IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


තමන්ට එරෙහිව මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව කබීර් කියයි

(නිමල කොඩිතුවක්කු)

තමන් ත්‍රස්ත සංවිධානයක් සමඟ හවුල් බවට පවසමින් මැතිවරණ සමයේ තමන් ඉලක්ක කරගනිමින් දැවැන්ත මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා  කොළඹදී අද (06) පැවසීය.

මේ සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර ගන්නා බවද කබීර් හෂීම් මහතා  සඳහන් කළේය.

කොළඹ 8, ලේක් ඩ්‍රයිව් පිහිටි ඒ  මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව  පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කබිර් හෂීම් මහතා මෙසේද කීය.

        “පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසමේදී දුන් සාක්ෂි අනුව මාධ්‍යයේ මට චෝදනාවක් කරලා තිබුණා. මාස කිහිපයකම සිට කබීර් හෂීම් කියන නම ඉලක්ක කරගෙන එක එක දේවල් අරගෙන මට මඩ ගහනවා.

මුලින්ම ශ්‍රී ලන්කන් ගුවන් ආයතනය අල්ල ගෙන මඩගැහුවා. ඒ වගේම බැදුම්කරය සම්බන්ධයෙන් මට චෝදනා කළා. මට ජනාධිපති කොමිසමෙන් එන්න කිව්වා. මම සාක්ෂි දීලා ආවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මට චෝදනා කරලා තිබෙනවා.

යම් ත්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ ශ්‍රී ලංකාවේදී ආයෝජනය කිරීම සඳහා මුස්ලිම් ඇමැතිවරු දෙන්නෙක් සම්බන්ධ වෙලා තිබෙනවා. ඉන් එක්කෙනෙක් රිෂාඩ් බදියුදීන්. අනෙක් ඇමැති මම කියලා සඳහන් වෙනවා. මම කිසිම ආයෝජනයතක් කරලා නෑ කියලා  මම පැහැදිලිව කියනවා. මම එහෙම සමාගමක් ගැන දන්නේත් නෑ. ඒ කිසිම දේකට සම්බන්ධ වෙලා නෑ.

මම ආයෝජනය කරලා තිබෙනවා ද කියලා අඩු තරමේ අහලා තිබුණානම් මට එවිට උත්තරයක් දෙන්න තිබුණා. මම තරයේ මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම කිසිම ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ මම සම්බන්ධ නෑ. එහෙම කරලා තිබෙනවා කියලා කියනවානම් මම තනතුරු වලින් ඉල්ලා අස් වෙන්න සූදානම්.

සජිත් ප්‍රේමදාස මහතා මගේ ආසනයේ රැස්වීමක් පවත්වන්න තිබියදී තමයි මේ විදිහට පුවත් පතකින් මට ගහන්නේ. මම සජිත් වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. ඒ නිසාම මට හැම පැත්තෙන්ම ගහනවා ඇති. ඒත් අපි අපේ වැඩපිළිවෙළ නවත්වන්නේ නෑ කියා කිව යුතුයි.‘‘ යැයි ඒ මහතා පැවසීය.



අදහස් (6)

තමන්ට එරෙහිව මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව කබීර් කියයි

Bamunuarachchi Sunday, 08 March 2020 02:20 PM

ඔබලගේ සියලු දෙනාම ඔබලා දැනුවත්ව හෝ නොදැනුවත්ව ත්‍රස්ත ක්‍රියාවලියකට සම්බන්ධයි.. .

:       0       0

KumarSunday, 08 March 2020 04:52 PM

කැකිල්ලේ රජ්ජුරුවෝ නැවත ඉපදිලා වගෙයි. බමුණා අන්ත ජාතිවාදියෙක් වගේ පෙනෙන්නේ. හලෝ ඔය ත්‍රස්තවාදීන් පිහිටෙන් තමයි ඔයගොල්ලන් පුදන ජනාධිපති පත්වුනේ. ත්‍රස්තක්‍රියා සිදුවුනේ නැතිව බලයට එන්න ක්‍රමයක් තිබුණේ නැහැ.

:       0       0

BamunuarachchiMonday, 09 March 2020 12:44 AM

මම අන්තවාදියෙක් කීම මට ගෞරවයකි. මම සිංහල අන්තවාදියෙකි... ලෝකයම මුස්ලිම් අන්තවාදයට තල්ලු වී යන බව ලෝකය දිහා බලන කෙනෙකුට පෙනේ. අදාළ ආගම් ගැන විමසිල්ලෙන් බලන කල මේ අන්තවාදය ගැන මැනවින් අවබෝධ කරගත හැකිය. පුදුමය නම් මේ ගැන සිංහල ජනතාව දැනුවත් කිරීමට සිංහල මාධ්‍යම ඉඩ නොදීමයි. තව විදිහකින් අපේම බොටුව අපිම මිරිකා ගැනීමයි. ඒ නිසා මමත් සිංහල අන්තවාදියෙකි.

:       0       0

BamunuarachchiMonday, 09 March 2020 12:53 AM

සිංහල අපට දැන් කිසිම සුළු ජාතික ගෝත්‍රයක බලපෑම් නැති රජයක් තිබීම ඔබට අමාරුවක් බව පෙනේ... දැන් ඔබලාට රට දෙකඩ කිරීම්, බල ප්‍රදේශ ඉල්ලා රජයට කේවල් කිරීමට නොහැකිය. දැන් ඔබලා නිකම්ම නිකන් සුළු ජාතියක් පමණි. සිංහලයාගේ අනාගතය ගැන සිතන සෑම සිංහලයෙක්ම සිංහල ජාතිවාදියෙක් විය යුතුය. එසේ නොවුවහොත් බොහොම කෙටිකාලයකින් මේ රටේ ශරියා නීතියට යටවනු ඇත. අපි සිංහල...!

:       0       0

Bamunuarachchi Monday, 09 March 2020 12:59 AM

"මහ මැතිවරණයේදී ආසන 20ක් දිනා ගැනීම අරමුණ බව සම්බන්ධන් කියයි." සිංහලයනි, මේ කියන්නේ කුමක්ද කියා තේරුම් ගන්න. එසේ නම් සිංහලයින්ද සුළු ජාතීන්ගේ බලපෑම්වලට අසුනොවී ජීවත්වීමට නම් ආසන 150වත් බලවත් සිංහල පක්ෂයක් දිනාගත යුතුයි. 75%ක් ජනගහනයක් සිටින සිංහලයින් තම රටේ 2% පන්තියේ පුරවැසියන් වෙනවා. වයිමාටවත් නවත්වන්න බැරිය.

:       0       0

Bamunuarachchi Monday, 09 March 2020 01:13 AM

"කැකිල්ලේ රජ්ජුරුවෝ නැවත ඉපදිලා වගෙයි" උපමාවක් යෙදීමටත් දැනීමක් තිබිය යුතුයි. ඔය උපමාව මෙගේ අදහසට ගැලපෙන්නේ කොහොමද? ඔබේ උපමාව හරියට කොරෝනා වයිරසයක් බළලෙකුගේ ස්වාශනාලයට ඇතුල් කරන්න හදනවා වගේ... ගැලපෙන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site