IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


‘තමන් ගැන අධි තක්සේරුවෙන් සිටීමෙන් දේශපාලනඥයකු විනාශ වෙනවා’

(ජේ කේ එල් චාමින්ද)


දේශපාලන ක්ෂේත‍්‍රයේ ඉහළට යාමට කෙටි මාර්ග සෙවීම හා තමන් පිළිබඳව ඇති අධි තක්සේරුව, දේශපාලනඥයකු විනාශ වීමට බලපාන ප‍්‍රධාන කරුණු දෙක බව දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා  පවසයි.


දේශපාලන ක්ෂේත‍්‍රයේ කාලයක් සකී‍්‍රයව කටයුතු කළ කෙනෙක් හැටියට වර්තමානයේ මහජන නියෝජිතයන් ලෙස කටයුතු කරන අයට තමන්ට ලබාදිය හැකි හොඳම ප‍්‍රායෝගික උපදේශය මෙය බවද  ප‍්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.


ඒ මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා පැවැති ශි‍්‍ර ල.නි.ප ගාල්ල දිස්ති‍්‍රක් සම්මේලනයට සහභාගී වු පළාත් පාලන ආයතනවල නවක මන්තී‍්‍රවරුන් අමතමිනි. 


මෙම රැස්වීම ශි‍්‍ර ල.නි.ප ගාල්ල දිස්ති‍්‍රක් නායක පියසේන ගමගේ මහතා ප‍්‍රමුඛ ආසන සංවිධායකවරුන්ගේ සහභාගිත්වයෙන් ලබුදුවේදී පැවැත්විණි.


තවදුරටත් රැස්ව සිටි පිරිස අමතා අමාත්‍යවරයා මෙසේ පැවසීය. 


ශි‍්‍රලනිප ගෙවී ගිය වසර 67 ක ගමන් මඟ තුළ ඉදිරියට පැමිණියේ දහසකුත් බාධා කම්කටොලූ මැද බවත් එවැනි අර්බුදකාරි අවස්ථාවල පක්ෂය යම් තරමක පසුබෑමකට ලක්වුවද, එය ඉදිරි ජයග‍්‍රහණයන්හි අඩිතාලමක් ලෙස සළකා කටයුතු කිරිම තුළින් ජයග‍්‍රහණ රැසක් උදාකර ගත් බවත් ප‍්‍රකාශ කළේය.


අද පාර්ලිමේන්තුවේ සිටින ශි‍්‍රලනිප මන්ත්‍රීවරුන් සංඛ්‍යාවට වඩා  අඩු ප‍්‍රමාණයක් සිටි අවස්ථා ඉතිහාසයේ තිබු බවත් එය පක්ෂයේ ඉදිරි ගමනට කිසිදු බාධාවක් නොවු අතර වර්තමානයේ පක්ෂය තුළ පවතින අර්බුද හා ගැටුම්කාරි තත්වයන් තුළ  අප පාක්ෂික අන් කවරදාටත් වඩා වැඩියෙන් ස්වයං විනයකින් යුක්තව කටයුතු කිරිමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.
 
 



අදහස් (1)

‘තමන් ගැන අධි තක්සේරුවෙන් සිටීමෙන් දේශපාලනඥයකු විනාශ වෙනවා’

Raveendra Friday, 22 June 2018 07:31 AM

ඔහේ අද මේ පිළිබඳව කතාකළාට අප නම් මේ නිවට, මෝඩ, තමන් පිළිබඳව ඇති අධිතක්සේරුව මෙන්ම උද්දච්චකම, අනිකාට ඇහුන්කම් නොදීම, මම තමා සියල්ල දත් පණ්ඩිතයා යන තුප්පහි හැදියාවන් නිසා මෙය සොදාපාලු වී ඇතිබව දැනගෙන සෑහෙන කාලයක්...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1340 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site