(දයාරත්න ඇඹෝගම)
තර්ජනය කිරීම නිසා හෝ මහ පාරේ වැතිරීම නිසා හෝ රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීමටවත් ආණ්ඩුව වෙනස් කිරීමටවත් ඉඩ නොලැබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, වාරි මාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර හොරොව්පතාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි. හොරොව්පතාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක වීරකුමාර දිසානායක මහතා සංවිධානය කළ මෙම බල මණ්ඩල රැස්වීම කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී අද (28) පැවැත්විණි.
එහිදී අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙසේ පැවසීය.
‘විමල් වීරවංශ මහතා ඇතුළු තවත් බොහෝ දෙනෙකු 5 වැනි දා කොළඹ වටලනවා. කියලා කථා කරනවා. වටලන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. විමල්ට කොළඹ වටලන්න බෑ. වටලන්න එන්න හදන අයටත් මතක් කරන්නේ කොළඹ බලලා ගියාට කමක් නෑ. හැබැයි මේ රටේ දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ ව්‍යවස්ථාවක් එක්ක. ජනාධිපතිවරයෙක්ට ඉන්න පුළුවන් අවුරුදු ගාණක් තියෙනවා. ඒක වෙනස් කරන්න උද්ඝෝෂණයකට හෝ පා ගමනකට බැහැ. ඒක වෙනස් කරන්න වෙන විදිහක් නෑ.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය පියසිරි විජේනායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ, ජාතික නිදහස් පෙරමුණේ හිටපු මහ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘තර්ජනය හෝ පාරේ වැතිරීමෙන් ආණ්ඩුව වෙනස් කරන්න ඉඩ දෙන්නේ නෑ’
Cisco Wednesday, 29 August 2018 03:39 AM
යෝජිත ඡන්ද නියම වෙලාවට තියන්නේ නැත්නම් වෙන කොහොමද විරෝධය දක්වන්නේ ඇමතිතුමෝ?
Bamunuarachchi Thursday, 30 August 2018 11:46 PM
කොළඹ බලලා ගියාට කමක් නැතිලු. ඔය ගොල්ලොත් කොළඹ ආවේ හෝගානා පොකුණ බලන්න නේද?