IMG-LOGO

ජවිපෙ රට අනතුරේ දාලා

(අංජුල මහික වීරරත්න)

ජනතා විමුක්ති පෙරමුණ තම ඡන්දදායකයාට අවංක නම් කළ යුත්තේ 20 වන සංශෝධනය හරහා වත්මන් අගමැති සහ පාර්ලිමේන්තුව තවත් ශක්තිවත් කරනවා වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවාහැර නව රජයක් පත්කර ගැනීමට උපකාර කිරීමකැයි “යුතුකම” සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (3) පැවසීය.

වත්මන් පාර්ලිමේන්තුවට රටේ ජනපති පත් කිරීම සඳහා කිසිදු ජනවරමක් නොමැති බව කී කුමාරතුංග මහතා, 20 වන සංශෝධනය මගින් ජනාධිපති ධුරය බල රහිත කර විධායකය සහ ව්‍යවස්ථාදායකය අනතුරට ඇද දමන බව ද කීය.

කොළඹ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදී මෙම මාධ්‍යහමුව පැවැත්විණි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගෙවිඳු කුමාරතුංග මහතා මෙසේද පැවසීය. 

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අදහස් දැක්වීම අපේ අරමුණයි.
ජනතාව විසින් පත්කරන ජනාධිපති වෙනුවට පාර්ලිමේන්තුවෙන් තෝරන අගමැතිට රටේ නායකත්වය පැවරීම 20 වන සංශෝධනයේ අරමුණයි.

ජනතා විමුක්ති පෙරමුණ අවංක නම් මේ යෝජනාව ඉල්ලා අස්කර ගත යුතුයි.

පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයකින් ජනපති පත්කර ගත යුතු බව 20 වන සංශෝධනයේ කියැවෙනවා. විධායක ජනපති ජනතා ඡන්දයෙන් පත්වීමෙන් ස්ථාවර බවක් තිබූ නිසා අස්ථාවර පාර්ලිමේන්තු තිබියදී හෝ රජය පවත්වාගෙනගොස් තිබෙනවා.

කිසිම පක්ෂයකට තනිව ස්ථාවර රජයක් පිහිටුවීමට නොහැකි මැතිවරණ ක්‍රමයක් තබාගෙන ජනාධිපති ධුරය බල රහිත කිරීම විධායකයට සහ ව්‍යවස්ථාදායකයට යන දෙකටම අනතුරක් බව කිව යුතුයි.

මෙයින් වාසි සැලසෙන්නේ කුඩා ජාතිවාදී කල්ලිවලටයි. මහජන නියෝජිතයන්ට ජනතාවගෙන් සැඟවී ජනපති පත් කිරීමේ විධි විධිවිධානවලට මෙම නව සංශෝධනයෙන් ඉඩ ලැබෙනවා.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක්‍රියාවලිය යටපත්වී ඇති මොහොතක ජනතා විමුක්ති පෙරමුණ මෙම 20 වන සංශෝධනය ගෙන එන්නේ යටපත් කරගත් යෝජිත නව ව්‍යවස්ථාවේ අඩුව පිරවීමටද?

මහ බැංකු හොරකමට සම්බන්ධ අයට පවා මන්ත්‍රීවරුන් මුදලට ගෙන 20 වන සංශෝධනය යටතේ රටේ ජනාධිපති ධුරයට පත් වීමට හැකියාව තිබෙනවා.

පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරන යෝජනාවක් සමග එලෙස පත් කරන්නේ රහසිගත ඡන්දයකින් විය යුතු බවට යෝජනාවක් ඇතුළු කළේ ඇයිදැයි ජනතා විමුක්ති පෙරමුණ රටට හෙළිදරව් කළ යුතුයි.

අපට කිව හැක්කේ මෙය රට අනාථ කරන සංශෝධනයක් බවයි.

වත්මන් පාර්ලිමේන්තුවට ජනපති පත් කිරීමට ජනවරමක් ලැබී නැහැ. දැන් රජයේ තිබෙන අස්ථාවර බව ගැන කියන්නේ අප නොවෙයි. ජනපති කියන කතා ඇසූ විට ඒ බව හොඳින්ම අවබෝධ කරගත හැකියි.

