‘එක ඩොලරයක් හෝ තමා වංචා කර ඇත්තනම් හිසට වෙඩි තබා ගන්නා බව පැවසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමා නිවැරදි බව ඔප්පු කිරීමට නම් එය සිදු කිරීමට කාලය එළැඹ ඇති බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.‘
සිය පුතා වන යශෝධ රංගේ බණ්ඩාරගේ රිය අනතුර සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කරන ආකාරයෙන් ඔහුගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි සඳහන් කරමින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගොස් නැවත පැමිණෙ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අමාත්‍යවරයා කරන මුල්‍ය වංචා චෝදනාව පිළිබඳව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
‘මහින්ද රාජපක්ෂ මහතා චීන් සංචාරයකදී කිව්වා එක ඩොලරයක් හරි සම්බන්ධයෙන් ඔහු වංචා කරලා ඇති බවට ඔප්පු කළොත් හිසට වෙඩි තියා ගෙන මැරෙනවා කියලා.මෙය පළ වුණේ ලංකාවේ පුවත්පතක නොවයි. ලංකාවේ පුවත් පතකපළ වුණා නම් කියන්න තිබුණා මාධ්‍ය කරපු කූඨ සෙල්ලමක් කියලා.නමුත් මේක කියලා තිබුණේ ඇමෙරිකාවේ පත්තරයක.එයාලට අවශ්‍යතාවක් නෑ මේ මූල්‍ය වංචාවක් ගැන කතාකරන්න. එහෙම නෑනේ.එහෙනම් පැහැදිළි වෙනවා චීනයත් එක්ක එකතුවෙලා කරපු ඩීල් එකෙන් ලංකාවේ මුදල් අව භාවිත කළා කියලා.එය ඉතා පැහැදිලියි. රාජපක්ෂ මහත්තයා ඊට පිළිතුරු දෙන්න නම් වෙඩි තියාගන්නම ඕනි.ඒකෙන් තමයි සමාජයට ඔහු සත්‍ය පුද්ගලයෙක් වෙන්නේ‘ යනුවෙනි.
එහිදී සිය පුතා වන යශෝධ රංගේ බණ්ඩාර සම්බන්ධයෙන් මේ වන විට පැන නැඟි ඇති ගැටළු පිළිබඳ අදස් දැක්වු අමාතවරයා සඳහන් කළේ කිසි විටෙකත් සියා පුතා රජයේ දේපොළ අවභාවිත නොකළ බවත් ඔහුගේ රාජකාරී වාහනය මෙලෙස අනතුරුට පත්වු ඇති බවත්ය. එසේ වී තිබියදිත් ඔහු තමාගේ පුතා වීම නිසා පොලීසිය වෙනත්ම අයුරකින් මේ කරුණ සම්බන්ධයෙන් කටයුතු කරන බවද චෝදනා කළේය. එසේම මේ සිද්ධියේදී අධිකරණය දෙනු ලබන තීන්දුවකට හිස නමා ආචාර කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

(වීඩියෝ සහ ඡායාරූප - ලහිරු හර්ෂණ)
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේද කියන්නේ...? සුදුරෙදිවලින් වහගෙන යස අගේට කතාව නේද? තැඹිලි වතුරත් උණු කරලා නිවලා වොඩ්කා බෝතලේ දාගෙන යන කෙනෙක් කියන බයිලා..
අනුන්ගේ රෙදි සෝදසෝදා ඉන්නේ නැතිව තමන්ගේ කිළුටු වෙච්ච, අසුචිවලින් නාගත්ත රෙදි ටික හෝදගත්තා නම් හොඳයි නේද?
අනුන්ගේ කුණු ගැන සොයා බලන්නේ... තමන්ගේ කුණු ගොඩ වසා තබන්නේ.... වොඩ්ක බෝතලේ වතුර තිබෙන්නේ.... රංගයා බොරුවට රඟමින් ඉන්නේ....
මහින්ද හොඳ බව අපි නැත කිව්වේ... වොඩ්ක බෝතලේ වතුරණේ කිව්වේ... රංගයා මේ බව ලංකාවම කිව්වේ... ලබන සැරේ අනේ ඇඩ්රස් නැහැනේ....
