මුදිතා දයානන්ද
ජපන් ආරක්ෂක ඇමැති ලංකාවට ආවේ ආරක්ෂක කටයුතු සම්බන්ධ සොයා බැලීමටයි. ජපන් ආරක්ෂක ඇමැති වගේ ආරක්ෂක ඇමැතිවරයෙක් ලංකාවට පැමිණිම ගැන අපි සතුටු විය යුතු යැයි අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (23) පැවසීය.
සමරසිංහ මහතා මේ බව පැවසූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ජපන් ආරක්ෂක ඇමැති ලංකාවට පැමිණියේ ඇයි දැයි කළ විමසීකට පිළිතුරු දෙමිනි.
එහිදි තවදුරටත් අදහස් දැක්වු සමරසිංහ මහතා මෙසේ ද පැවසීය.
ජපානය කියන්නේ අපේ මිත‍්‍ර රටක්. අපිට විශාල වශයෙන් ආධාර කරපු රටක්. අපේ කොළඹ වරාය සංවර්ධනයට විශාල ආධාර මුදල් ප‍්‍රමාණයක් ජපානය ලබාදී තිබෙනවා. ඒ නිසා ඔවුන්ට අපේ වරායන් නිරික්ෂණය කිරිමේ අයිතියක් තිබෙනවා. ඒ නිසා ඔහු කොළඹ වරාය නිරික්ෂණය කළා. ත‍්‍රිකුණාමල වරාය නිරික්ෂණය කළා.
හම්බන්තොට වරාය නිරික්ෂණය කළා. ඔවුන් එය නිරික්ෂණය කරලා ඉල්ලීමක් කළා කිසිම මිලිටරි කටයුත්තකට මේ වරාය භාවිතා කරන්න ඉඩ දෙන්න එපා කියලා. ඒ වගේම ඔහු ප‍්‍රකාශයක් කර තිබුණා අපේ ගිවිසුමේම එහෙම යොදාගන්න බැරි බවට කොන්දේසි දමා තිබෙන නිසා ගැටුළුවක් නැහැ කියලා.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා

2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ජපන් ආරක්ෂක ඇමැති වගේ ඇමැතිවරයෙක් ලංකාවට පැමිණිම ගැන සතුටුවිය යුතුයි’
sudda Friday, 24 August 2018 10:12 AM
කොන්ද කෙලින් තියාගෙන ශ්‍රී ලාංකිකයෙක් වීම ගැනත් සතුටු වෙන්න.
Raveendra Sunday, 26 August 2018 12:13 AM
දියවන්නා ඔයේ දියබරියන්ට කොහෙන්ද කොඳු..?