දැන් පවතින්නේ ණයට පවත්වාගෙන යන ජාතික ආණ්ඩුවක්. ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුව මගින් මහ බැංකුවේ වංචාවක් වූ බව රහසක් නොවේ. ඒ සම්බන්ධයෙන් අගමැතිට ගෙන ආ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන් ජනතා විමුක්ති පෙරමුණ දැන් 20 වන සංශෝධනය හරහා අගමැතිවරයා තවත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ රටට පැහැදිලි කළ යුතුයි.

මේ ක්‍රියාවලියෙන් වන්නේ රට සම්පූර්ණයෙන්ම අරාජිකත්වයට පත්වීමයි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දදායකයන්ට අවංක වෙනවා නම් කළ යුත්තේ වත්මන් රජය තවත් ශක්තිමත් කරනවා වෙනුවට රජය වහාම විසුරුවා හැර නව රජයක් පත් කිරීම යැයි ද කීය.

 



අදහස් (12)

ජවිපෙ රට අනතුරේ දාලා

Shan Monday, 04 June 2018 05:56 AM

20 ක්‍රියාත්මක වෙන්නේ පවතින ආණ්ඩු කාලයෙන් පස්සේ කියල තියෙද්දිත් මෙයා කියන බොරු කතා.

:       420       272

kalani Monday, 04 June 2018 06:07 AM

වසර 70ක් පුරාවට අපේ මව්බිම අනතුරේ හෙලා ඇත්තේ කවුරුන්දැයි පැහැදිලි කර නැත. විධායක ජනාධිපතිදුරය අහෝසි කරන්නට සියළුම ප්‍රධාන ධාරාවේ දේශපාලන පුද්ගලයන් ජනතාවට පොරොන්දු දෙද්දී නිහඩව සිටියේ ඇයි ජවිපෙ පොරොන්දුව මතක් කිරීම රට අනතුරේ හෙලීමක්.

:       12       74

ධනුෂ්කMonday, 04 June 2018 05:26 PM

මෙතුමට වැටහෙන්නෑ වගේ මේ ගැන. අනික අතීතය මතකත් නෑ. කිසිම දෙයක් දන්නෙත් නෑ වගේ කතාව. උසස්පෙල දේශපාලන විද්‍යාව කරන කොල්ලකුට කිව්වනම් මෙතුමට මේක පැහැදිලි කරලා දෙයි හොඳට. මෙතුමා හදන්නේ අර අන්ධ භක්තිකයෝ ටික දෙනා නොමග තවත් යවන්න

:       52       31

maheshikaWednesday, 06 June 2018 10:41 PM

උසස්පෙළ දේශපාලනය කරන පොතේ ගුරාලාට වඩා මෙතුමා වයසින් මුහුකුරා ගිය කෙනෙක්. විධායකයේ වටිනාකම තේරුනේ යුද්දේ දිනන්න ඉවහල් වුණ නිසා. අපේ රටේ තව යුද්දයන් තියනවා ජය ගන්න "කුඩු මාෆියාව". ජවිපෙ අනුර කියන්නේ මුහුදෙන් එතෙර වාදනය වෙන පදේකට නටන රූකඩයක්. කොටියට උපදෙස් දීපු තැනින්න්ම තමඊ මිනිහටත් උපදෙස් ලැබෙන්නේ.

:       2       2

Ajith Nissanka Monday, 04 June 2018 01:42 PM

එතකොට ඔය ජනධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා මහින්ද මහත්තයා සංඝරත්නය ඉදිරිපිට ගිවිසුම් අත්සන් කරනකොට ඔය අනතුර දැනුනේ නැද්ද? එකපාරටම තලගොයා කබරගොයා වුණා..!

:       125       65

ධනුෂ්ක Monday, 04 June 2018 05:21 PM

මම හිතන්නේ මේක මෙතුමට තවම වැටහිලා නෑ. නැත්තම් හිතාමතා අන්ධ බක්තිකයන් තවත් නොමග යවන්න හදනවා. මේක කෙටුම්පතක් වැරදි අඩුපාඩු හදලා තමා පනතක් විදියට සම්මත කරගන්නේ. අනික මේ අාණ්ඩුවේ කාලයෙන් පස්සේ. අනික මෙතුමා දන්නෑ ලෝකෙ රටවල් බහුතරයක විධායක ජනාධිපති ධූරය නෙමෙයි තියෙන්නේ කියලා. අර ඉතා සංකීර්ණ බහුවිධ සමාජයක් සහිත ඉන්දියාවෙත් තියෙන්නේ. කැබිනට් අාණ්ඩුවක්.

