IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


’තාරුණ්‍යයේ අනාගතය වෙනුවෙන් රජය කටයුතු කරනවා’-අගමැති

 

(අංජුල මහික වීරරත්න ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
 
ශ්‍රී ලාංකික තරුණ පරපුර සඳහා රජය ලබාදුන් රුපියල් කෝටි 45 ක මුදල ප්‍රයෝජනයට ගෙන ඔවුන් රුපියල් කෝටි 100 කට අධික වැඩ කොටසක් රටට දායාද කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තරුණු ශ්‍රම ශක්ති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ඇගයීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අද (09) කොළඹදී පැවසීය. 

තරුණ පරපුර එකතු වී ගම දියුණු කරන විට රජය තරුණ පරපුරට රැකියා පුහුණුව ලබා දී තාරුණ්‍යයේ දියුණුව සලසන බව කී අග්‍රාමාත්‍යවරයා කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය මෙන්ම කෘෂිකර්මාන්තය දියුණු කළ විට එහි ඵල නෙලා ගැනීම තරුණ පුරපුරට බාර කරන බව ද පැවසීය. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ  “යූත් විත් ටැලන්ට් 2017” තුරුණු ශ්‍රම ශක්ති ප්‍රජා සංවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් ඇගයීමේ උත්සවයේදිය. 

ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය, යොවුන් පාර්ලිමේන්තුව සහ අයිටීඑන් නාලිකාව එක්ව මෙම වැඩසටහන සංවිධාන කළේය. 

මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පිහිටි ගම් තුන් දහසක ප්‍රජාමූල ව්‍යාපෘති 3000 ක් ඉදිකෙරිණි. එක් ව්‍යාපෘතියක් සඳහා ජාතික තරුණ සේවා සභාවෙන් රුපියල් 150,000 ක මුදලක් ලබා දී ඇති අතර එයින් ලක්‍ෂ 300,000 කට අධික වටිනාකමක් ඇති ව්‍යාපෘති සිදු කර තිබේ. 

මේ යටතේ ප්‍රථම ස්ථානය කුරුණෑගල, ගල්ගමුව  “සිංහලේ අපි” යෞවන සමාජය ඉදිකළ පානීය ජල ව්‍යාපෘතියට හිමි වූ අතර ඒ වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක් ත්‍යාග වශයෙන් හිමි විය. දෙවැනි ස්ථානය නුවරඑළිය, වලපනේ  “රෙඩ් හාට්ස්” යෞවන සමාජය ඉදිකළ බුද්ධ මන්දිරය, මගී ආවරණ සහ දුගී පවුලක් වෙනුවෙන් නිවසක වහලය පිළිසකර කර දීම සඳහාත්, තුන් වන ස්ථානය මාතලේ විල්ගමුව “සත්සර” යෞවන සමාජය විසින් කළ දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහාත් හිමිවිය.



අදහස් (1)

’තාරුණ්‍යයේ අනාගතය වෙනුවෙන් රජය කටයුතු කරනවා’-අගමැති

Bamunuarachchi Wednesday, 11 April 2018 03:00 PM

අම්මට සිරි ! මෙයා නින්දෙන් ඇහැරිලා වගෙයි. කව්ද අර හාදයා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site