(පාලිත ආරියවංශ)
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උඩින් කාක්කන්ට පියාසර කරන්න පුළුවන්. ඔලුව උඩ ඕන නම් කුඩු හදන්නත් පුලුවන් හැබැයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඔලුව උඩ කුඩු හදලා අසුචි දාන්න ආවොත් එක්සත් ජාතික පක්ෂයේ එවනුන්ට අපි කියනවා අපි නිකම් ඉන්නේ නැහැ. අපි පවුරක් වගේ එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයේ එවුන්ටත් නිසි පාඩම් උගන්වනවා යැයි මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා හාලිඇල අද (13) පැවති ජන හමුවක දී පැවසීය.
දැන් තියන රජය අපිට ටිකක් හුරු නැති රජයක් නයයි මුගටියයි එකතු වෙලා ඉන්නේ. රජයේ ගිය පාර්ලිමේන්තු මැතිවරණය ඉවර වෙනකොට පක්ෂ දෙකෙන් එකකටවත් තනියෙන් ආණ්ඩුවක් පිහිටවන්න මිනිස්සු බලය දුන්නේ නැහැ.
රටේම ඡන්ද ගත්තම යු.එන්.පි එකට 106 යි වැඩි අපිට 95 යි ඒ පාර්ලිමේන්තු මැතිවරණය ඔබට මතකයි මම යු.එන්.පි එක පරද්දන්න වහ කුප්පි අරගෙන ගියා මාධ්‍ය ඉස්සරහට වහ පොවන්න උන්ට. තාම අහනවා සමහර අය. ළගදිත් දාලා තිබුණා කාටුන් එකක් වහ කුප්පිත් එක්ක මාව. මම වහ කුප්පි එන්න නල්ලතන්නනියේ බලන් ඉන්නවා. මම වැඩිපුර ඉන්නේ කාටුන් වල නල්ලතන්නියේනේ. ඔව් මම තාමත් නල්ලතන්නියේ තමයි ඉන්නේ. ඇයි? මම තාමත් හිතනවා නල්ලතන්නියේ ඉදගෙන සිරිපාදේ වදින්න රත්නපුරේන් එන අයයි හැටන් පාරේ එන අයයි එකතු කරලා අපේ පක්ෂය එකතු කරලා යු.එන්.පි පරද්දන්න පුලුවන් කියලා. මම තාමත් හිතනවා. ඒ නිසා මම තාමත් නල්ලතන්නියේ තමයි ඉන්නේ යැයි වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යූඑන්පී එකට ඕන දේ කරකර බොරුවට බුරනවා.
මෙතුමාගේ ආසනය පරාදයි නේද? දන්නේ නැති නිසයි අහන්නේ. මෙයා හැරෙන හැරෙන පැත්තට කතා කරන කෙනෙක්.
මෙයාටද නැත්නම් අපිටද පිස්සු..? අනේ මන්දාෙ
ඔය විදියටම තමයි... අප්පච්චි රජකම් කරන කොටත්. ඔය කට්ටිය කිව්වේ..., තමන්ගේ රාජකාරිය අකුරට කරලා ගෙදරයන්න. ජනාධිපතිට තනියම කඩේ යන්න බැරි කමක් නැහැ. වැඩි ආරක්ෂාව දෙන්න ගියොත් ලොකු විනාශයක් තමයි වෙන්නේ...
ඔබතුමාගේ අසනෙත් පරදයිනේ .. ඔයි ??
ඔව් ප්‍රදීප් පෙරෙරා සජිත් රනිල්ට පෙනෙන්න මුවහමට තඩිබානවා වගේ හැමදාම මහින්දට බනිනවා. මෙයා මහින්දගෙ අනුරපුර රැලිය දැකලා මහින්දට පෙනෙන්න යූඑන්පියට බොරුවට බුරනවා.
පනින රිලව් ඉන්නකන් රට හදන්න බැහැ මෙයත් බොරුවට මිනිස්සු රවට්ටන්න හදන්නෙ.
ලජ්ජා නැතිකම, තමන්ගේ ආසනේ දිනාගන්න බැරි කෙනා,2020 ඇපත් නැ මෙයාට ජාතික ලැයිස්තුවට මේවගේ අය දාන්නේ නැති තරමට එන ඕනෑම ආණ්ඩුවකට යහපතක් වේවි.
දැනට බොරුවට බැනල, හංස පූට්ටු දන්නේ නෑ කියල, ඡන්දෙ මදි උනොත් ආයේ පූට්ටුව දාගෙන ජනතාව කාටවත් වැඩිය දීල නැත්තේ එකතු වෙලා වැඩ කොරන්න නිසා කියයි, එහෙම කියල ජාතික ලැයිස්තුව නමැති "හෙලුවට කඩමාල්ලෙන්" පාර්ලිමේන්තුත් එයි, එකක් කියන්න කැමති ඔබතුමාලා හැමෝටම, ආයේ රැවටෙන්නේ නෑ කියන එක.....!!!
තමන්ගේ ආසනෙත් පරාදවෙලා ලොකු හයියක් තියනකෙනෙක් වගේ තමයි කතාකරන්නේනම්.
නිකන් දොඩවනවා විතරයි. එජාපයේ ඔඩොක්කුවේ සිටින්නෙක්...
ඔයා මේ කැඳවාගෙන ගියේ ස්වර්ග රාජ්‍යයටද? කියන්න අයියා කියන්න.