:       40       1

vajiraWednesday, 06 June 2018 05:22 PM

20 වැනි සංශෝධනය හරියටම මොකද්ද කියල අපි තාම දන්නෙ නෑ තමා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිල්ලක් ගැනනම් නෙමේ දැනට කතාව. මෙය අහෝසි කරනවානම් කළ යුතු මූලිකම දේ 13 සංශෝධනය අහෝසි කිරීමයි. ඉතිහාසය හාරා බැලුවොත් එදා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙ බහුතර මතය වුණෙ විධායක ජනාධිපති ධූරය නිසා තමයි 13න් රට ෆෙඩෙරල් වීම වැළකෙන්නෙ කියල. ජනාධිපති පාර්ලිමේන්තුවෙන් තෝරණවා කියන්නෙ වැඩේ තවත් සංකීර්ණ කරල, රටම කුරුවල් කරන එකයි. රනිල් වගේ කෙනෙකුට ජනාධිපති වෙන්ඩ තියෙන එකම ක්‍රමයත් මෙයයි. 1988/89 විජේවීර සහෝදරයත්, තවත් 60,000කුත් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළේ ඔය දහතුනෙන් රට බෙදෙනව කියලයි. මේ ආණ්ඩුව පනත් කෙටුම්පත් සංශෝධන වලදී දෙන ගේම් අනුව, අපිට හොඳටම තේරෙණව මේ මොකාටද එන්නෙ කියල. පළාත් පාලන පනතට ජවිපෙ අනුග්‍රහයෙන් දුන් ගේමම මදෑ! අද අනුර කුමාරගෙ මැයි දිනයට සුමන්තිරන් එන්නෙත්, එදා විජේවීර සහෝදරයට 13ට පක්ෂ සියල්ලන් දේශද්‍රෝහීන් වෙන්නෙත් මොකද කියල හැමෝම හිතුවොත් හොඳයි. ඉදිරි කාලෙදි ජවිපෙටත්, වික්‍රමභාහු යන ත්‍රීවීල් එකේම යන්ඩ සිද්ධ උණොත් පුදුම විය යුතු නැත.

:       0       1

prakaash Monday, 04 June 2018 11:08 PM

ජ.වී.පෙ. කියන්නේ රනිල්ට ඕන දේ කරන ඇමෙරිකන් ගැති පිරිසක් . අනුර කුමාර ගෙන යන්නේ ඒ න්‍යාය පත්‍රයයි. මෙය අයට නොතේරේ ජ. වී. පෙ. අද ඩොලර්වලට යට වී හමාරයි.

:       1576       1340

Saththaya Tuesday, 05 June 2018 01:27 AM

රටම හුරා කාලා අනතුරේ දැම්ම ඒවා යටගහල කතා කරන්නේ මහජනතාව නූගත් අය කියල හිතාගෙන මන් හිතන්නේ . ඉස්සෙල්ල රටම අනතුරේ දැම්ම අයව ඇතුළට දාල ඉන්න රට බේරා ගන්න ඕනානම් .

:       217       516

sugath Tuesday, 05 June 2018 04:11 AM

මෙයා මෙවැනි කතා කියන්න මෙයාට තිබෙන අයිතිය මොකක්ද? හැමදාම ඉන්න ආණ්ඩුවට බනින එක තමයි කලේ.

:       159       207

Ajith Nissanka Wednesday, 06 June 2018 01:43 AM

ඔවා ඉස්සර ඉදන් ගහපු පරණ තැටි!

:       49       0

kalani Thursday, 07 June 2018 01:24 PM

මහත්වරුනේ, 77න් පසු විධායක ජනාධිපති ක්‍රමය පිලිබඳ අපේ දේශපාලන නායකයින් කියූ කෙරු ඉතිහාසය කියවන්න. 20 වැනි සංසෝධනය ඉදිරිපත් කල යුතුව තිබුනේ රජයයි. මේක ජවිපෙ හැරෙන්නනට වෙන කෙනෙක් ඉදිරිපත් කලානම් ඔය මහත්වරුන්ගේ තර්ක ඥානය වෙනස් මගක් ගන්නවා සිකුරුයි. දේශපාලන කුහකකම් වලින් විතැන්ව නිදහස් මනසකින් හිතන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site