හොරු කොහොමත් කියන්නේ ඔයවගේ කතා... ලංකාවේ නීතිය ක්‍රියපිළිවෙල දන්නා නිසා මහින්ද දන්නවා. හොරෙන්. කෑවට. අල්ලන්න අමාරුයි කියල නම ගිය හොරුන්ගේ ෆයිල් හංගපු කෙනෙක්... කෝ ඔප්පු වුනාද?
මහින්ද ගැන කියපු කතාවලට රැවටුණු ජනතාව අද පසුතැවෙනවා. ඒ නිසා පොඩි ඡන්දෙන් මහබැංකු හොරුන්ට හොඳ පාඩමක් ඉගැන්නුවා. මහින්ද මේ ආණ්ඩුවේ මහ හොරු වගේ හොරකම් නොකළ බව ජනතාව දන්නවා. අද ජනතාව බලාගෙන ඉන්නේ මහබැංකු හොරුන්ට දෙන දඬුවම දෙස. ඒ දඩුවම් ලැබිය යුත්තේ මහේන්ද්‍රන්ලාට විතරක් නෙමෙයි. ඔවුන්ව ඒ සඳහා උපදෙස් දී පොලඹවපු උදවියටත් එක්කම. එ්කෙන් අද රටේ ආර්ථිකය ආගාධයටම වැටිලා. තමන් නිර්දෝෂී බව පෙන්වන්න වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ ප්‍රබලයන්ටයි. මහින්දට නෙමෙයි.
පුතාට කොහොමද "රාජකාරි වාහනයක් " ලැබෙන්නේ . එයා මන්ත්‍රී කෙනෙක්ද ? එහෙම නැත්නම් විධායක ශ්‍රේණියක කෙනෙක්ද ? නැහැනේ .
අනුන්ගේ නම්බුව ගැන කියන්න කළින් තමන් ගැන හොයාබලන එක තමයි වටින්නේ. කාගෙත් නොම්මරේ රටම දන්නවා.
එ්කට තමා උදයංගට එන්න කියලා තියෙන්නේ මොකද? නිධන් ගන්න බිල්ලක් දෙන්න ඕනේ නැහැ. නිධානේ අරන් ඉවරයි. නමුත් පමාවෙලා හරි බිල්ල දෙන්නම වෙනවා. දැන් ලඟදීම බිල්ල දීලා නිදහස් වෙයි.
ඔන්න නැට්ටේ හිටන් ගොම. ගිහින් හෝදගෙන ආවානම් අනුන්ගේ ඒවා ගැන කතා කොරන්න කලින්. මේ අයට රැවටෙන අය තවත් අපේ රටේ ඉන්නවද හැබෑට. තමන්ගේ රට අවතක්සේරු කරලා අමෙරිකාවේ පත්තරේට කොහේදෝ යන කෙනෙක් ලියපු එකක් ඉහළින්ම පිළිගන්න තරම් මොනතරම් දේශද්‍රෝහීන්ද? අපේ රටේ පිළිගන්න බැරි දේවල් පත්තරේ යනවා නම් ඔය පාර්ලිමේන්තුවේ ඉන්නහොර රැළත් ඒවාට වගකියන්න ඕනෑ. මේ අයගේ මූණවල් පත්තරේක දැක්කම දවසම කාලකන්නි වෙනවා...
ඕක පුත්තලම් බූරුවන්ට නම් කිව්වට කමක් නෑ... මොලේ තියෙන මිනිස්සු වොඩ්කා වතුර කියලා බොන්නේ නෑ................
ඔහෙලගේ ඔය වගේ කතාවලට පිළිතුරු ලියන අපි මෝඩයෝ... ඔය කතාව කියන්න කලින් සමහර විට ඔය ගැන මහින්ද මහතා සමග කතා කරන්නත් ඇති... කැන්ටිමේ එක මෙසේ ඉඳන් තේ බීලා දැන් බොරුවට මෙතන කියවනවා. අපිත් පක්ෂවයි විරුද්ධවයි මෙහෙ ලියලා ලේ පුච්චාගෙන ලියනවා.
දෙසපලුවෝ කවද්ද ඇත්තක් කිව්වේ. බලයට එනකම් කෙරුවේ ජනතාව බොරුවෙන් රවට්ටපු එක..
ආයි වෙන මුකුත් අවශ්‍ය නෑ මේ කමෙන්ට්ස් හොදටම ඇති බඩ කපාගෙන මැරෙන්න රංගෙට
පොලිසියයි දේශපාලනයෙනුයි දෙකෙන්ම රට කන අයයි.