(ඩයනා උදයංගනී)
මනාප ක‍්‍රමය අහෝසි වන නව මැතිවරණ ක‍්‍රමවේදයක් හඳුන්වාදීම හොඳ දෙයක් වුවත් පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය සඳහා තිබූ 40 %ක අනිවාර්ය ප‍්‍රතිශතය අහිමිවීම හොඳ දෙයක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
එම හිමිකම රැකගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණ සටන් කළත් අන් කිසිදු දේශපාලන පක්‍ෂයක් සහය නොවීම ගැන කණගාටු වන බවත් ඒ සම්බන්ධයෙන් එම පක්‍ෂවල තරුණ සංවිධාන නියෝජිතයින් සිතා බැලිය යුතු බවත් බණ්ඩාර මහතා කියයි.
එසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පළාත් පාලන නාම යෝජනා ලැයිස්තු තුළ අවම වශයෙන් 30%ක තරුණ නියෝජනයක් ලබාදීම අනිවාර්ය කිරීමට ජනාධිපතිතුමා පොරොන්දු වී ඇති බැවින් පක්‍ෂයේ තරුණ අපේක්‍ෂකයන්ට අසාධාරණයක් නොවන බව ද ඔහු ප්‍රකාශ කරයි.
පසුගිය කාලයේ රටේ සිදු වූ වංචා දූෂණ සම්බන්ධයෙන් මෙන්ම සිදුවන වංචා දූෂණ සම්බන්ධයෙන් මේ වන විට අපක්‍ෂපාතී පරීක්‍ෂණ ආරම්භ වී තිබීම පිරිසිදු රාජ්‍ය පාලනයක පෙරනිමිති පහළවීමක් ලෙස දකින බව ද බණ්ඩාර මහතා පවසයි.
බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තරුණ නියෝජනය අඩු කිරීම හොඳ දෙයක් නොවෙයි