හදන්න තීරණය කරනවා. විශාල ඉදිකිරීම් කියන්නේ විශාල කොමිස්, විශාල ගසාකෑම්. ආණ්ඩුව කොරෝනා අතරේත් ගසාකෑම හොඳින්ම කරගෙන යනවා.

එහිදි අදහස් දැක්වූ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසීය.

ද ෆිනෑන්ස් ආයතනය රජයට පවරා ගත්තා 2010දි. එසේ පවරා ගන්නා විට එය බිලියන තිහකට අධික තැන්පත් තිබුණ ලාභ ලැබූ ආයතනයක්. රජයට පවරා ගත් පසු මහබැංකුවේ නියාමනයට යටත්ව රජයන් පත්කළ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් පාලනය කළ එම  ආයතනය පසුගිය විසිදෙවැනිදා වසා දැම්මා. කොරෝනාවෙන් පීඩාවට පත්වෙලා ඉන්න ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් තමයි ආණ්ඩුව කරලා තියෙන්නේ. ආණ්ඩුව මේකට හේතු දැක්වීමක් වත් කරන්නේ නැහැ. ජනතාවට සහනයක් දෙන්න ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි. මූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරනවා වෙනුවට ඒවා වසා දැමීමේ ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කිරීම ඉතාමත් භයානකයි.

විදේශ රටවල සේවය කළ ජනතාව මෙරටට ගෙන්වා ගෙන නිරෝධායනයට ලක්කර නිවෙස්වලට යොමු කිරීමේ වැඩපිළිවෙළක් රජය මුල්කාලයේ අනුගමනය කළා. ඒක ඉතාමත් හොඳයි. තවත් විශාල පිරිසක් ලංකාවට එන්න බලාගෙන ඉන්නවා. ඔවුන් ලංකාවට එන්න උත්සාහ කරන්නේ ඒ රටවල සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අපහසුතාව හා රස්සා නැතිවීමෙන් ගෙවල් කුලීවත් ගෙවාගන්න වත්කමක් නැතිවීම වැනි කාරණා නිසයි. එහෙත් දැන් මේ අය ගෙන්වීමේ ක්‍රියාවලිය නැවතිලා. තානාපති කාර්යාල නිලධාරින් පවා ආණ්ඩුව අසරණ කරලා. මේ අයත් අපේ රටට විදේශ විනිමය එවන අපේ රටේම ජනතාවගෙන් කොටසක් බව අමතක නොකරන ලෙස ආණ්ඩුවට අපි පෙන්වා දෙන්න කැමතියි.

එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට දිසානායක මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

ප්‍රශ්නය - මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද මතුවී තිබෙන තත්ත්වය ගැන ජවිපෙ අදහස?
පිළිතුර - ආණ්ඩුව හැදුවේ ජනතාව නිවෙස්වලම හිරවී සිටියදි ඡන්දේ පවත්වා මැතිවරණය දිනාගන්නයි. එහෙත් මැතිවරණ කොමිසම පවසන්නේ රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වි මාස දෙකහමාරක්වත් ගත වනතුරු මැතිවරණය පැවැත්විය නොහැකි බවයි. අපි ජවිපෙ ලෙස මැතිවරණයට සූදානම්. එහෙත් අද රටේ පවතින තත්ත්වය හමුවේ ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් නොකර ඉතා විශාල මුදලක් මැතිවරණයක් වෙනුවෙන් වැය කිරීම සුදුසු නැති බවයි අපේ හැඟීම.



අදහස් (2)

තෙල් සහනය නොදී බදුබර පැටවූ ආණ්ඩුව කටයුතු කරන්නේ බොරුවෙන්මයි

Ratna P Friday, 29 May 2020 01:28 AM

3%ක් ගත්ත මෙයා කොච්චර හරි හිස් කලගෙඩියක් වගේ හෙලවෙනවා.

:       0       0

mp Friday, 29 May 2020 06:13 AM

මොලයේ තියෙන්න මැටිනේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 814 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 945 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1199 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7419 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 895 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 385 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1126 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site